හිරු කිරණ දැඩි වී තිබිණි. නමුත් සිතිජ ගේ සෙවන යට මට දාහයක් නො දැනුණ තරමි. අප නුගේගොඩ සිට කොහුවල තෙක් ඇවිද ආවේ ද සූර්ය තාපයෙහි පීඩනයක් ගැන අල්ප මාත්‍රයකුදු නො දැනෙනා තරම් හෙමිහිට ය.
"මිනිස්සු හිතනව ඇති අපිට පිස්සු කියල"
මඳ දුරක් ඇවිද ගිය පසු ඔහු මන්දස්මිතයකින් තෙපළේ ය. මා ඇයි...
"මියුරුගෙ ගෙදරින්ද?"
තුරුලි ඇසූයේ ඇඳෙන් බසින්නටවත් උවමනාවක් නැතිව ය.ඔවුන් පැමිණෙන්නට ඇත්තේ සම්බන්ධතා අත් හිටුවා දමන්නට ය.එහි වරදක් තුරුලිට නොදැනිණ.මියුරු මේවායේ පැටලීම ගැන ඇයට පවා වූයේ දුකකි.
"මං එන්නද?" මියුරුගේ අක්කා අරුණි කාමරයේ දොර අසල සිට ඇසුවේ ද ඒ මොහොතේ ය.සඳලි ඇයට එන්නැයි පවසද්දී රනුක කාමරයෙන් පිට වූයේ අරුණි අත සිටි කුඩා...
කොළඹ එන්න ඕනේ කියත්දී ගමේ පාසලේ විදුහල්පති තුමා කී කතා මගේ මනසේ යළි යළිත් පිළිරැව් නැගෙමින් තිබිණි. මේ ගෙන්දගම් පොළොවට පය තැබූ අප වන් ලෝකය නො දන්නා මිනිසුන් හට අත් විඳින්නට සිදු වන්නා වූ ගැහැට ගැන ඔවුන් අවබෝධයක් ලබා තිබෙන්නට ඇත. අසා දැක පමණක් නොව, අතීතයේ යම් කිසි දවසක...
ඒ රාත්‍රිය නිවසේ කිසිවෙකුට ද නින්ද ළඟා වූ රාත්‍රියක වූයේ නැත.දවසේ කම්පනය තමන්ගේ දිව්‍ය ලෝකය දුටු මතින් පුපුරා ගිය හෙයින් තුරුලිට තදින් උණ ගැනිණ.සිදු වූ දෙය අදහා ගන්නට නොහැකිව හූල්ලන අම්මා පුටුවක වැතිර ඔහේ සිටියා ය.ආදිත්‍ය මොනයම් මොහොතක හෝ කඩා වදින්නට ඉඩ ඇති බව දන්නා රනුක ඔහුගේ මිතුරන් කිහිප...
රෝස්මරී හිතට වදයක් වූයෙන් ඇය ව හිතෙන් ඈතකට ම කර දමන්නට මට ඕනෑ වූයේ ය. මොන වරද කළත් ඒ සිතිජ ගේ අම්මා ය කියන සිතිවිල්ලෙන් මිදිය නො හැකි ය. ඇය කරන කියන දේවල් මත කොපමණ කෝප ගත්තත්, ඔහු ට ඇගේ මව් පදවිය අහිමි කළ නො හැකි බව ද මම...
"අක්කා කෝල් කරානෙ.."
සඳලිගේ හඬ වේගවත් ය.සතුට ද දුක ද සැනසීම ද පිරුණු ඇගේ හඬ මියුරු ද විසන්ධි නොවූ දුරකථනයක එහා ඉම සිට අසා සිටියේ ය.අම්මා ද ඈ වාරු කරගත් සඳලිගේ මිතුරියක ද නිවසින් පිටතට පැමිණිය හ.සීසීටීවි ආරංචිය රැගෙන ආ ඉදිරිපස නිවසේ කාන්තාව දෙවියන්ට හිස අත් බැඳ පින් දුන්නා ය.
"අක්කව...
සිතිජ මට රැකියා කිහිපයක් ම බලා තිබුණේ ය. නමුත් ඒවා ට මගේ ඉංග්‍රීසි දැනීම ප්‍රමාණවත් වූයේ නැත. ඈත එපිට ගම් දනව් වල ළමයින් ගේ ඉංග්‍රීසි දැනීම වැඩි දියුණු කිරීම පිළිබඳව, බලයට පැමිණි කිසිදු රජයක් වගකීම් සහගත ව ක්‍රියා කොට තිබුණේ නැත. නිසි ක්‍රම වේදයක් ඉදිරිපත් කොට තිබුණේ ද නැත....
තුරුලි දෑස් හැරියා ය.අවට පරිසරයේ කිසිම ගැටලුවක් නැති බව දැනෙන තුරුම දෑස් තද කර පියා හිඳින්නට වෙර ගත් ඈ දෑස් හැර හාත්පස බැලුවා ය.බිත්තියේ ඇති ඔරලෝසුව හවස හතරට ආසන්න බව පවසයි.තව හෝරාවකින් රෝගීන් බලන්නට දෙන වෙලාව පැමිණෙනු ඇත.සියල්ල විසඳා ගන්නට හෝරාවක් ප්‍රමාණවත් බව ඈ සිතුවා ය.
"මිස්..මිස්.."
ඇය එහා ඇඳේ සිටින...
අලුත් නවාතැනෙහි කිසිදු ගැටළුවක් වූයේ නැත. වෙනත් බොහෝ නාගරික නිවාස සේ නොව එහි තරමක් විශාල ගෙවත්තක් ද තිබුණේ ය. එය තණකොළ වවා මැනවින් නඩත්තු කරන නාගරික ගෙඋයනක් නොව ලොකු කොස් පොල් ගස් කිහිපයක් ම උස් ව වැඩුණු, සෙවනැති මිදුලකි. පාසි බැඳී කළු වී ගිය පරණ සිමෙන්ති බංකුවක් කොනක තිබිණි....
සඳලි රැකියාවට යන්නට පිටත් වූයේ තනිව හිනැහෙමිනි.ඇය තදින් නිදා සිටින සඳලි අවදි කරන්නට කිහිප වරක්ම කල්පනා කළා ය.නැගණිය රාත්‍රිය ගෙවී පාන්දර උදා වන තුරුම පරිගණකයේ ඇස අලවාගෙන පැවැරුමක සිරව සිට දැන් තද නින්දක ය.සඳලි පාඩම් කාමරයට වී පාඩම් අහවර කරනතුරු ම තුරුලි ද සිටියේ අවදියෙනි.නින්ද අහලකවත් නොවූ රැයක් ගෙවා...