සඳ දිය දහරා

 

දහරා මනුජිත් සමග හදිසියේ විවාහ වන්නේ ඈ ගැබිනියක බව දැනගත්තාට පසුවය. කඳුළත්, සුසුමත් එක සේ දරා ගනිමින් කුළගෙට පිවිසෙන දහරාට ඉන් අනතුරුව කුමක් සිදු වේද..?

සයමස් ගැබිනියක වූ දහරා සුභානි රත්නායක ත්‍රී රෝද රථයකින් පැමිණ තම නිවස ඉදිරිපසින් බැස ගත්තේ වෙහෙසකර අයුරින්ය. අලින්දයට වී කාන්තා පත්තරයක් කියවමින් උන් නැන්දම්මා...