Stories

උදේ පාන්දර පිබිද මම කිරි බතක් පිසුවෙමි. ඒ පුතා කිරි බත් කන්නට වඩාත් ප්‍රිය බව දන්නා නිසාවෙනි. ඔහු ව ළඟින් තියා ගෙන වෙනත් අම්මලා ට සෙයින් රිසි රිසි දේ තනා කවන වාසනාවක් මට නැත. දස මසක් කුස දරා හිඳ මා බිහි කළ දරුවා වුව මට දැකිය හැකි වන්නේ සතියකට...
"ගෑනු කාගෙත් ජීවිතේ හිස්තැන් තියනව පවී.. අපි ඒ හිස්තැන් ළඟම අයත් එක්ක කතා කරන්න බයයි..එයාල අපිව ජජ් කරයි කියල. ඇත්තටම එහෙම නොවෙනවත් නෙවෙයිනෙ…" චාරුනී පවසන්නේ කල්පනාකාරීව ය.තිසුරි සම්බන්ධයෙන් ගැටලුව පැන නැගුණු වෙලේ පටන් එහි කොනක මා ද සිටින බවට දැනෙන වරදකාරී හැඟීමෙන් මට ගැලවීමක් තිබුණේ ම නැත.චාරුනී ද ලෝචනා ද...
වීදුරු කුටිය සීතලෙන් සීත වී තිබුණේ ය. පිටත තවමත් වැහි මන්දාරමයි. හෝරා ගණනාවක් තිස්සේ ඇද හැළුණ වර්ෂාව සහ වායු ගෝලය කැළඹවූ සුළඟ නිසා ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක  පැවතිණ. ඒ මදිවාට වායු සමීකරණ යන්ත්‍රය කාර්යාල පරිශ්‍රය තුළට සීත වායුව පොම්ප කරමින් සිටී. ඔය වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කර දමන්නට මට...
තිසුරි කෙලවරක් නැතිව වැලපෙමින් හුන්නා ය.මීට දෙතුන් මසකට එපිටදී උතුරා යන සන්තෝසයකින් ලෝචනාගේ හැඬීම අසා සිටි මා තිසුරි දරා සිටියේ ඊට වඩා ශෝකයකිනි. "අනේ ඉතිං..අඬන්න දෙයක් නෑනෙ.. ඉක්මනට වෙඩින් එක ප්ලෑන් කරගමු.." ඉමාලි තිසුරි ට පැවසුවා ය. සැබෑවකි, වැඩුණු තරුණියකට විවාහයට පෙර ගර්භනී වීම පොළොවේ පස් කමින් වැළපෙන්නට තරම් කාරණාවක් නොවන...
පෙර දා රාත්‍රිය පුරාවට ඇද හැළුණ වැස්ස නිමාවට පත් වූයේ පාන්දර යාමයේ ය. හෝරා ගණනාවක් තිස්සේ පැවති කුණාටු සුළඟ සහ දෙපත් කපමින් වැස්ස ධාරාණිපාත වර්ෂාව නිසාවෙන් පුද්ගල සහ දේපල හානි බෙහෙවින් සිදුව ඇති බව අළුයම ප්‍රවෘත්ති විකාශයෙන් කියවිණි. රැකියාවට වාර්තා නො කර ඉන්නට සිතීත් මම යළි සූදානම් ව පැමිණියෙමි....
"මේ කෙල්ල අද හවස් වරුවම මට කෝල්ස් ගන්නව සංක.ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගේන පුරුද්දක් නැති නිසා මං ආන්සර් කරේම නෑ.." තිසුරිගේ ඇමතුම දෙස බලා ගත් වනම මම සංකල්පට පැවසුවෙමි. ඔහු ද මා දෙස බලා හුන්නේ විමසුම් නෙතකිනි. "මං නිසල්ව හවස මීට් වෙලා එන වෙලාවේ ඉඳලාම මේ ළමයා කෝල් කරනව. මං ආන්සර්...
උපාධි නිබන්ධනය අවසන් කිරීමෙන් පසු නිවර්තනා යළිත් ප්‍රංශය බලා නික්ම ගියා ය. ඈ සමු ගන්නා මොහොතේ පළිඟු ඒ තරම් හැඬුවේ මන්දැයි ඇය ම වුව නො දැන හිටියා ය. "ගියාට මට ඔයාව අමතක වෙන්නෑ. දැං මට මෙහේ නංගි කෙනෙක් ඉන්නව. ආයෙ මං ලංකාවට එන්නෙ ඔයාව බලල යන බලාපොරොත්තුවෙං. නංගිලගෙ ගෙදර යනව...
ජීවිතයේ අපට මුණ ගැසෙන මිනිසුන් ඇසුරු කරන්නට පෙර ඔවුන් ගැන හරිහැටි තේරුම් ගැනීමේ හැකියාවක් අපට නැත.නිසල්ට සමීප වීම ගැන මට වේදනාවටත් වඩා මා කෙරෙහි අපුලක් දැනෙමින් තිබිණ.මා ආදරයක පැටලුණේ ඉතා ළාබාල කෙල්ලක කාලයේ ය. වචනකිනුදු හිත නොරිදන ප්‍රේමයක් මා සතු විය. දේවකටත් මටත් තිබුණේ එක්ව වැඩුණු අතීතයකි.එකිනෙකා නිවැරදි කරගනිමින්...
සියලු දෙනා ඉදිරියේ කිසල් කී කතාව නිසා වත්සලා මඳ අපහසු තාවකට පත් වූවා ය. ඇගේ වත ට ලේ පුරා රතු වෙන හැටි පළිඟු මැනවින් දුටුවා ය. තරුණ ගැහැනියක ලෙස පුංචා ලෝකයට මුහුණ දුන් ආකාරය ගැන පළිඟු  තරම් හොඳින් දන්නා වෙන කෙනෙකු නැත. මිනිසුන් කවරාකාර දැයි නිවැරදි ව වටහා ගන්නට...
කලබල නගරය නොනැවතී ගමනක ය.හවස් වරුවේ හිරු ගිලෙන්නට පෙර නිවෙස් කරා දුවන බොහෝ මුහුණුවල ඇත්තේ වෙහෙස නිවා ගැනීමේ ඉක්මන් ආශාව යැයි මම සිතුවෙමි.ගෙදර යන්නට එකම හේතුව සීනු පමණක් වූ අතීතය අතීතයට ම එක් වීම සතුටකටත් වඩා සැනසීමකට ළං ව මට දැනේ. ගේට්ටුවෙන් ඇතුළු වද්දීම සීනුගේ කුඩා ටිමී මගේ දෙකකුල්...