Tag: එකම එක හාදුවක්

“ආදරය කියන දේ අපේ හිත රිද්දන එක, බ්‍රේක් අප් එකක් එහෙම කියන්නෙ ලේසියෙන් මනුස්සයෙක්ට රිකවර් වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඕනම මනුස්සයෙක්ට ඒ වේදනාව දරාගන්න අමාරුයි. එහෙම එකේ ඔයා වගේ පොඩි ගෑණු ළමයෙක් ඒ වගේ දේකින් මෙච්චර දවසක් රිග්‍රෙට් කරපු එක මෙන්ටලි වැටිලා උන්නු එක නෝමල්. ඒක ලැජ්ජ වෙන්න දෙයක්...
නෙවින් ඔස්ට්‍රේලියා ගියා කියා ශාර්වරීට ලොකු පාලුවක් නොදැනුනේ ඉඩ ලැබිච්ච හැම වෙලාවකම කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් දී දුක සැප විමසන්නටත් ආදරේ වස්සවන්නටත් නෙවින් කටයුතු කල නිසාවෙන් ය. වෙලාවේ වෙනස නිසා එක දිගට බොහෝ වෙලා කතා බහක නිරත වී ඉන්න බැරි උනත් යන එන තැන්වලද, අක්කා ඇතුලු පවුලේද පින්තූර...
“මං මගෙ සීලේ බිඳගන්නවා කියලා ඔයාට හිතෙන ඕනම වෙලාවක අපේ අෆෙයාර් එකේ පන්සිල් පද ටික මොනවද කියල මට මතක් කරල දෙන්න මොන විදියකින් හරි ” කියා මතක් කර නෙවින්ව වළකා ඒ උණුසුම් හාදුද, තුරුලු කරගැනීම, වැලඳගැනීම්, කෙඳිරිගෑම් වල ප්‍රහර්ශයන් වළක්වාගන්න, නතරකරගන්න ශාර්වරීට උවමනා උනේවත් ඒකට හිතවත් ගතවත් ඉඩ දුන්නේවත්...
“එහෙම දේකට මං පොඩ්ඩක්වත් තරහා වෙන්නෙ නෑ. හැබැයි මං ඊලඟට කියන්න යන දේ හන්දා ඔයා මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ?” “මොකද්ද?” “මට ටික කාලෙකට ඔයාගෙන් ඈත්වෙන්න වෙනවා” “ඒ කිව්වෙ? ඇයි ඒ?” “මට හිතුනා ආයෙ පාරක් අපි දෙන්න ගත්තෙ මේ තීරණේ හරිද කියල හිතලා බලන්න. මං ඒ නිසා හිතුවා පොඩ්ඩක් ඔයාගෙන් ඇත්වෙලා මේ...
දෙතොල් මත වැටෙන නෙවින් ගේ හාදු මෙච්චරම ලස්සන බව ශාර්වරීට තේරුණේ හාන්සි වී නිදාගන්න උනත් පුලුවන් තරම් විශාල සෙටියේ නෙවින්ගේ පපුතුරේ හාන්සි වී හීන් සැරේ ඔහුව සිපගන්න වෙලාවේය. වඩා සුන්දර ඒ හාදුද නැතිනම් හාදුවක් දී අවසානයේ තමන් දිහා බලා නෙවින් දෙතොලිනුත් දෙනෙතිනුත් නගන ඒ සිනාවද කියා හිත අහද්දී ශාර්වරී කලේ...
නෙවින්ගේ වාහනය පිරී තිබුනේ සීතලම සීතල වායුවකිනි. ඒ කාරයේ වායු සමීකරණ යන්ත්‍රයෙන් එන්නක්ද එහෙම නැතිනම් දෙදෙනා අතර වූ සීතල නිහඬතාවය නිසා ඇති වූවක්ද කියා හිතාගන්න බැරි උනත් ශාර්වරී උන්නේ තමන් කතාව පටන් ගන්න ඕන කොතනින් කොහොමද කියා හිතාගන්න බැරුවය. නෙවින් උන්නේ වාහනයේ සුක්කානම කරකවමින් එක එල්ලේ ඉදිරිය දෙස බලාගෙනය. කිසිත්...
ලෙක්චර්ස් වලට ගියත් ශාර්වරී උන්නේ හිතේ සැනසීමක නොවේ.  “දෙවනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මට ඇත්තටම හේතුවක් නෑ තමයි ඔයා එක්ක යාලුවෙන්න. ඔයා කිව්ව දේ ඇත්ත”  කියා නෙවින් කිව්ව වචන ආයෙ ආයෙ මතක් කර කර හිත රිද්දගන්න එක පවා ඒ වෙලාවේ ශාර්වරී දැක්කේ සැනසීමක් විදියටය.  “මං මෝඩයා වගේ එදා ආදරෙයි කිව්වම එයා හිතන්න...
“කලින් මං උන්නු කෙල්ලන්ව අයින් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් මට ඒ පිරිමි ළමයින්ව අමතක කරලා දාන්න බෑ ශාරා” “ඇයි ඒ?” “මොකද මට එහෙම කොල්ලො එක්ක සම්බන්ධයක් නැති හන්දා” කියා කියද්දි ආයෙම වතාවක් කාරෙක ඇතුලේ වාතාශ්‍රය පිරෙන්න වගේ මහ හයියෙන් හිනාවෙන ගමන් කිණ්ඩියට ශාර්වරී දිහා බැලුවේය. “ඔයා නම් මහ මෝඩ කෙල්ලෙක්....
තමන් දිහා තප්පර ගාණක් එක එල්ලේ බලාගෙන උන්නු නෙවින්ගේ දෙනෙත් කම්මුල් දෙතොල් නලියගෙන මහ හඬින් එලියට පැන්න හිනාව අස්සේ තිබිච්ච හේතුව හිතාගන්න බැරි හන්දම ශාර්වරීට කරන්න තිබිච්ච එකම දේ එක එල්ලේ නෙවින් දිහා බලාගෙන ඉන්න එක විතරය. විනාඩියක් විතර එක දිගට හිනාවෙලා ආයෙම ශාර්වරීගේ මූණ බලද්දි අමාරුවෙන් යටපත් කරගන්න හදපු...
ගැහෙමින් තිබ්බේ ඇඟ ද හිත ද එහෙමත් නැත්තම් ඒ දෙකමද කියා හිතාගන්න බැරුව ශාර්වරී නෙවින් දිහාවම එක එල්ලේ බලාගෙන උන්නේය. “තමන්ගෙ මනුස්සයා පිරිමි අයටත් කැමතියි කියලා දැනගත්තම ගෑණියෙක්ගෙ හිතට දැනෙන දුකට වඩා වැඩියි තමන්ගෙ මනුස්සයා වෙන ගෑණියෙක්ට කැමතියි කියලා දැනගන්න එක. මොකෝ තමන්ගෙ පිරිමියට වෙන පිරිමියෙක් ඉන්නව කියන එකට වඩා...