මන්දාරම් හැන්දෑවක

මේඝාට මේ නුපුරුදු තරුණයා සමඟ කතාවට වැටෙන සිතක් නොතිබිණි.නමුත් ඔහු තමන් වෙනුවෙන් ගමනක නිරතව පැමිණි කෙනෙකි.එනිසා ඈ ඔහු වෙත ප්‍රවේසම් සහගත සිනාවක් පා කළා ය. "වැව් හුළඟනෙ එන්නේ මේ වෙලාවට.සනීප ගතියයි තමා. ඒත් සෙම ඇවිස්සෙයි.. ගේ ඇතුළට ගියානං හරි.." ඔහු මේඝාට එසේ පැවසී ය. දින දෙකකට ආසන්න කාලයක් නොනවත්වා හැඬීම නිසා...
දිනිඳු තම නිවස සහ කුඩා ඩිස්පෙන්සරිය ඇති බිම් කඩට කාරය හැරවූයේ පැති වීදුරුවෙන් බිනරගේ මෝටර් සයිකලය ඒදැයි විපරම් කරමිනි.මේ පළාතේ සමහර තරුණයන්ට මෙන් මෝටර් සයිකලයේ නැගී ඉගිලීමේ රෝගයක් බිනරට නැත.එහෙත් දිනපතා රෝහලේ දක්නට ලැබෙන හදිසි අනතුරු වලට ලක් වූ තරුණයන් ගැන දිනිඳුට තිබුණේ සැබෑ වේදනාවකි.බොහෝවිට ඒ අනතුරු කෙළවර වන්නේ...
මේඝා සිටියේ හිස පුපුරන තරමේ වේදනාවකිනි.තද උණ ඇති බව මාධවී පවසන තුරුම ඇයට ඒ ගැන වැටහීමක් නොවිණි.පුපුරා යන තරමට හිස කකියන්නේ හිතේ වාන් දමනා කෝපය සහ ශෝකය මිශ්‍රිත හැඟීමට ද,පුංචි හිස බිත්තියේ ඇනීම නිසා ද නැතිනම් පැය විසි හතරකට ද වඩා හැඬීම නිසාදැයි ඈ කල්පනා කළා ය.මේ තරමේ ශාරීරික...
පෙරදා තමන් හුන්නේ දැඩි මානසික පීඩාවක වග මේඝාට සිහිපත් විණි.පෙර පාසලේ ඉගැන්වීම් ඇරඹූ දිනයේ ම ඇය තමන්ටම පොරොන්දුවක් වූවා ය.ඒ කිසිදු දරුවෙකුට සැරවැර නොකරන්නට ය.ඊයේ ඒ ගිවිසුම ඈ අතින් බිඳි ගියේ ය.අතිශය මානසික පීඩාවක හිඳිද්දී පවා ගුරුවරියක අතින් නොවිය යුතු ඒ අත්වැරැද්ද ගැන කුඩා ඉයන්ගේ අම්මා සෙසු අම්මලා අතර...
"නංගි.. මං ඔයාව අඬවන්න නෙවෙයි ඇහුවෙ.හැමදෙයක් ගැනම ඇත්ත අක්කයි මායි දැන ගන්න ඕන.. ඔයාව බලා ගන්න අපිට ලේසි එතකොටනෙ.." වරුණගේ සන්සුන් කටහඬ ගලා ආවේ ය.මහා මාර්ගය අසල විසල් ගසක් අසල වාහනය නවතා ගත් වරුණ යළිත් මේඝාගේ හිස අත ගෑවේ ය.මෙවැනි මොහොතක යුවතියකට වඩා අවශ්‍ය වන්නේ පිය සෙනෙහස ය.ලෝකයම ගරහන මොහොතක...
යාල්දේවි දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූයේ උදෑසන එකොළහේ හෝරාව ලබන්නට ඔන්න මෙන්න තබා ය. දුම්රිය අසුනක කෙළවරේ ගුලි වී හුන් මේඝා දනිපනියේ දුම්රියෙන් බැස ගත්තා ය.වෙනත් ඕනෑම දිනයක නම් මේ ගමන මහත් ආහ්ලාදජනක ගමනකි.හිරු ඇහැරෙන්නට ඔන්න මෙන්න තිබියදී කොටුව දුම්රිය පොළෙන් කෝච්චියට නැගගත් මොහොතේ පටන් දකින්නටත් ව්ඳගන්නටත් ඕනෑ...