Tag: ඔබට ඇහෙනව නම්

ජීවිතය කියන්නේ හැම විට ම අප කැමති ම තැනක් නො වන්නට පුළුවන. නමුත් බැඳීම් වල හයිය කෙතරම් ද යත් අපට එකී ජීවිතය හැර දා යා නො හැක්කේ ය. තාත්තා ගේ දුව නම් දික්කසාදයෙන් පසු හෝ යළි ගෙදර පැමිණ තියේ. ඔහු වෙත පැමිණ තියේ. ඔහු ට හිමි වී තියේ. නමුත්...
සාමාන්‍ය හිතවත් කමින් හා රාජකාරී මට්ටමින්  පිරිමින් ඇසුරු කිරීම කියන්නේ මට අරුමයක් නොවේ. කාර්යාලයේ ඕනෑ ම කෙනෙකු සමග මම චකිතයකින් තොර ව කතා බහ කරමි. නමුත් කුලාන් මේ විදිහට රිය නවතා ඊට ඇරයුම් කරත්දී එහි නැගිය යුතු ද කියා සිතා ගත හැකි වූයේ නැත. අනිත් අතට අනුන් ගේ කාර්...
උදේ පාන්දර පිබිද මම කිරි බතක් පිසුවෙමි. ඒ පුතා කිරි බත් කන්නට වඩාත් ප්‍රිය බව දන්නා නිසාවෙනි. ඔහු ව ළඟින් තියා ගෙන වෙනත් අම්මලා ට සෙයින් රිසි රිසි දේ තනා කවන වාසනාවක් මට නැත. දස මසක් කුස දරා හිඳ මා බිහි කළ දරුවා වුව මට දැකිය හැකි වන්නේ සතියකට...
වීදුරු කුටිය සීතලෙන් සීත වී තිබුණේ ය. පිටත තවමත් වැහි මන්දාරමයි. හෝරා ගණනාවක් තිස්සේ ඇද හැළුණ වර්ෂාව සහ වායු ගෝලය කැළඹවූ සුළඟ නිසා ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක  පැවතිණ. ඒ මදිවාට වායු සමීකරණ යන්ත්‍රය කාර්යාල පරිශ්‍රය තුළට සීත වායුව පොම්ප කරමින් සිටී. ඔය වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කර දමන්නට මට...
පෙර දා රාත්‍රිය පුරාවට ඇද හැළුණ වැස්ස නිමාවට පත් වූයේ පාන්දර යාමයේ ය. හෝරා ගණනාවක් තිස්සේ පැවති කුණාටු සුළඟ සහ දෙපත් කපමින් වැස්ස ධාරාණිපාත වර්ෂාව නිසාවෙන් පුද්ගල සහ දේපල හානි බෙහෙවින් සිදුව ඇති බව අළුයම ප්‍රවෘත්ති විකාශයෙන් කියවිණි. රැකියාවට වාර්තා නො කර ඉන්නට සිතීත් මම යළි සූදානම් ව පැමිණියෙමි....