Tag: ජීවිතය කවියක් නොවේ

වාහනය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ කරගත් ධනංජය  මිතුරාගේ බෝඩිම  දෙසට වාහනය  පදවා ගෙන ගියේ මන්දගාමීවය. වසර ගණනක් පුරා පෙමින් වෙලී සිටි ධනංජයත් හසාරාත් තමාගේම  කැදැල්ලකට පැමිණ ගෙවී ගිය කාලය වසර දෙකකට  ආසන්නය. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසුව දෙදෙනාගෙන් මුලින්ම රැකියාවක් ලැබුණේ හසාරාටය. ඒ ඇය වර්තමානයේත් සේවය කරන පුද්ගලික දුරකථන සමාගමේය.රජයේ රැකියාවකට...
“ නිර්මිතා කතා කලේ.අනේ මන්දා එයාටත් මොනවා වෙලාද කියලා.ඊයේ එයා පිරිමියෙක් වගේ බිව්වේ..මං ඔෆිස් එකේ අයගෙන් කවර් කරගන්න සෑහෙන්න ට්‍රයි කලා.එයාට වෙච්ච දේවලුත් එක්ක තමන්ගේ ආත්ම ගරුත්වය ගැන මීට වඩා හිතන්න ඕන ධනා..වෙලාවක් තිබුණොත් අපි හවස යමුද නිර්මිව  බලලා එන්න.” හසාරා විමසූයේ කිසිදු වෙනසක් නොපෙන්වාය..කොහොමත් ඉඳහිට දෙදෙනා අතර ඇතිවන පුංචි...
ජීවිතයේ පැතූ  බොහෝ දේ තමාගේ ගිලිහී ගියේ බලා සිටියදීයැයි  නිර්මිතාට සිතිණ.එහි පළමු තැන වූයේ නිපුණය. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායැයි පවසමින් ඇමරිකාවට ගිය ඔහු යළිත් සිය රටට නොපැමිණ එහි නතර වූයේ නිර්මිතා සිය ජීවිතය ගැන සිහින එකතු කරමින් සිටියදීය.එවකට ඇය විශ්ව විද්‍යාලයෙන් සමුගෙන සිටියාය.වාසනාවකට මෙන් නිර්මිතාටත් හසාරාටත් රැකියාව ලැබුණේ එකම...
විනාඩි කිහිපයක් ගතව යනතුරු ධනංජය දෙස බලා උන් හසාරා කාමරයෙන් නික්මුණේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.උදෑසන සිට ඇදගෙන උන් ඇඳුම් අහවර කරන්නටවත් ඉඩක් නොදුන් ඔහු කියවමින් සිට දෑස් පියා ගත්තේ බොහෝ වේලා ඉක්ම යන්නට මත්තෙන් ය. වෙහෙසකර අයුරින් උඩුමහලේ විසිත්ත කාමරයෙහි  සුවපහසු අසුනකට බර වූ හසාරා දෑස් පියා ගත්තේ  මේ...
සියුම්  හිසරදයක් දැනෙමින් තිබූ බව සැබෑය.එහෙත් ඊට වඩා රිදුම් දෙමින් තිබුණේ සිතයි.කොහොමටත් හසාරා යනු ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යාමට තරම් දක්ෂකමක් , කැප කිරීමක් තිබූ අයෙකු බව විශ්වාසය. ඒ සියල්ලටම වඩා ඇයට යන තැනක කැපී පෙනෙන්නට තරම් රූපයක් විය.අද ඇය ලැබූ මේ උසස් වීම වෙනුවෙන්  කාලාන්තරයක් තිස්සේ සිය රාජකාරිය වෙනුවෙන්...
වෙලාව මධ්‍යම රාත්‍රියත් පසුව හෝරාවකට ආසන්න කාලයක් ගතව තිබිණ. එහෙත් කිසිවෙකුට නිදි මතක් හෝ සාදය නිමා කරන්නට උවමනාවක් වූයේ නැත.තරු පන්තියේ හෝටලයේ උඩුමහල විවිධ පැහැගත්  විදුලි බුබුළු වලින් වර්ණවත් වී තිබිණ. හසාරා සේවය කළ ලොව පුරා ශාඛා ගණනාවක්  වූ දුරකථන සමාගමේ දෙවසරකට  වරක් පවත්වන මෙම සාදය සේවකයන්ට සුවිශේෂී වූ...