සඳක් කළ සක්මන්

පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ එල්ලා ගෙන පාරට බැස්සෙමි. හයිලෙවල් පාර තෙක් කෙටි දුරක් බසයක යා යුතු ය.  එතැන් සිට පාසල් බස් රියෙහි ගමන් කිරීම සාමාන්‍යයෙන් මා පාසල් යන ක්‍රමයයි....
ඉනික්බිති  ඔහු සඳැල්ලෙහි සිටිනවා මා  දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා හදවත විසින් දරා ගත් සංවේදනයන් හි තිගැස්සුම් සර මට කිසි දා පැහැදිලි කොට කිව නො හැකි ය! "පූජාව හුඟක් දවසකින් දැක්කෙ නෑ" දවසක් අපේ ගේ දොරකඩට ම...
තේ බී යන්නයි නෙරංජලා ගුරුගේ මට පෙරැත්ත කළා ය. වරක් මා ප්‍රතික්ෂේප කළත් ඇගේ ඇවිටිල්ලෙහි නිමක් නොවූ නිසා කර බා ගන්නට මට සිදු විය. ඈ තේ පිළියෙල කරන තෙක් පොත් බලන්නයි කී ඕ තොමෝ මා එහි තනි කොට දමා පහළ මාළයට ගියේ මා පිළිබඳව කිසිදු අවිශ්වාසයකින් හෝ සැක බියකින්...
තෙමහල් නිවසේ හිමිකාරිය තව දුරටත් හිටියේ මගේ අත අල්ලා ගත් වන ය. මීට පෙර මා හා ඇය අතරේ එක වචනයකුදු හුවමාරු වී තිබුණේ නැත. ඕනේ නම් සිනහ මල් දෙක තුනක් හුවමාරු වී තිබෙන්නට ඇත. ඒත් මේ හැටි ළෙංගතු කමකින් අතින් ද අල්ලා ගෙන කතා කරන්නට එය හේතුවක් ද?  මතු මහලේ...
දහසක් බුදුවරුන් බුදු වෙන පිනි බර හිමිදිරි පාන්දර නංගී දිය නෑවා ය. ඇය සීතලෙන් වෙව්ලත්දී  අම්මා අලුත් පැන් කළය නංගි ගේ හිස මත්තේ වත් කොට එය බිඳ දැමුවා ය.  මල්වර නැකතින් දිය නාන්නට ආච්චම්මා ගේ පරණ ජෝජට් සාරියක් වට කොට තැනූ, අපේ ළමා වියේ සෙල්ලම් ගෙයක් සිහිපත් කරන නාන...