Tag: පාට සේදුනු වත්සුනු

කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම දැන උන්නෙමි. මගේ කැමැත්තකට ඔවුන් එකඟ බව සීයා කී බවත් යුගාන්ත මට කීවේ ය. නමුත් මේ මොහොත මා අපේක්ෂා නො කළ එකකි. "අඩේ ඒ කියන්නෙ අපේ...
මට තාමත් ඒ සියල්ල සිහිනයක් සේ ය. පවුලක් වශයෙන් ඒ මා එහෙම ගමනක් ගියා ම ය. අම්මා ගේ වෘත්තියේ වූ කාර්ය බහුලත්වය නිසා හා ජීවිතයේ සතුට තියෙන තැන් හොයා ගන්නට ඇයට වූ නුවුවමනාව නිසා, කිසි දා මට අම්මා එක්ක එවන් විනෝද ගමනක් යන්නට ලැබී නැත. තාත්තා අප හා සිටි...
'හොරෙක් වගේ ගෙට රිංගලා' යනුවෙන් අසංක කී කතාව යුගාන්ත ගේ හිත රිදවූ බව මට ඔහු ගේ මූණෙන් ම දකිත හැකි විය. ඒ වෙලාවේ යුගාන්ත ගේ මූණට ආ මඳහස කෝපය වසා ගත් එකකි. "හොරෙක් වගේ ගෙට රිංගුවෙනං නෑ. අත්තම්මත් මාත් එක්ක කතා කරලයි දැං ගේ ඇතුළට ගියේ" මුලින් කී මඳහසින් ම යුගාන්ත...
වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්‍රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත් මම අවදියෙන් කල්පනා කරමින් සිටියෙමි. දැන් සතියක් ඉක්ම ගොසිනි. තවමත් මම කල්පනා කරමින් හිඳිමි. යුගාන්ත ගේ ප්‍රේමාරාධනයට තවමත් මා නිසි ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. "අනේ මේ ගණං...
අසංක ගේ මෝටර් රථය මූල්‍ය සමාගමෙහි වාරික නො ගෙවීම මත ඔහු ගෙන් ලබා ගෙන තිබිණි. සීයා එය ඇසූ කල කට කොනකින් හිනැහෙනු මම දුටිමි. අත්තම්මා නම් කම්මුලක අතක් තබා ගෙන අනේ අපොයි යයි හැඟවූවා ය. "බලන්න අනේ කොච්චර නරකයිද එහෙම කරන එක…අපිට එක වාරිකයයිනෙ ගෙවාගන්න බැරි වුණේ…නේද…ඔය මිනිස්සුනං…" අම්මා ගේ රංගනය,...
අම්මා ගේ හිත නො රිදවනු වස් මගේ හිත රිදවා ගන්නට වුව සූදානමින් ළමා හා නව යොවුන් විය ගෙවූ දැරියක වන මම, වැඩිහිටි ලෝකයට අවතීර්ණ වීමත් සමග ඇයට අකීකරු වීමට යාම පිළිබඳ සිතිවිලි රෑ පුරා මට වද දුන්නේ ය. දරුවෙකු හා මවක අතර වන්නේ ශරීරාත්මක සම්බන්ධයකි. මම කාලයක් ඈ තුළ...
නත්තසූරිය වැටට මත්තෙන් පෙනෙන බටහිර අහස හැන්දෑවට හරි ලස්සන ය. ඒ වර්ණ සංකලනයන්, දක්ෂ සිත්තරෙකුට වුව කළ හැකි දැයි, කොංක්‍රීට් බංකුව මත වාඩි වී අහස දෙස බලා ඉන්නා ගමන් මම සිතුවෙමි. සොබා දහම වූ කලී පුදුම අතරින් ද මහත් වූ පුදුමය යයි මම සිතමි. ඒ, සොබා දහම සියල්ල දන්නා...
අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ වෙනකක් නිසා නොව මගේ ආදායම් පවා කලමණාකරණය කරන්නට ඇයට වන අවශ්‍යතාවය හින්දා කියා මම සිතුවෙමි. නමුත් තුෂී මා නො දකින පැත්තක් දැක තිබුණා ය. "යුගාන්ත එක්ක...
මා පැළ තවානට වී පැළ කිහිපයක් වර්ග කරමින් සිටිනා අතර වාරයක අසංක හෙමි හෙමිහිට ඒ දෙසට පැමිණියේ ය. මම ඒ ගැන ඒ හැටි තැකීමක් නො කළෙමි. ඔහු ඇවිත් මට කිට්ටුවෙන් ම සිට ගත්තේ ය. "වැඩද…" මම හැරී බලා සිනහවක් නගා ගතිමි. "ඔව්" "උදව්වක් ඕනනං කියන්න. දැං මං ඉන්නවනෙ"යළිත් මම සිනහවක් පෑවෙමි. ඊට වැඩියෙන්,...
කාමරයේ හැර දමා තිබූ ජනේලයේ තිර රෙදි ඉහළ නංවමින් අකීකරු සුළඟක් ඇතුළට ආවේ ය. ඒ තෙත සුළං කෝඩයෙන් මා හිරි වැටී ගියත්, එකී සිසිලස හදවතට දිව්‍යමය සුවයක් දැනවී ය. තුෂී යුගාන්තට ඇමතුම ගත්තේ ස්පීකර ක්‍රියාත්මක කොට ය. එනිසා දුරකතනය හැඬවෙන හඬ මට ද ඇසෙමින් තිබිණ. ගතට දැනුණ ඒ තරම්...