Stories

ආයතනයේ සේවක සමූහයා මා දෙස බලන්නට වූයේ, දඟ ගෙයට යැවිය යුතු වරදක් මගෙන් සිදු වූවා මෙනි. කුලාන් හා ශ්‍රීනාත් ගල්හේන ද එසේ සිතනවා විය හැක. ඇතැම් විට මා ව විනාශ කර දමනු වස් කවුරුන් හෝ මේ උගුල ඇටවූවා වන්නට පුළුවන. නමුත් මා එහි පැටළුණේ නැති බව මම දනිමි. මගේ...
අයියා වෙසෙන කුඩා නිවහන පුරා ඇවිදිමින් තරිඳු බොහෝ වෙලාවක් ගත කළේ ය.ඔහු මෙවැනි ජීවිතයක් ගෙවිය යුතු කෙනෙකු නොවේ.දුෂ්කර පළාතක වෛද්‍යවරයෙකු වන සිහිනයක ඔහු ගිලී සිටි බව තරිඳුට අමතක නැත.එහෙත් ඒ දුෂ්කර මිනිසුන්ට බොහෝ උදව් කරන්නට පවා මිල මුදල් ඇති පවුලක වැඩිමහල් දරුවා වූ අයියාට තමන්ගේ දියණිය සාමාන්‍ය පවුලක දැරියක...
සෞම්‍ය හා සිහිලැල් වූ හැන්දෑව කොනක සිට ගිනි වදිමින් තිබිණි. මහරගම පිස හමා ගිය සුළඟ, එගිනි නිවන්නට කොහෙත් ම සමත් වූයේ නැත. කුලාන් ගේ සුඛෝපභෝගී රිය තුළ මට කිසිදු පහසුවක් නො දැනුණ බව ඇත්ත ය. නමුත් මම ඒ සියලු සංවේදනා ඔහු ගෙන් වසන් කර ගෙන ශේෂ කන්දක් සේ නො...
බොහෝ කාලයකට පසු හමු වූ දෙසොහොයුරන්ට වැළඳ ගැන්මට ඉඩක් නොලැබුණි.කාලාන්තරයකට පසු අයියාගේ මුණ ගැසීම සමරන්නට තරිඳුගේ හිත තුළ සැලසුම් පවා තිබිණ.එහෙත් අහම්බයකින් සිදු වූ අනතුර නිසා දිනිඳු වැව් පිටියට එද්දී තරිඳු හුන්නේ මේඝා අසලින් හිඳගෙන වෙහෙස නිවමිනි; පාන්දර වැවකට පනින්නට සිදු වීම නිසා සීතලෙන් වෙව්ලමිනි. "මල්ලි මෙයා ගිලෙනකොට ද දැක්කේ?" බොහෝ...
මගේ කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් තාත්තා ට හෝ අම්මා ට නො පෙන්වා සිටීම මගේ අරමුණ වූයේ ය. මා නිසා ඔවුන් විඳවූවා දැටමත් වැඩි ය යන සිතිවිල්ලෙන් මිදීම මට පහසු වූයේ නැත. නමුත් මා සඟවා ගෙන හිඳින දුක තාත්තා දැක තිබිණි. "පුතාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද...අපි ට නොකියා ඉන්න...කසුන් ට හරි...ඔෆිස් එකට...
තරිඳු රජරටට පැමිණියේ මැදියම ඉකුත්ව පැය තුනකටත් වඩා ගෙවෙද්දී ය.ඉතා වේගයෙන් හදවත ගැහෙද්දී නටබුන් අතර මාර්ගවලින් ඔහු රිය ධාවනය කළේ අයියා දකින තුරු දෑස් කකියද්දී ය. සය වසරක් කුඩා කාලයක් බව සිතන්නට නොහැකි ය. "අයියා පැත්තකට උනාට පස්සෙ ලෝකෙ පෙරලල හරි මට එයාව හොයන්න තිබ්බ.." ඔහුට එසේ සිතිණ.නමුත් හැකිතාක් අයියා සොයන්නට...
අහස සක්වල කම්පා වූයේ ය. ගුගුරා අක් වැහි වහින්නට විය. නිරිත දිග මෝසම සක්‍රිය වූයේ හද කෙත් බිම සෝදා පාළුවකට ලක් කරමිනි.මට කුලාන් ගේ කුටියට යාමේ අවසරයක් නො විණි. සියලු වැඩ කර ගත හැකි වූයේ කුෂ්ලානි හරහා ය. එය මට පමණක් නොව ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයට පොදු වීම තුළ...
බටහිර අහස පුරා රත් පැහැය ඉහිරී තිබිණ. වළාකුළු සිතුවම් දෙස බලා හුන්නේ ය.අහස් ගඟ වෙතින් මෑත් වූ වළාකැටි මිරිසවැටියේ කොත් කැරැල්ලේ හැපෙන තරමට පහතින් ගමන් කරන අන්දම දිනිඳු බලා හුන්නේ ය.ගෙමිදුලට මිරිසවැටියේ දුරස්ථ රූපයක් දර්ශනය වීම අතීතයේ සමාධි බොහෝ ප්‍රිය කළ හැටි දිනිඳුට සිහිපත් විණි. "මං දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්...
 පුතා ට හුරු වෙන්නට කුලාන් ට කිසියම් කාලයක් ගත වූවා කියා සිතමි. ඔවුන් දෙදෙනා මිතුරු වීමෙන් පස්සේ පුතා ඔහු ගේ පස්සෙන් ම වැටී සිටියේ ය. ඔහු ව වඩා ගෙන කුලාන් පුතු ට සතුන් පෙන්වූයේ ය. මගේ හිතේ මුලින් වූ බර ගතිය මඳින් මඳ ලිහිල් වෙනවා මට දැනිණ. දිවා ආහාර සඳහා...
මේඝා සනසමින් සඳලිටත් බිනරටත් හිඳින්නට හැර දිනිඳු පිටව ආවේ මේඝාගේ මානසික තත්ත්වය ගැන සිතමිනි.ඈ මුහුණ දුන් කටුක අත්දැකීම් තමන් සහමුලින්ම දැන සිටින බවක් මේඝාට හඟවන්නට දිනිඳුට ඕනෑ වූයේ නැත. එනිසා ළඟම මිතුරන් සමඟ ඇයට රැදෙන්නට හැර දිනිඳු නිවස වෙත ආවේ ය. ඔහුගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය. නොදන්නා දුරකථන...