ආකාස මෝස්තර

රෙදි වැල් යායෙහි කොඩි වැල් සේ වැනූ රෙදි සුළඟ සමගින් දඟ කරයි. ඇතැම් රෙදි තනි සුදු ය. අනෙක්වා විවිධ වර්ණ වලට අයත් ය. සුළඟේ ලෙලදෙන මේ රෙදි වැල්, පාරුල් ගේ හදවතේ ඈත කොනකින් පරණ මතකයන් මතුපිටට ගෙන එයි. ඔවුන් ගේ ළමා වියෙහි දී ඇය උමා හා වත්තේ අනිත් දැරියන්...
පාරුල් දෙව්රූ ඇල්ලගේ, මව් පාර්ශවයෙන් උරුම වූ ලොන්ඩරිවත්තේ ගෙවල් පේළියෙහි ගෙදර සිමෙන්ති පඩිය මතට නැගගත්තා ය. හැරී බලත්දී ඇගේ ඇස් වලට මුහුණු රැසක් හසු විය. අව්වට කර වූ, දරිද්‍රතාවයෙන් හැකිළුණු මුහුණු! පරම්පරා ගණනක් තිස්සේ අනුන්ගේ කුණු සේදූ - ඒ කුණු වැදුණු සමාජයෙන් කිසි දා කිසිදු සාධාරණයක් නො ලැබූ මුහුණු!...
ලොන්ඩරි වත්තේ ලස්සන ම ළමයින් දෙන්නා ඉන්නේ රිදී ගේ ගෙදර ය. ඒ කාලේ, රිදී ගේ තුරුණු වියෙහි දී ඇය ද හැඩකාර කෙල්ලක වූවා ය. ජුලී හා ඇගේ සැමියා වන බන්දු ද ජුලී ගේ මව් වන සෙදෝනා ද සමග රෙදි සෝදා වේලන සරල සැහැල්ලු දිවියක් ගෙවූ රිදී ගේ ඇසට සිසිර...
කුඩා මිදුල මායිමේ වන අඹ ගස විසල් ව වැඩී තිබේ. එහි පත් වියන නිසා විශාල වපසරියක් සෙවන වී ඇත. ආමර් වීදියේ කාෂ්ටක කාන්තාර අව් රශ්මිය මුවහ කරවන ඒ සෙවන දිව්‍යමය තිළිණයක් සේ ය. වහළ සිංහල උළු සෙවිලි කරනා ලද්දේ වී ද උසින් පහළ නිසා ගෙවල් ඇතුළ පෝරණු සේ උණුහුම්...
අහස දීප්තිමත් ආකාස නීල සළුවක් පොරවාන සිටී. ඒ ගැඹුරු නිලැති මෝස්තරයට ඉඩ දී සුදු පුළුන් වලාවෝ අහස් ගංගාවේ ඉවුරට බැස සිටිති. සූර්යයා සිය රිදීමය තේජස විහිදුවමින් අවකාශයේ මධ්‍යය ඉක්මවමින් අවරට හැරෙන්නට යයි. සූර්ය තාපය මිනිස් ඇස් ඉස් මස් මත පතිත කරනා පීඩාව දැඩි ය. නමුත් දැන් මෙනුවර ඇත්තන්ට චණ්ඩ...