Stories

මනුජ ට පසුවදා යලි කඳවුරට යෑමට සිදු විය. ඔහු දින දෙකක් සේවය අවසන් කරං, සිකුරාදා සවස පෙරලා කොළඹ එන්නට පිටත් වූයේය. ඒ දින දෙක පුරාවටම ඔහු සින්දූපා සමඟ නඩත්තු කලේ ඉතා කෙටි සංවාදය. " ඇයි මනුජ මෙහෙම ?" සින්දූපා කිහිපවර විමසුවාය  " මට ටිකක්  ෆ්‍රී ස්පේස් ඕනි සින්දූපා ... මට ඉස්සරහ ගැන නිදහසේ කල්පනා කරන්න ඕනි..." "ඇයි ඔයා සින්දූපා කියන්නෙ මනුජ ?" " හනේ ... වචන වල එල්ලිලා ඔලුව කන්නෙපා සින්දූපා .. මට විසඳගන්න ප්‍රශ්න කෝටියක් තියෙනවා.. ඒකට මම ඔලුව නිදහසේ තියාගන්න ඔනිනේ..." " ඔය කෝටියෙන් එකක් දෙකක් හරි  විසඳන්න උදව් කරන්න මටත් ඉඩ දෙන්නකෝ..." මනුජ ගැඹුරු හුස්මක් සමඟ සින්දූපා බිඳ දැමීම ඇරඹුවාය. " ප්‍රශ්න කෝටි දෙකක් විතර මගේ කරපිට ගෙනල්ලා දාලා දැන් ආයේ එක දෙකක් විසඳන්න අහන්නෙපා සින්දූපා .. ඒක හෙනම අප්‍රසන්නයි..." සින්දූපා ට දැනුනේ හිස මත මහ අකුණක් පුපුරා ගිය සෙයිනි. නැත , අකුණක් නොව එය පිළිස්සී යලි යලි ඇවිලෙන ගින්නක් ය. " ඔයා මට බ්ලේම් කරනවද මනුජ ..?" "අනේ ප්ලීස් සින්දූපා .." ඇමතුම විසන්ධි කර මෝටර් රියට නැග ගත් බව ඔහුට මතකය.  ඉන්පසුව සින්දූපාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත. නිවසට ගියාට පසුවද මනුජ හුදෙකලාව තෝරාගත්තේය. දියණිය ඒ වනවිටත් නින්දේ උන් නිසා කිසිවෙක් ඔහුට බාධා කලේද නැත. එහෙත් පැයකට පමණ පසු විශ්ව කාමරයට ආවේය. “...
කෝපයෙන් ඇරඹි කතාබහ මහා රණ්ඩුවක් දක්වා දුරදිග යනතුරුම කිසිවෙකු නවතා ගැනීමේ හැකියාවක් ඉසුරිට වූයේ නැත. අවසන සිතුවා සේම අහල පහල නිවැසියන් කිහිප දෙනෙකුත් ඉසුරිගේ...
*නාද්‍යා සොනාලි සල්වතුර* “තමුසෙ මගෙ දරුවව නැති කරේ නැද්ද ඒ කියන්නේ?” කියාගෙන ගයාන් කාන්ති අක්කලගෙ ගෙදර දොර ඉස්සරහා ඉද්දි ඇත්තටම මං උන්නෙ කරකියාගන්න දෙයක් නැතුව....
ඒ සිකුරාදා දවසෙ උදේ පන්සලේ ඝාණ්ඨාරෙ සද්දෙ හිමින් මීදුම අස්සෙන් දෝංකාර දුන්නා. අරවින්ද එයාගෙ කැමරා පටිය හදාගත්තා. ලෙන්ස් එකේ බර කෙට්ටු, රෝම පිරිච්ච පපුවට දැනුණාට...
සින්දූපා නින්දෙන් ඇහැරෙන විට උදෑසන දහය පසුවී තිබුණි. ඕ විසන්ධිව ගිය ජංගම දුරකතනය සොයා ගත්තාය. මනුජ සමඟ ඇමතුමේ සිටියදීම නින්දට වැටී ඇත. ඕ මනුජට...
“අර ලියුමේ තියෙන අනිත් ඒවා බොරු වුනාට ඉසුරියි අපේ පුතයි සම්බන්ධව තිබුණු කතාව ඇත්තක් කියලා මට හිතෙනවා නයනා. අද දවසේ ඇත්තක් නොවුනත් ඇත්තක් වෙයි...
*නාද්‍යා සොනාලි සල්වතුර* තාරානාත් රට ගියයින් පස්සෙ මං හිතුවෙ නැති විදියෙ පාලුවක් හිතට දැනිච්ච බව ඇත්ත. ඒ උනාට මේ පාලුව දරාගන්න මට සිද්ද වෙන්නෙ උපරිම...
සින්දූපා ඇමතුම විසන්ධි කලේ නැත. ඕ ඇමතුමේ සිටියදීම නින්දට ගියාය. ඉන් පසුව මනුජ ඇමතුම විසන්ධි කලේය. මනුජ ඔරලෝසුව දෙස බැලුවේ, ජංගම දුරකතනයෙන් වේලාව බැලීම අමතකව...
සුරංග තම බිරිඳ හා පාරින්ද පැමිණ ගිය බවත් ඉසුරි උකස් තබා තිබූ නිවස බේරා ගන්නට කාර්යාලයෙන් ණයක් ඉල්ලා සිටි බවත් පැවසූයේ සවසය.  “ඒ ළමයාගේ හිතේ...

No More Gossiping

0
ඒ ගමේ පිරිමින්ට කතා කරන්න බැරුව ගියේ නිකන් උන් හිටි ගමන් වගේ. ගමේ මිනිස්සු ඒත් කිව්වා “මේක නම් මේ ගමට පලදීපු මහ සාපයක්” කියලා. එකපාර...