Tag: ප්‍රේමයේ මන්දහාසිනි

අයියාගේ ඇමතුම් මඟ හරිනවිට ඔහු ඉතා දිගු කෙටි පණිවිඩ එවන්නට පටන් ගත්තේය.  මම අයියාගේ  ඒ දිගු කෙටි පණිවිඩ කියවන්නේ හෝ නැතිවම උන්නෙමි. මට ඒ ගැන අනුකම්පාවක් හෝ වරදකාරී හැඟීමක් දැනුනේ නැත. අයියා වෙනුවෙන් වන සියලු වගකීම් වලින් මම නිදහස් යැයි සිතා උන්නෙමි.  එහෙත් අයියා එවැන්නක් වටහාගන්නට සූදානමින් සිටියේ නැත.  ඔහුට අවැසි...
මට එහෙමම නින්ද යන්නට ඇත. අම්මා ළඟ සුව නින්දක් නොලැබූ කෙල්ලකට මේ සුව නින්ද අතිශය වටින්නේය.  මහේල රෑ මැද ඇහැරවන තෙක් මම සුව නින්දක උන්නෙමි. ඔහු කිරි වීදුරුවක් රැගෙන මා අසලින් හිඳ ගත්තේය. " බීලා ඉන්න... බේත් බොන්න තියෙනවා තුනට ..." සුව නින්ද  අතරමැද නැතිවීම නිසා කෝපයට පත් වූ මම මහේලට එරෙව්වෙමි....
~ ~ ~ වර්තමානය  ~ ~ ~  සියළු බැඳීම් බිඳී ගිය වග දැනුනාට පසුව පවා අනෙකා වෙනුවෙන් සිතෙහි යමක් ඉතිරි වේ නම් එය ප්‍රේමය න්නොවේදැයි මට ඔබෙන් අසන්නට සිතේ. මහේල සුඛෝපභෝගි නිවස්නේ මා තනි කර පිටතට ගියාට පසු මම කලේ අප්‍රාණිකව වැතිර සිටීමය. මහේල මෙහි පැමිණෙන බව දැනගත් දිනයේ පටන්...
මහේල ගේ ඇමතුම විසන්ධි කලාට මම ඔහු සමඟ පැවසූ කිසිවක් ක්‍රියාත්මක කලේ නැත. මහේල හැර අන් ආයතනය ක සේවයට යෑමට මට අවශ්‍ය නොවන වග යටි හිත පෙරලි කරමින් කීවේය.  කල්පනා කිරීමෙන් මම අතිශය වෙහෙසකට වැටුනෙමි  මම එහෙමම නිදාගත්තෙමි. ඇහැරුනේ සවස කිසිවෙකු දොරට තට්ටු කරන හඬකිනි. කොණ්ඩය දෑතින්ම සකසාගෙන දොර විවෘත...
පසුදින මම මහේලගෙ විරෝධය නොතකාම තනිව නවාතැනට පැමිණියෙමි. නිවාඩු ඉල්ලා කෙටි පණිවිඩයක් යැව්වෙමි. ඒ පිම්මටම  මගේ ඉල්ලා අස්වීම කෙටුම්පත් කර යොමු කලෙමි. සැහැල්ලුවක් දැනුණි. මහේල දිගින් දිගටම මා අමතමින් උන්නේය. මම ජංගම දුරකතනය විසන්ධි කර දැම්මෙමි.  හොඳින් නා ගත්තෙමි. මා සතුව ඇති මුදල් කොපමණදැයි බැලුවෙමි. හැත්තෑ දහසකට ආසන්න මුදලක් ගිණුමේ...
රාත්‍රී අටට මහේලගේ අක්කා මට ඇමතුමක් ගෙන බැණ වැදෙන තුරුම මම කිසිවක් දැන උන්නේ නැත.  මහේලගේ ජංගම දුරකතනය විසන්ධි ව තිබූ නිසා මම අක්කාට ගත්තෙමි. ඇයද පිළිතුරු නොදුන්නාය. ඉන් පසුව ඇය මා ඇමතුවේ උස් හඬින් බැණ වඳිමිනි.   මහේල අය්යා මුණ ගැසෙන්නට ගොස් තිබුණි. ඔහු අය්යාට සහ අම්මාට බැණ වැදී මගේ...
තාත්තා සමඟ කතා කරන්න ට ඉඩක් නොදී නිර්මලී නැන්දා ඇමතුමට සම්බන්ධ වූවාය.  " අසේකා.. ..දෝණි....මහේල පුතා කියන විදියට දේවල් කරන්න ... ඔයාගේ කියලා ඉන්න මිනිස්සුන්ට වඩා මෙවෙලේ ඔයා එයාව විශ්වාස කරන්න ඕනි ..  එයා කියන ඕනිම දෙයක් කරන්න කොටින්ම ..  ඒකට අපි කාගේවත් කැමැත්තක් ගැන හිතන්නවත් ඕනි නෑ. හොඳට මතක තියාගන්න...
මා රෝහලෙන් කැටුව යන්නට මහේල පැමිණියේ සවස හයට පමණය.  ඔහුගේ මුහුණෙහි වූයේ විඩාවකි. වේදනාවක්ද නොවූවා නොවේ.  " යමු ... " ඔහු මා ඔසවා රෝද පුටුවේ තිව්වේය. මට ඇවිද  යා හැකිවුවද මහේල මා අසලින් එලෙස දැවටෙනවාට රිසි වීමි. එනිසා ඔහුට රිසි පරිදි සියල්ල කරන්න ඉඩ දී බලා උන්නෙමි.  මහේල අරන්දර ට හිමි විසල් රථයක...
~ ~ ~ වර්තමානය ~  ~ ~  මහේල අරන්දර පැවසූ කිසිවක් මගේ මනසට පැහැදිලි වූයේ නැත. පැය දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු මොනවාදෝ පැහැදිලි කලේය. එහෙත් මට ඒ කිසිවක් පැහැදිලි වූයේ නැත.   මට අවැසි වූයේ මගේ ජීවිතය ඔහුගේ ජීවිතයේ තියන්නට යන තැන ගැන දැන ගැනීම විය හැකිය. එනිසා මම ඉන්නේ පියවි...
ආදරය නමින් වන යමක් වේ නම්,    ඉබේම සිතක පිළිසිඳිය යුතුය. නිදහස් නිස්කාංසුවක  පීදිය යුතුය.  කටෝර දවස් වල පවා එවන් ආදරයක් සිහි වීමෙන්ම නිවීමේ සනිපය දැනිය යුතුය. වේදනා, සෝකාලාප, දුක් ගිනි නිවෙන තරමට ආදරය නිවුම්කාරී විය යුතුය. ඉතින්, එදා රැයින් පසු මගේ ජීවිතයේ වූයේ එවන් ආදරයකි. සැනසීමකි. නිවීමකි.  අම්මා සහ අය්යා...