මගේ ලෝකයට ඉහළින් අලුත් ඉරක් පායා ආවා සේ ය. ඒ අලුත් එළියකි. අලුත් උද්යෝගයකි. අලුත් සතුටකි. සියල්ල අලුත් ය. එළියට ප්රතිවිරුද්ධ දිශාවේ විය හැකි අඳුරු සෙවනැලි ගැන හිතීමෙන් මම හිතා මතා ම වැළකී සිටියෙමි.
විනෝද ගමන ගොස් පැමිණි පළමු සතියේ තිබූ සුබ නැකතින්, 'සන් පබ්ලිකේෂන්ස්' ආයතනය අලුත් ගොඩනැගිල්ල ට ගෙන...
ආපසු නිවෙස බලා යන ගමන පුරා ඉනුලි සිටියේ මේඝාගේ ඇකයට වී ය.බිනර ඉදිරිපස අසුනේ නිසා මෝටර් රථයේ පිටුපස අසුන සම්පූර්ණයෙන් ම ඉනුලිටත් මේඝාටත් අයිති විය.නමුත් ඉනුලි සිටියේ මේඝාගේ උකුලේ ය.තාත්තාගේ කාරයට වඩා වේගයෙන් හඳ මාමා ගමන් කිරීම ගැන පැමිණිලි කරමින් කිකිණි සිනා නගමින් හුන් ඈ කියවිල්ල නතර කළේ පූජා...
මගේ දකුණු අත පැත්තෙන් අශිකා ය. වම් අත පැත්තෙන් කුලාන් ය. ඉදිරියෙන් තෙරක් නැති සයුර ය. ඉහළින් අපරිමිත අහස ය. ඒ සියල්ල අතරින් මා හුස්ම ගත්තේ ඉතා ම හෙමිහිට, වැරදීමක් වේ යයි බියෙන් සැකෙන් මෙනි. නමුත් මගේ තුන් සිත ප්රීති සයුරක දිය බුං ගසන්නට වූයේ ය.
ඔවුන් දෙදෙනා නොයෙකුත් දේවල්...
උඳුවප් සඳ රුවන්වැලි මහ සෑය මුදුනත දිදුලමින් තිබිණ.සඳවතුර සෑ මළුවට ගලා හැලෙන රාත්රියේ මේඝා ඉනුලි උකුලේ හිඳුවාගෙන සෑ මළුවේ හිඳගෙන සිටියේ අප්රමාණ සැනසීමකිනි.ජනයා රැස් කන උදෑසනකටත් මද්දහනකටත් වඩා සෑ මළුවේ පැවතුණේ නිස්කලංක සැනසිල්ලකි.දන්නා ගාථා සියල්ලම හඬ නඟා කියන සිඟිත්තිය දෙස මේඝා බලා සිටියේ ආදරයෙනි.
බිනරත් දිනිඳුත් සිටියේ මේඝාට මඳක් ඈතට...
ඒ විනෝද ගමන මට තනිකර ම සිහිනයකි. විදුලි කොටන පිරිමි ඇස් දෙකක් මෑතක පායා තිබියදී ඒ තරම් දිගු ගමනක් මා ඒ ගියා ම ය. අධිවේගී මාර්ගය ඔස්සේ ඉක්මනින් ගමනාන්තයට එළඹුන ද මුහුදු තීරය අපට දිගු දවසකට ඇරයුම් කළේ ය. රිදී පැහැ හිරු කිරණ සයුරත් වෙරළත් සිඹ සිඹ හාදු දෙමින්...
මේඝා උදෑසන අවදි වූයේ හිරුගේ පළමු රැස් කැරැල්ල පොළොවට එබෙන්නටත් කලිනි.ඈ මුවකට දොවා මුළුතැන්ගෙයට එබෙද්දී මාධවී වෙද හාමිනේටත් යසාටත් සහය වෙමින් සිටියා ය.මේඝා කරන්නට වැඩක් සොයා මුළුතැන්ගෙය හාත්පස නෙත් විහිදවූවා ය.
"පුතාට කරන්න තරම් වැඩක් නෑ. ඕවා මමයි යසයි කරගන්නං..මං අක්කටත් හැමදාම කියනව අන්තිම මොහොතේ සාරි පටලගන්න බලන් ඉන් නැතුව...
කුෂ්ලානි ගේ මානසික ප්රතිකාර වෙනුවෙන් ටික දිනක් ලංකාවේ නතර වන්නට ඇගේ මාපියන් තීරණය කොට තිබිණි. පුතු ගේ අයිතිය ඉල්ලා පැවරූ නඩුවේ ප්රථම උසාවි දිනය ද ඒ අතරේ එළඹියේ ය. සියලු තොරතුරු සලකා බැලූ විනිසුරුවරිය මාසයකට නඩුව කල් දැමුවා ය. නමුත් මගේ නීතීඥවරිය විශ්වාස කළේ ජයග්රහණය මුලුමනින් ම ඇත්තේ අපේ...
සාලයේ ඇති ගුවන් විදුලියේ සිහින් සරින් පිරිත් වාදනය වෙද්දී වෙද ගෙදර නිහඬතාවයේ ගිලී ගොස් තිබිණ. දවස පුරා සෙනුරිගේත් සෙනුජගේත් සිනා කෙළි කවට දරා ගනිමින් හිඳින වෙද ගෙදරට ගිමන් හරින්නට ඇත්තේ රාත්රියේ සුළු ඉඩකඩක් පමණි.රෑ බෝ වෙනතුරු බෙහෙත් කාමරයේ හුන් වෙද මහතා හීන් හඬින් ගෙරවිල්ලක ය.අත් උදව්වට යසා හිඳිය දී...
මහරගම අහස අරා පායා තිබූ සූර්යයා, උදේ කාලය වුණත් දැඩි රශ්මියක් විදා හළේ ය. නමුත් කුලාන් ගේ සෙවනැල්ල යට මට මුවහ විය හැකි හෙවනක් විය. කසුන් ගේ ඇස් ගිනි ගත්තේ ය. එදා මගෙන් නිදහස් වෙත්දී ඔහු ගේ ඇස් වල වූ අවඥාවට කුමක් වී ද?
"දැං මොකද්ද ඔයා කියන්නෙ..."
කුලාන් ඍජු ව...
දෙසැම්බරයේ සීතල සුළඟ වැව් දිය හා මුහු වී හමන්නේ ගත හිරිගඩු නංවමිනි. මේඝා සැඳෑ අඳුර ගලා එන්නට හැර මිදුලේ ඇවිදිමින් හුන්නේ කුඩා සෙනුජ ඔසවාගෙන ය.දහඅට මස් වියැති සෙනුජට එක තැනක එක මොහොතක් රැඳීම බොහෝ අපහසු ය. ඔහු නොනවත්වා එහෙමෙහෙ දුවන්නටත් වල් පැළ උගුල්ලා කටේ දමා ගන්නටත් හපනෙකි.නමුත් රෑ කළුවර...