Tag: මල්සර හී සර

  මාලවී මේ සිද්දිය හැමෝම එක්ක කියාවි කියලා බයක් සමුද්‍රගෙ හිතේ තිබුණට ඒක එහෙම වෙන්නෙ නෑ කියල දැනගත්තම පොඩ්ඩක් වගේ හිත සනසගන්න පුලුවන්කමක් සමුද්‍රට තිබුණා. ඒ උනාට ඒ සතුට සර්ව සම්පූර්ණ උනේ නැත්තෙ සමුද්‍ර සප්තමී එක්ක කතා කරන්න හදන හැම වෙලාවකම වගේ “මාලවී අපි දෙන්න කතාකරනවා දැක්කොතින් හිත රිද්දගනීවි” කියල...
“ඇත්තටම මම එහෙම ආවෙ වැරදීමකින්. ඒ වගේම මම ආවෙ ඔයා එක්ක යාලුවෙන්නවත් එහෙම අදහසකින්වත් නෙවෙයි.අයෑම් සොරි මං දන්නවා මගෙන් වරදක් උනා. ඒක ලොකුම ලොකු වරදක්. ඔයා මං ආව එක වැරදියට තේරුම් අරගෙන ඒ උඩ ගොඩක් දුර හිතපු එක හරි කියලවත් වැරදි කියලවත් මං කියන්නෙ නෑ.ඒ උනාට මම එහෙම වැරදි...
“මං දන්නවා ඔයා එහෙම දෙයක් ඇහුවෙ ඇයි කියන එක. ඒ උනාට ඔයා ඒ දැකපු දේ නෙවෙයි ඇත්ත. ඊට වඩා කතාවක් ඔයා දැක්ක දේ අස්සෙ තියෙනවා” කියල සමුද්‍ර කියද්දිත් ඒක පිළිගන්න තිබ්බ නම් හොඳයි කියල අදහසක් තිබ්බට ඒක එහෙමම පිළිගන්න බෑ නේද කියන එක සප්තමී කල්පනා කලා. “මං දැකපු දේ නෙවෙයි...
“ඔලුව බර වුනෙ මම අරයා එක්ක කතා කරනව දැක්ක හන්දද කියලා ඇහුවෙ?”  සමුද්‍ර එහෙම අහද්දි කෙල්ල උන්නෙ පොඩ්ඩක් විතර එක්සයිට් වෙලා විත්තිය ඇත්ත උනත් මේ වගේ ප්‍රශ්නෙකට දෙන්න ඕන ඔයා අනිත් කෙල්ලො දෙනවා වගේ ඇඬෙන උත්තරයක් නෙවෙයි කියල මතක් කරගන්නා තරම් ඒ එක්සයිට්මන්ට් එක සප්තමීට ලොකුවටම හානියක් කරලා තිබ්බෙ නෑ. “මගේ...
“ඔයා දන්නෙ නෑ සප්තමියො සමුද්ර මාත් එක්ක මාර ෆිට් කියාගෙන” මාලවී පස්සෙන්දා උදේ චොකලට් කෑලි වගේකුත් උස්සගෙන ගෙදර එද්දි තමයි සප්තමීට තේරුණේ තමන්ට ඊයෙ හම්බුනේ මාලවීලගෙ ගෙදර ඇවිත් ආපහු තමන්ගෙ ගෙදර යන සමුද්ර කෙනෙක්ව කියලා. “ආහ් ඇයි ඒ එකපාර මිනිහා ඇවිල්ලා තියෙන්නෙ ඉතින්?” කියලා මාලවීගෙන් අහද්දි උනත් සප්තමීට පුලුවන්කමක් තිබ්බෙ...
“මං හිතුවා අනේ ඒත් තව පරක්කු වෙයි” කියලා කියාගෙනම දොරකඩෙන් ඇහිච්ච බෙල් සද්දෙට මාලවී කාමරේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉඳලා පියඹගෙන ආවෙ කිරිල්ලියක් වගේ. ඇත්තටම සමුද්ර එනකම්ම, තමන්ගෙ ගෙදර දොරකඩ ඉස්සරහා සමුද්රව දකිනකම්ම මාලවී විශ්වාස කලේ නෑ ඒ විදියට සමුද්ර තමාට කතා කරා කියන එකවත් සමුද්ර තමන්ගෙ ගෙදර එනවා කියල...
සමුද්‍රට ඉන්පස්සෙ තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ වුණේ ආයෙම ශුටින් දවසක සප්තමීව හම්බ උනාම මූණ දෙන්නෙ කොහොමද කියන. බඩ ගොර ගොර ගාන සද්දෙට එක්කහු වෙච්ච “අර පිස්සු හටන ඒ කෙල්ලට මං ආ එක ගැන මොනවා කිව්වද දන්නෙ නෑ” කියන සිතුවිල්ල සමුද්‍රට දරාගන්න එච්චර පුලුවන් වෙච්ච එකක් නෙවෙයි. “මට නම් ශූටින් වලට ගිහින්...
“ආහ් එහෙනම් ඔන්න මමත් හායි කියලා කියන්නම්කො. දැන් කියන්නකො මොකටද එකපාරටම මට හායි කියලා කිව්වේ” “ඔයා මාර වෙනස්නෙ මේ චැට් කරද්දි අප්පා” “ඇයි එහෙම කිව්වෙ?” “නෑ ඉතින් ශූටින් වලදි ඔයා වැඩිය කතා බහ එහෙම කරන්නෙ නෑනෙ. ඒකයි මම එහෙම කිව්වෙ. මම හිතුවෙ ඔයා කතා කරන්න දන්නෙ නෑ කියලා. ඔයා අනිත් අය එක්ක...
10 “උඹ ඒකිට කැමති කියන එක මට නම් තේරුණේ ඒකි මලින්දය එක්ක කතා කරන කරන සැරේට උඹේ මූණ නිකන් කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වෙන හන්දා” කියලා සුමල් කියද්දි උනත් සමුද්‍ර නම් මුකුත් කිව්වෙම නෑ. අනික ඉතින් හිතේ ඔහොම දෙයක් තද කරගෙන ඉන්න බැරි හන්දම සුමල්ට කිව්වෙ මේ දවස් ටිකේම...
“මට නම් හිතෙන්නෙම සමුද්‍ර ඔය කිව්වෙ සප්තමී ගැන තමයි” කියලා මාලවී කාටවත් ඇහෙන්නෙ නැති විදියට වසන්තගෙ කණට කරල කිව්වේ කෲ එකේ අනිත් හැමෝම වගේ රෙස්ට් කර කර ඉද්දි. මාලවී වසන්ත එක්ක කතා කරනවා ඕනවට වැඩි කියලා වතාවක් දෙකක් කියන්න හැදුවත් මාලවී මේ ගමන යන්න බලෙන්ම වගේ කඩන් බිඳන් තමන්...