Tag: මල් පිපුණිද හිම කැළයේ

කලුගල් බැම්මට එහා පසින් ඇත්තේ කුඩා allotment එකකි.මිදුල් ඉඩකඩ සීමා සහිත පුද්ගලයන් වගාකරන්නට බද්දට ගන්නා වගා බිම් කොටස් මෙහි ඇත.මේ පෙබරවාරියේ ඔවුන් පස පෙරළා වගාවට සකස් කරමින් ඇත.අතීතයේ අත්තම්මාගේ ගමේ ගෙදර එළවලු කොරටුව නිලංගාට සිහිවිය.අත්තම්මාගේ එළවලු කොරටුව ,ගමේ නිවස සිහිවීමම සිතට සුවයක් ගෙනාවද එතනින් එහා සිතුවිලි අප්‍රසන්න කටුක හැඟීම්...
පෙබරවාරියේ අග හෙයින් දිවා එළිය හවස හතරහමාරටත් මැකී නොයා තිබේ. දරාගන්නට අපහසු සීතල දවස් ගෙවී ගොස් අවසානය.දුරකතනයේ කාලගුණ දත්ත වලට අනුව පිටත උෂ්ණත්වය තවමත් සෙල්සියස් අංශක එකොළහක මට්ටමේ ඇති බව නිලංගා තහවුරු කරගත්තේ කාමරයෙන් පිටතට බසින්නට පෙරාතුවය.උණුසුම් ඇඟලුම් තට්ටු ගණන මඳක් හෝ අඩුවීම එක් අතකට මහා පහසුවකි. කාමරයේ දොර අගුළු...