Tag: පිණි මුතු පලසක්

ආයේ කිසිම හේතුවක් උඩ මන්ත්‍රී බංගලාවට නොයමියි හිතා උන්නද ආච්චි අම්මාගේ දුබල ආයාචනයත්, දුප්පත්කමත් සත්සරාට එවන් දෙයකට ඉඩක් සලසා තිබුනේ නැත.  “ළමයො ඔය බත් ටික කාලා ඉක්මනට මාත් එක්ක මන්ත්‍රී බංගලාවට ගිහින් එන්න යන්” කියා ආච්චි කියද්දිත් සත්සරා උන්නේ ඒ ගමන තවත් දිග්ගස්සාගනු පිණිස බත් ඇටෙන් ඇටේ මුවට දාගන්න ගමන්...
“මං මේ ඔයා යනවා දැකලා ආවෙ” කියාගෙන ලක්ශිත ෆුල් ෆේස් හෙල්මට් එක ගලවමින් නුපුරුදු හිතමිතුරු ලීලාවකින් කියද්දි උනත් සමුධ්‍යා උන්නේ හිත අස්සෙන් ගැහෙමිනි. ලක්ශිතගේ කටහඬේ තැවරී තිබුණ නුපුරුදු සුපුරුදු බව සමුධ්‍යාව වඩා බියටපත් කරන්නට හේතු වුණාය. සමුධ්‍යා උන්නේ ඇත්තටම දෙන්නට ඕන උත්තරේ කුමක්ද කියා සිතාගන්න බැරුවය. ඒ නිසාම ඇගේ මුවෙන්...
සමුධ්‍යා මද සිනාවක් සමගම අවසරයක් අරගෙන ගෙට ගියේ දහදියෙන් පෙඟුණු ඇඳුම් පැළඳුම් මාරු කරගැනීමේ අවශ්‍යතාවයක් පවසා වුවද එහි ඇත්තටම තිබුණේ ඒ රශ්මියක් විහිදුණ දෙනෙත් බැල්මෙන් මිදීම බව දැන උන්නේ සමුධ්‍යාම පමණකි.ඒ වනාහි සද්ධානන්ද මහත්තයා විසින් හොඳින් දන්න පවුලක් වුණත් තමන් ඔවුන්ව නොදන්නා එක එයට හේතු වන්නට හැකි බව හිතා...
“දැන් ඔය කියන විදියට ඔය ලක්ෂිත කියන මනුස්සය මෙදා පාර ගෙදර ඇවිල්ලා ඉන්නෙ ආයෙ කාලෙකට කොහෙවත් යන්න බලාගෙන නෙවෙයිනම් ඔය කියන ගෑණූ ළමයට ඔයිටත් වඩා අනතුරක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා නේද?” කියා දම්මි අහද්දිත් සමුධ්‍යා හිස වැනුවේ ඔව් කියන්නට මෙනි. “මං මේ හදිසියෙම ගෙදර ආවෙත් දම්මි ඇත්තටම ඔයාව හම්බුවෙලා...
එදා රෑ සමුධ්‍යාට නින්ද ගියේ නැත. කරන්න ඕන මොනවගේ දෙයක්ද කියා හිතාගන්න බැරිම තැන අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙන ගනිද්දී මිතුරු වන්නට ඉඩ ලැබුණ දැනටත් පුහුණු මනෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන දම්සාරා ට සමුධ්‍යා කතා කරේ ඇත්තටම මේ කතාවට තමන් දිය යුත්තේ කුමනාකාරයේ උත්තරයක්ද කියා හිතාගන්න බැරුවය. “මගෙ ඔලුව පිස්සු වැටුණා...
“අනේ එපා, අනේ එපා. ම්ම්ම්ම්, අනේ…..හ්ම්ම්ම්ම්. අම්ම්ම්ම්ම්. අනේ අම්මේ. අනේ එපාආආආ” කියාගෙන සත්සරා නින්දෙන්ම මේ අඬන්නේ සෑහෙන කාලකයට පස්සෙ බව ගුණවතීට මතක් උනේ රෑ නින්ද මැද්දේ එකපාර සත්සරා අඬන හඬට ඇහැරුණාමය. මීට මාස බොහෝ ගණනකට පෙර සත්සරා මේ විදියට දවස් කීපයක්ම හීනෙන් බයවෙච්ච බවත්, කවුරුන් හෝ වළක්වමින් හඬා වැලපුන...
“අපි කොච්චර මොන තරම් නඩුවලින් මේ පොඩි දරුවන්ට කරදර කරන පාදඩයො හිරේ දැම්මත් දේසපාලුවො හන්දා කවදාවත් ලංකාව සුද්ද බුද්ද කරලා දාන්න නම් අපිට පුලුවන් වෙන්නෙ නෑ අරුණ” කියාගෙන නීතීඥ කාර්‍යාල ඇතුළට ආවේ අරුණගේත් ජ්‍යේශ්ට නීතීඥවරයා උන කැළුම් සඳරත්න ය. “ගුඩ් මෝනින් සර්” “ගුඩ් මෝනින් අරුණ උදේම වැඩේ පටන් ගත්තද?” “ඔව් සර් අද...
සූර්‍යයා සිටියේ ඒ සුන්දර පිණිබර උදෑසන කොළඹින් බොහෝ දුර ඈත ආණමඩුව - පරමාකන්ද ගම්මානය සිපගන්නට පහත්වෙමින් ය.  උදේ පාන්දර ඉර එළිය සමගින්ම ඇහැරුණු සමුද්‍යා උන්නේ පාසල් යන්නට සූදානම් වෙන අතරවාරයේය. ආණමඩුව වැනි ප්‍රදේශයකත් තවත් මදක් ඈතින් වන්නට තිබූ පරමාකන්ද ගමේ එකම පාසල වූ ආණ/පරමාකන්ද මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමිය වී එන්නට...
සමුධ්‍යාත් සත්සරාත් උන්නේ කවුරුත්ම උන්නේ නැති හිස් පංතිකාමරයක කෙලවරක අසුන් ගෙනය. සත්සරා මේ මොහොතේ ඇඬුවේ නැතත් මීට පොඩි වෙලාවකට පෙර සත්සරාගේ දෙනෙත් වලින් ගලා ආ කඳුලු වල නටඹුන් තවමත් ඒ සුහුඹූල් කම්මුල් වල රැඳී ඇත. “ඒකද එහෙම දෙයක් වෙච්ච පළවෙනි වතාව?” කියා සමුධ්‍යා ඇසුවේ ඒ කතාව අහගෙන ඉන්නට කොපමණ අපහසු,...