ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය කාර්යබහුල වීදියක අහම්බෙන් හමුවීමක් වුවද, ආපන ශාලාවක අහඹු හමුවීමක් හෝ ආගන්තුකයෙකු සමඟ අහඹු සංවාදයක් වුවද, ආදරය අපව වඩාත් ප්‍රීතිමත් සහ අනපේක්ෂිත ආකාරවලින් පුදුමයට පත් කරන...
ඒ සිදු වූයේ කුමක් දැයි සදාතන ට සිතා ගත නො හැකි ය. අහසින් පොළොවට වැටුණා සේ ඔහු කම්පිත ව සිටියේ ය. සිහින උපන් ගෙයි ම මිය ගොස් තිබේ!
අරුණ උදා වන්නට කල්පයක් කල් ඇත්තා සේ සදාතන ට දැනිණ. අඳුර විසින් ආත්මය අතුරු සිදුරු නැතිව වසා ගෙන තිබිණ. ඔහු ට යහන්...
“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා”
අනුප එසේ කිව්වේ මේසයේ එහා පසින් වාඩි වී බීම වීදුරුවේ සීත බිඳිති අතෙන් බිඳලමින් උන් උශාලි වෙත නැවීය.
අරුණි සහ මධුකගේ විවාහ මංගල්‍ය උත්සවයේදී දුලන්‍යාගේ ගුරුතුමිය දකින්නට වේයැයි අනුප බලාපොරොත්තු වූවා නොවේ.
එහෙත් ඇය නිරත්තරයෙන් සිත මත්තට පැමිණෙමින් තමාගේ දැවුණු හිතට වැස්සක් මෙන් ඇද...
සදාතන සැනසිලි සුවය අත්පත් කර ගනිමින් සිටියේ ය. ජීවිතය තුළ තමන් ගේ මාර්ගය තෝරා ගැනීම කියනා තීරණය ගැනීම තුළින් සමාදානයේ ශාන්තිය අත්පත් කර ගනිමින් සිටියේ ය. සදාතන කහවණුගොඩ, සියපත් සඳපිනි සූරියගොඩ ට පෙම් කරයි. සිරි පා ගිරි හිසට මත්තෙන් සූර්යෝදය සිදු වෙනවා සේ, ඔහු එය පැහැදිලි ලෙස වෙන් කොට...
“මම හිතුවෙ ලබන සතියෙ අවුරුදු උත්සවේ නිසා මැඩම් නිවාඩු දෙන එකක් නෑ කියල. ඒත් ඉතින් නිවාඩු එහෙමම වගේ ඉතුරු නිසා ප්‍රශ්නයක් උනේ නෑ”
උශාලි එසේ පැවසුවේ අම්මාටය.
අද පාසලේ මිතුරියක වූ අරුණිගේ විවාහ මංගල උත්සවයයි. කොළඹ රමාඩා හෝටලයේ පැවැත්වෙන ඒ මංගල උත්සවය සඳහා යන්නට උශාලි සූදානම් වෙමින් හිඳියේ ඊයේ සන්ධ්‍යාවේ සිට...
ලැබුණත් නො ලැබුණත් ප්‍රේමයේ නිල අල්වා බලන්නට මිනිසුන්ට වන්නේ ආත්මගත ආශාවකි. ප්‍රේමයේ ස්වර සුසර කොට බලන්නට වන්නේ මරණීය ආශාවකි. ලෝකය බිහි වූ දා පටන් ස්ත්‍රී පුරුෂයන් අතරේ පැවතියා වූ ඒ සහජ තෘෂ්ණාව, පරම්පාර අසීමිත සංඛ්‍යාවක් ඔස්සේ මානව ජාන සංයුතියට කාවැදී, සුවිශේෂ මානව ලක්ෂණයක් වූවා විය යුතු ය. ප්‍රේමය නමින්...
“ඔයාට ආයෙ එන්න බැරිද ෂෝබිතා ප්ලීස්, දරුව ගැනවත් හිතල ආයේ එන්න” කියා අනුප ෂෝබිතාට කෙටි පණිවිඩයක් යැවුවේ සිය වන වරට පමණය. කිසිදු දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට හෝ පිලිතුරු නොදෙන්නට තරම් ෂෝබිතා දරුණු වූයේ කෙසේද යන්න ගැන අනුපට වූයේ මහත් පුදුමයකි.
ඇය හිඳින්නේ දමිත් සමග බව දැනගත් වෙලේ එක කඳුලකදු...
දියවන්නා දිය කඳෙහි රැලිති නගනා රිදී පැහැය දෙස බලා හිඳියදී මදිරා ට හදිසි කැස්සක් ආවේ ය. වෙනදා සියපත් ගේ බෑග් එකේ තිබෙනා වතුර බෝතලය අද අමතක වී තිබිණ. ඒ කැස්ස ටික වෙලාවක් දිගට ම පැවති අතර සියපත් ඇගේ පිටට තට්ටු කළා ය. නමුත් කැස්ස නතර වෙන පාටක් පෙනෙන්නට තිබුණේ...
එදා ඒ වැසි දියේ තෙමී ගිය දවස අමතක කරන්නට උශාලිට කිසිසේත්ම හැකි වූයේ නැත.
ජීවිතයට එවන් දවස් එන්නේ අහම්බෙන් බවත්, අහම්බෙන් හෝ පැමිණි ඒ සුන්දර මොහොත මියයන තුරුම මතකයේ තබාගත යුතු බවටත් සිහි තබාගෙන ආ කෙල්ලක වැස්සේ තෙමීම නිසා උණ හෙම්බිරිස්සාව හදා ගත්තා වුව උන්නෙ සන්තෝසයෙනි.
ඒකපාර්ශ්වීය වුවද සොඳුරුතම ප්‍රේමණීය මොහොතක්...
සදාතන කාර්යාලයේ වැඩි වේලා නොරැඳී ඉක්මනින් ගෙදර ආවේ ය. ඒ, රියදුරු නැති නිසාවෙන් සියපත් ගෙදර ඇරලීමේ බලාපොරොත්තුව ඇතිව ය. සියපත් කල් ඇතිව ම බස් එකේ ගෙදර යන්නට තීරණය කොට තිබුණා ය. ඔවුන් වාගේ පුංචි මිනිසුන් ලොකුවට හිත් රිදවා ගත නො යුතු බව ඇය සිතට අවධාරණය කළා ය. වැටෙන්නට තවත්...