Tag: පිණි මුතු පලසක්

“අනේ එපා, අනේ එපා. ම්ම්ම්ම්, අනේ…..හ්ම්ම්ම්ම්. අම්ම්ම්ම්ම්. අනේ අම්මේ. අනේ එපාආආආ” කියාගෙන සත්සරා නින්දෙන්ම මේ අඬන්නේ සෑහෙන කාලකයට පස්සෙ බව ගුණවතීට මතක් උනේ රෑ නින්ද මැද්දේ එකපාර සත්සරා අඬන හඬට ඇහැරුණාමය. මීට මාස බොහෝ ගණනකට පෙර සත්සරා මේ විදියට දවස් කීපයක්ම හීනෙන් බයවෙච්ච බවත්, කවුරුන් හෝ වළක්වමින් හඬා වැලපුන...
“අපි කොච්චර මොන තරම් නඩුවලින් මේ පොඩි දරුවන්ට කරදර කරන පාදඩයො හිරේ දැම්මත් දේසපාලුවො හන්දා කවදාවත් ලංකාව සුද්ද බුද්ද කරලා දාන්න නම් අපිට පුලුවන් වෙන්නෙ නෑ අරුණ” කියාගෙන නීතීඥ කාර්‍යාල ඇතුළට ආවේ අරුණගේත් ජ්‍යේශ්ට නීතීඥවරයා උන කැළුම් සඳරත්න ය. “ගුඩ් මෝනින් සර්” “ගුඩ් මෝනින් අරුණ උදේම වැඩේ පටන් ගත්තද?” “ඔව් සර් අද...
සූර්‍යයා සිටියේ ඒ සුන්දර පිණිබර උදෑසන කොළඹින් බොහෝ දුර ඈත ආණමඩුව - පරමාකන්ද ගම්මානය සිපගන්නට පහත්වෙමින් ය.  උදේ පාන්දර ඉර එළිය සමගින්ම ඇහැරුණු සමුද්‍යා උන්නේ පාසල් යන්නට සූදානම් වෙන අතරවාරයේය. ආණමඩුව වැනි ප්‍රදේශයකත් තවත් මදක් ඈතින් වන්නට තිබූ පරමාකන්ද ගමේ එකම පාසල වූ ආණ/පරමාකන්ද මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමිය වී එන්නට...
සමුධ්‍යාත් සත්සරාත් උන්නේ කවුරුත්ම උන්නේ නැති හිස් පංතිකාමරයක කෙලවරක අසුන් ගෙනය. සත්සරා මේ මොහොතේ ඇඬුවේ නැතත් මීට පොඩි වෙලාවකට පෙර සත්සරාගේ දෙනෙත් වලින් ගලා ආ කඳුලු වල නටඹුන් තවමත් ඒ සුහුඹූල් කම්මුල් වල රැඳී ඇත. “ඒකද එහෙම දෙයක් වෙච්ච පළවෙනි වතාව?” කියා සමුධ්‍යා ඇසුවේ ඒ කතාව අහගෙන ඉන්නට කොපමණ අපහසු,...