අහංකාර නගරේ

"සහෝදරයෙක් සහෝදරියක් කියන්නෙ මහ පුදුම හයියක් මෙව්නා. මං ඒක හොඳට දන්නව. ඒකයි මං කවදාවත් ශෙනාලි මගෙ දරුවෙක් නෙවෙයි කියල වෙනසක් නොකළෙ. ඒ තුන් දෙනා සහෝදරයො වගේ එකට ඉන්න එක දැන් නැතත් අනාගතේදි අපි නැති කාලෙක වුණත් ඒ තුන් දෙනාටම හයියක්. ළමයිනං කාගෙ වුණහම මොකද දරුවො...අපේ හිත් වලින් තමයි අපි...
ගමේ ජීවිතය හා නගරයේ ජීවිතය අතර වන බෙදුම් රේඛාව කොතැනක පවත්නේ දැයි නිවැරදි ව දකින්නට මට ඕනෑ විය. නමුත් එසේ කිරීම හිතන තරම් පහසු නැතැයි අන්තිමේ මම නිගමනයකට ආවෙමි. ගම් වල ජීවත් වන මිනිසුන් බෝසත්වරු සහ නගරයේ ජීවත් වන්නන් දේවදත්තයන් යයි කියන්නට මට නුපුළුවන. ගැමි ගෙවල් ඇතුළේ රහස් ඕනෑ...
උදේ බඩ ඉරිඟු පුච්චා කෑ අපි වත්තේ ඇවිද්දෙමු. ඇල කණ්ඩි දිගේ ඇවිදින්න ට ගියෙමු. සිතිජ ට ගම්මානය බලන්න ට ඕනෑ වූයේ ය. වගා ඇලක බැස නාන්නට ද ඕනෑ වූයේ ය.  නෙළුම් නැන්දා කිරි අම්මා එක්ක එකතු වී ගමේ කෑම හදන්න ට ඉගෙන ගත්තා ය. වට්ටක්කා දලු මාළුව, ඇය හෝ මීට...
ගමේ අපේ ගෙදරට මීට පෙර කවදාවත් මෝටර් රථයක් පැමිණ නැති බව මට සහතික ය. මිදුලේ නැවතුණ සිතිජ ලා ගේ රිය දැක කිරි අම්මා ඒ තරම් තිගැස්සුණේ එනිසාවෙන් යයි මම සිතමි. අහල පහල වූ ගැහැනු පිරිමි ද වැට අයිං වල සිට කොකම් පානවා මම දුටිමි. මිදුලේ වේලෙන්නට දැමූ කහ ටික...
ගුරු පුහුණු පාඨමාලාව, එතෙක් කල් මගේ ආත්මයේ සැඟව තිබූ ආශාවකට තටු දුන්නා කියා සිතමි. නෙළුම් නැන්දා සේ රැකියාවක් කරමින් සාඩම්බර ජීවිතයක් ගත කළ යුතු ය.  නෙළුම් නැන්දා මේ වෙත්දී මගේ හිතේ පරමාදර්ශී චරිතයක් බවට පත් වී තිබිණි. ලෝකයට අනුව ඇය පවුලක් කඩන්නට මාන බැලූ අසම්මත ගැහැනියක වූවාට, මට වැදගත් වූයේ...
ලෝකයේ වන ලොකු ම සතුට තියෙන්නේ පවුලක් ඇතුළේ බව මා දෑසින් දුටු ප්‍රථම අවස්ථාව එයයි. සිතිජ ගේ පියා සිටියේ දෝරෙ ගලන සතුටකිනි. ඒ සතුට ඔහු පිටතට දැමුවේ හඬ නගා සිනහ වීමෙනි. සිතිජ, ආඩම්බර කාරයා සිය හැඟීම් වැඩිපුර කාටවත් පේන්නට හැරියේ නැත. නෙළුම් නැන්දා ගේ සතුට තිබුණේ ඇස් වල ය. විදුහල්පති...
හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල් යායක් මැදින් වැටුණ ගුරු පාරකි. ලා කොළ පැහැයෙන් ගොයම් පැළ ඉස්සී එමින් තිබුණේ ය. මට ගම සිහි විය. කොළඹ දී මේ වගේ වෙල් යායක් මගේ නෙත ගැටී තිබුණේ ම නැත. "මෙහෙ අයිති කොළඹට නෙවෙයි. කළුතරට. වෙස්ටර්න් ප්‍රොවින්ස්ම තමයි" සිතිජ පැහැදිලි කරමින් සිටියේ ය. මම කතා නොකර, නෙතට...
බෝඩිමේ ඉස්තෝප්පුවේ කොන් හතරට වන්නට තබා තිබූ පරණ ලී පුටුවක සිතිජ ගේ පියා අසුන් ගත්තේ ය. ඔහු හිඳ ගන්නා විට, කාලයකින් අලුතෙන් නො වියන ලද ඒ පුටුවේ දිරා පත් වූ පරණ වේවැල් කිරි කිරි ගානවා මට ඇසුණේ ය. "මැඩම් මට කිව්ව සර්...ඒ ගැන ගෙදර කවුරුවත් දැන ගන්න ඕන නෑ කියල..." "එහෙම...
මා සිතූ ලෙස ට දුරකතනයේ එහා ඉම වූයේ විදුහල්පති තුමා හෝ ඔහු ගේ බිරිඳ නොව සිතිජ ගේ බාල සොයුරිය ශෙනාලි ය. "තමුසෙට මේ හොඳින් කියන්නෙ හරිද...අපේ අයියත් එක්ක තියන සම්බන්දෙ අදම නවත්තන්න ඕනෙ. මේ දැන්ම. තමුසෙ කවුද ඕයි අපේ අයිය වගේ කොල්ලෙක් එක්ක යාළු වෙන්න...ඔළුව කොහෙ හරි හැප්පිලාද එහෙම දෙයක්...
හිරු කිරණ දැඩි වී තිබිණි. නමුත් සිතිජ ගේ සෙවන යට මට දාහයක් නො දැනුණ තරමි. අප නුගේගොඩ සිට කොහුවල තෙක් ඇවිද ආවේ ද සූර්ය තාපයෙහි පීඩනයක් ගැන අල්ප මාත්‍රයකුදු නො දැනෙනා තරම් හෙමිහිට ය. "මිනිස්සු හිතනව ඇති අපිට පිස්සු කියල" මඳ දුරක් ඇවිද ගිය පසු ඔහු මන්දස්මිතයකින් තෙපළේ ය. මා ඇයි...