“දැකල පුරුදු මූණක් කියල කල්පනා කරද්දි තමා මට මතක් වුණේ” කියමින් වෛද්‍ය වීරබාහු මද සිනාවක් පාද්දී තරංගා ඒ සිනාවටම එක්වුණාය.
එදා වන් ගෝල් ෆේස් මෝල් එකේදි සනුකි මහ හඬින් හඬද්දී, තමන්ට ඇයව නලවගන්නට බැරුව ඉද්දී, වට පිටේ මිනිසුන් බල බල යද්දී, මේධංග තමන්වත් සනුකිවත් අමතක කර දමා තනිවම ගෙදර ගොස්...
සාගර ප්‍රසාද් වීරබාහු ලංකාවට ආවේ අවුරුදු ගණනාවකට පස්සේය. ඒ ඇත්තටම එංගලන්තයේ ජීවිතය එපා වෙච්ච හන්දාය.
“වෙන උන් මේ වගේ රටවල්වලට එන්න මැරෙන වෙලේ උඹ ආපහු ලංකාවට යන්න හදනවා. පිස්සුනෙ බං උඹට” කියා එංගලන්තයේ පදිංචිව උන් මිතුරන් කීවද සාගර ඒ සියල්ලටම උත්තර දුන්නේ සුපුරුදු උපේක්ශාවෙන් ය.
“රට කොච්චර පෝසත් ද, ඩිවලොප් වෙලාද...
“ඩොක්ටර් ශ්‍යාමනී රට ගියයින් පස්සෙ සනූව පෙන්නන්න වෙන හොඳ ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්න වෙයි නේද නංගි?” කියා තරංගා විමසන ගමන් නර්මදා අතේ තිබ්බ තේ කෝප්පයෙන් උගුරක් රස බැලුවාය.
කොහොමත් සති දෙකකට වතාවක්වත් තරංගාවත් සනුකිවත් බලා යන්න ගෙදර වත්තේ වැවෙන එලවලු, පොල්, පලතුරු ආදිය අරගෙන දෙණියායෙ හිඳ කොළඹ එන්න භානුකත් නර්මදාත් අමතක...
තරංගා සනුකිත් එක්ක දෙණියායේ අයියලාගේ ගෙදර ගොස් සති දෙක තුනක් යන්නට කලියෙන් වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න පුලුවන් රස්සාවක් හොයාගන්න සමත් වුණාය. නර්මදා ඒක ගැන කිව්වේ “මේධංග පිටුපෑවට නංගි දිහා දෙයියො බලනවා” කියාය.
“දෙයියො නොබැලුවට කමක් නෑ අක්කෙ, මං දන්නවා මගෙ කෙල්ලට මගෙයි අයියගෙයි අක්කගෙයි බැල්ම වැටෙන බව මොනවා උනත්” කියා...
“මේධංගට දරුවව විතරක් නෙවෙයි අක්කෙ බලද්දි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. මාවත් ප්‍රශ්නයක් වෙලා තියෙනවනෙ. තව කල් ගන්නෙ නැතුව ඕක ඔහොම වෙච්ච එක හොඳයි ඇත්තටම.
දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම හිටියනං හොඳයි. හැබැයි මට පුලුවන් ඒ චරිත දෙකම මගෙ දරුවා වෙනුවෙන් කරන්න. දාහක් කතා අවලාද අහගෙන උනත් මං උන්නෙ දරුවට තාත්තා කෙනෙක් ඕන...
“තාත්තගෙ ආදරේ ලැබුණනම් සමහර විට සනුකි මීට වඩා සන්තෝසෙන් ඉන්නයි, ඉක්මනට ලෝකෙට හැඩගැහෙන්නයි තිබ්බා” කියා තමන් කොච්චර නම් වාර ගණනාවක් හිතා තිබේද කියාත් තරංගාට නොහිත ඉන්න පුලුවන් උනේ නැත. තරංගා සනුකිත් ඇයව වඩාගත් ඒ තවමත් නමවත් අහගත්තේ නැති මිනිසාත් පිටුපස වන් ගෝල් ෆේස් මෝල් එකෙන් එලියට එන තුරුම ඇවිද...
සාගර වන් ගෝල් ෆේස් මෝල් එකට ගියේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ කීපයක් මිල දී ගන්න බලාපොරොත්තුවෙනි. හදිසියේම ඉන්දියන් කෑමක් කන්නට ආ ආශාව හන්දාම එහි චෝල ඉන්දියන් අවන්හලෙන් නාන් ඕඩරයක් දමා එය සූදානම් වෙන තුරු එහෙ මෙහෙ ඇවිද උන් සාගර කුඩා දරුවන්ගේ ප්ලේ ඒරියා එක අසල දමා තිබූ අසුනක වාඩිගෙන උන්නේ...
වන් ගෝල් ෆේස් මෝල් එක පිරි තිබුනේ සති අන්තයේ විවේකී සැඳෑවන්වල එලියට බැස තිබූ මිනිස් පොදිවලිනි තැන් තැන්වල කමින් බොමින් ද සිනාසෙමින් අත් පටලා ඇවිද යමින්ද උන් මිනිසුන් දෙස බලමින් තරංගා වාඩි වී උන්නේ වන් ගෝල් ෆේස් මෝල් එකේ කුඩා දරුවන්ට සෙල්ලම් කරන්නට වෙන් කර තිබූ ප්ලේ ඒරියා එක...
“දවස තිස්සෙම ගෙදර ඉන්න එකේ කෑමවත් වෙලාවට හදලා තියන්න බැරිද ඕයි?” කියා මේධංග ඇඟට කඩන් පනිද්දී තරංගා උන්නේ පාන් කියාගන්න බැරි තරම් මහන්සි වෙලාය.
කලින්දා රැයේ හිඳන් සනුකි උන්නේ ඇහැරගෙන මොන මොනවදෝ තේරුමක් නැමති අකුරු වගයක් ගලපමින් කාටවත් නොතේරෙන වචන වගයක් කියමින්, කුණු කුණු ගාමින් ඇහැරගෙනය. උදේ පාන්දර ඇහැරගෙන මේධංගට...
“නෑයන්ට එන්න කියන්නෙ කොහොමද රෙද්දක් ඇඳගෙන, මේ ළමයා දැක්කම ඒ මිනිස්සු මහ අමුතුවට බලං ඉන්නෙ” කියමින් නැන්දම්මා කාත් එක්කදෝ දුරකතනයෙන් කුටු කුටු ගානවා ඇහුනත් තරංගා ඒවා නෑහුනා සේ උන්නාය.
අනෙක් අතට ඕව ඉතින් අලුත් කතන්දර නොවේ. නැන්දම්මා සනුකිටත් තමාටත් දාහක් දේවල් කියන්න පටන් ගත්තේ සනුකි ඕටිසම් සහිත දරුවෙක් බව දැනගත්ත...