Tag: පළිඟු මන්දිර

පළිඟු එක්වර නතර නො වූවා ය. නමුත් ඇය ගමන් වේගය හොඳට ම බාල කළා ය. අක්ෂි වගේ පන්ති භේදය ඉහට ගත් කෙල්ලක එක්ක පළිඟු ට නම් කතාවක් ඇත්තේ ම නැත. ඒ වගේ අය ව ජීවිතය පැත්ත පලාතට වද්දා නො ගෙන ඈත් කොට තැබීම සාමාන්‍යයෙන් ඇගේ ස්වභාවයයි. නමුත් අක්ෂි ගැන...
තමන් ට ලැබෙන්නේ ශිෂ්‍යත්වය බව පළිඟු දැන උන්නා ය. කිසල් ගේ පෙම්වතිය ලෙස රඟ දැක්විය යුතු වූයේ ඔහු ගේ අවශ්‍යතාවයන් මත ය. පළිඟු වෙනුවෙන් එහෙම රඟපාන්නට ඔහු බැඳී නැත. අනිත් අතට කිසල් වාගේ ඉහළ පන්තියට අයත් පවුලක කෙනෙක්, විශේෂයෙන් ම ඔහු වාගේ ආඩම්බර කාරයෙක්, පළිඟු ලා ගේ ගෙදර ඇවිත්...
කිසල් කතා කළේ නැත. පිටතට පෙන්නුවේ නැතිවාට ඔහු ගේ සිත් හි ද්වේශ සහගත සතුටක් නළියමින් තිබුණේ ය. ඔහු ගේ අරමුණ ඉටු වී තියේ. අක්ෂි ට රිදී තියේ. ඇය ඔය විදිහට ඔහු වෙත ඇවිත් කතා කළේ ඒක ය. පළිඟු නිහඬව ම බත් පත ලෙහුවා ය. මීට ටික වෙලාවකට පෙර දැනෙමින් තිබුණ...
පාසලෙන් සිල් සමාදන් වූ දවසක මිස, පාවහන් නොමැති ව ඇවිද ඇති දවසක් කිසල් ගේ මතක ඉතිහාසයේවත් නැත. එහෙව් ඔහු පළිඟු වන් කෙල්ලක වෙනුවෙන් සිය පාවහන් පරිත්‍යාග කොට නග්න දෙපයින් සරසවි බිමෙහි ඇවිද යනයුරු අක්ෂි බලා උන්නේ විශ්මයෙනි. ඔහු ඒ තරම් ඇයට පෙම් කරන්නේ ද? මේ තරම් කෙටි කාලයක් තුළ...
රාත්‍රිය චිත්‍රයක් බඳු සන්සුන් බවක් ගත්තේ ය. අඹ ගහේ එක කොළයක් හෝ හෙළවුණේ නැත. චලනය වන යමකට වී නම් ඒ කලබලයෙන් මග හෙළි කර ගෙන එහෙ මෙහෙ යන කණාමැදිරියෙක් ම පමණි.  අඹ ගහ යට බංකුව මත ඉදි වූ පිළිමයක් සේ අවකාශය දෙස බලා ගෙන, පළිඟු මෙතැන ඉන්නේ බෝ වෙලාවක...
කිසල් බෝගොඩ සිය දෙනෙත් පළිඟු වෙතින් සඟවා ගත්තේ ය. තත්පරයෙන් සියයෙන් එකකටත් වඩා අඩු කාලයකදී සිදු වූ නෙතු මුණ ගැසීමේදීත්, ඇගේ ඇස් වල අභියෝගයක් වන බව ඔහු දුටුවේ ය. "මගෙං ප්‍රශ්න අහන එක අපේ ඇග්‍රිමන්ට් එකට අයිති දෙයක් නෙවෙයි" දැඩි බවක් මවාගෙන කිසල් තදින් කීවේ ය. පළිඟු දෙතොල් උල් කළත් කිසිත්...
සරසවි බිමට පොද වැස්සක් වැටෙමින් තිබිණ. උදේ පටන් හාත්පස පැතිර පැවතියා වූ මන්දාරම දලු ලා වැඩෙන්නට වූයේ ය. ඒ මත අත විසිරී පැතිරී උන් සිසු සිසුවියෝ ඉක්මනට සෙවන ඇති තැන් බලා මුවහ වන්නට වූහ.  "ඉතිං කියපංකො උතුම්. මොකද්ද උඹ කියන්න ගියේ..." කිසල් වැස්සේත් සිසුන් ගේ ත් ඝෝෂාව අතරින් කතා කළේ ය. "මං...
උසස් අධ්‍යාපන ආයතනය ට ලැබෙන්නට යන ශිෂ්‍යත්වය ගැන කීවාට, ඒ වෙනුවෙන් හිලව්වට කිසල් බලාපොරොත්තු වෙන්නේ කවරක් දැයි පළිඟු වත්සලා ට නො කීවා ය. ඒ ගැන දැන ගත හොත් වත්සලා කිසි සේත් ඔය ශිෂ්‍යත්වය පිළි ගන්නට ඉඩ නො දෙන බව පළිඟු නියත වශයෙන් ම දැන උන්නා ය. මේ වගේ අවස්ථාවක්...
ඒ හැන්දෑවේ ම කිසල් ආයේ අවන් හල වෙත පැමිණියේ ය. සිය කාරියට අවන්හලේ යුවතිය මේ තරම් සරිලන බව දැනෙන්නේ ඇයි දැයි කියා වුව ඔහු ට වැටහෙන්නේ නැත. මෙහෙම අදහසක් පවා ඔහු ගේ හිතට කොහෙන් පහළ වූවා ද? කෙසේ වෙතත් මේ වගේ අභියෝගයක් බාර ගන්නට නන්නාඳුනන කෙල්ලක කැමති වේවිද කියා...
මේ නම් කදිම දවසකැයි පළිඟු ට සිතිණ. ඊයේ වන තුරුත් පැවති වැස්ස නැවතී අහස සන්සුන් වී තිබෙන්නේ හාස්කමකින් මෙනි. දින ගණනක් අහස වෙලා ගෙන පැවති වැහි වලා පා ව ගොස්, නිල් අහස පෑදී තියේ. ඔය නිල, අද නම් වැහි වලාවක් නිසා බොර නො විය යුතු ය. "පළිඟු...අනේ කෙල්ලෙ ඔය ෆිෂ්...