Tag: ඒකපාර්ශ්වික

" ඔයාව ලැබෙන කෙනා හරි වාසනාවන්තයි " යැයි අහස් කියූ ආකාරය මේඝාට නිවසට ආ පසුත් සිහි විය. තමාට ඒ තරම් වටිනාකමක් කෙදිනකවත් කිසිවෙකුත් දී තිබුනේ නැත.  මතක ඇති කාලයේ පටන්ම අම්මා කීවේද " උඹ මහ කාලකන්නි කෙල්ලෙක් " කියා පමණි. " උඹ එදා Podium එකේදී අර නිම්නාදයට කියපුවයේ හැටියට මම...
මේඝා අහස්ව ඇමතුවේ කාර්‍යාල වේලාවකය. ඒ උවමනාවකටය. වෙන කුමන හේතුවකටවත් අහස් තමාව ඇමතුවේ හෝ තමා අහස්ව ඇමතුවේ හෝ කෙටි පණිවිඩයක් හුවමාරු වූයේ හෝ නැති බව මේඝාට සිහි වූයේ දුරකථනය නාද වන අතරතුරේය.  " හෙලෝ "  අහස් ගේ සුපුරුදු කාරුණික හඬ අනෙක් පසින් ඇසුණි. " අහස් මං මේඝා "  " දන්නවා. කියන්න මේඝා "  කුමක්...
" ඔයාට මොකක්ද අහස් එක්ක තියෙන කතාව ?"  වර්ෂා නිම්නාදගේ අතින් අල්ලා නවත්තන්නට උත්සාහ කළාය.එහෙත් නිම්නාදට අවශ්‍ය වූයේ  අහස් සමග කතා කරන්නටය. " වර්ෂා Let me go . ඔයා කෑම ඕඩර් කරන්න.මම එන්නම් "  නිම්නාද එපමණක් පවසා වර්ෂාගේ අත ඉවත් කර අහස් සිටින දෙසට පියවර එසෙව්වේය. අහස් මේසය මත වූ සිගරට් පැකට් එක...
උදෑසන සිට දුටු සිහිනය දෙපා මුල කඩාවැටීමේ සොවින් මේඝා හැඬුවාය. ධනුක පැමිණ උන්නේ තරහිනි. මේඝා ආයේ ආයෙත් හදවතේ තුවාල පාරා ගැනීමේ තරහෙනී. " ඇත්තටම උඹට මොලයක් තිබුනේ නැද්ද ඕක එව්වෙ නිම්නාද නෙවෙයි කියලා හිතන්න ? එතකොට උඹ තාමත් හිතාගෙන ඉන්නේ ඌ ආපහු එයි කියලද ? " ධනුක ඇසුවේ ඇත්තටමය. හිත හදා...
ආදරය වනාහී ගෞරවය මත පවතින බැඳීමක් බවත් ගෞරවයක් නොමැති තැන ආදරයට පැවතිය නොහැකි බවත් නිම්නාදට තේරුම් යමින් තිබුණේ වර්ෂා තමා සමග එකට එක කියමින් ගැටෙන්නට පටන් ගැනීම නිසාය. කුමන තත්ත්වයක් යටතේ වුවත් මේඝා කිසිම දිනක තමන්ගේ හිත රිදෙන ආකාරයෙන් හෝ උස් හඬින් තමාට කතා කර නැති බව වර්ෂාගේ මේ...
ධනුක රෝහලේ පුටුවක් මතට බරවී නොඉවසිලිමත් විනාඩි ගණනාවක් ගත කරමින් උන්නේය. මේඝා නිකිනි සමඟ වෛද්‍යවරයා හමු වීම සඳහා ඔහුගේ කුටියට ඇතුලු වී මේ ගෙවෙන්න විසි වෙනි විනාඩියය. මේඝාගේ දුරකථනය තිබුනේ ධනුක සතුවය. ඒ මේඝාට කාර්‍යාලයෙන් හදිසි ඇමතුමක් පැමිණියහොත් පිළිතුරු දීමටය. දුරකථනය නාද වද්දී ධනුක එදෙස බැලුවේ ඇත්තටම එය කාර්‍යාලයෙන්...
වර්ෂා නිවාස සංකීර්ණය වෙත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියට ආසන්න විය. නිම්නාද නිදි වර්ජිතව ඔහුගේ වැඩ වල නිරත වී සිටින බව වර්ෂා දුටුවේ නිවසේ දොර විවෘත කරන විටමය. ඇය ගොස් නිම්නාද ඉදිරියේ වාඩි වූයේ දිගු කතා බහකට මුල පිරීමේ අදහසිනි. " ඔයා තාම වැඩද ? "  " හ්ම් "  නිම්නාද දුන්නේ කෙටි පිළිතුරකි....
" උඹත් එක්ක Facebook එකේ ෆොටෝ එකක් දානවා තියා උඹ දාන ෆොටෝ එකකට ලයික් එකක්වත් නොදානකොට උඹට තේරුනේ නැද්ද ඌ කරන්නේ මොන වගේ බොරුවක්ද කියලා ? "  නිකිනි අසන්නේ උදේ පාන්දරම දුරකථනය ඔස්සේ හඬා වැටෙන මේඝාට පිළිතුරු දෙමිනි. කොහේදෝ සාදයක සිට වර්ෂාව තුරුලු කර ගෙන ගත් ඡායාරූපයක් නිම්නාද මුහුණු පොතට...
අහස් තරමක් බීමත්ව උන්නත් ඔහු සිටියේ රිය පදවාගෙන යාමට හැකි තරමේ සිහියකිනි. ඔහු පාරේ අයිනකට කර වාහනය නතර කලේ විශ්මිත එහා අසුනේ නින්දේ ඉද්දිය. " මං වැඩිපුරම ආදරේ තාත්තට නිසා අම්මට මාව ඉස්සර ඉඳලම පෙන්නන්න බැහැ. මං කවදාවත් එයාගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ , අඩුම ගානේ birthday එකකටවත්. එයාගේයි අක්කලාගේයි...
මේඝා නිවසට එනවිට හවස හතරට ආසන්න වී තිබුණි. වෙනදා දැනෙන වෙහෙසකර බව වෙනුවට ඇගේ හිතට දැනුනේ තරමක සැහැල්ලුවකි. අහස් නිවස අසලින්ම තමාව බස්සවා ගිය නිසා පැය ගණනාවක් තිස්සේ ඌබර් එකක් දමන්නට හෝ දුරකථනය බලන්නට උවමනාවක් නොවූ බව මේඝාට සිහිවුනි. අත් බෑගයට අත දමා දුරකථනය ගත් මේඝා එය පරික්ෂා කරන...