Tag: මල් පිපුණිද හිම කැළයේ

"අම්මා , නෙලීව දැක්කද ? එයා නෑනෙ..."උදෑසන කාමරයට වී සිය ගෙතුමක නිරත වෙමින් උන් මේරි මර්ෆි හිස ඔසවා කාමරයට කලබලයෙන් මෙන් ආ දියණිය දෙස බැලුවාය.ඇය බොහෝ ලෙසින් කලබල වී ඇතිවා සේය. "ඇයි ඇයි මොකද සිල්වියා කෑගහන්නෙ.එයා උදේ මට වොෂ් දාන්න උදව් කළා. ඉන් පස්සෙ කෑම මේසෙටත් එක්කන් ගියා.එයා මගෙ ගාවටම...
සිල්වියා නිලංගා තනිකොට ගත්තේ මාලිකාගේ විවාහයෙන් සතියකට පමණ පසුය.ස්ටීව් කෙතෙක් බය නොවන්නැයි පැවසුවද මොනයම් මොහොතක හෝ මෙම අවස්ථාව ලඟා වන බව නිලංගා දැනසිටියාය.ස්ටීව් විදෙස් හමුවක් වෙනුවෙන් ග්‍රීසිය බලා ගොස් තිබිණ.ඔහු නිවසට දින ගණනකට නොපැමිණෙන බව සිල්වියා දැන සිටියාය. "නෙලී..ඉඳගන්න..."සිල්වියා ආයාසයෙන් මුවට නංවා ගත් සිනහවෙන් යුතුව පැවසුවාය. නිලංගා ඇය ඉදිරිපස අසුනේ...
එක් සොඳුරු සවසක සුන්දර ගම්බද  දේවස්ථානයකදී මාලිකා සහ බ්‍රයන් නීත්‍යානුකූලව විවාපත් වූහ.මාලිකා සුදු පැහැ සුන්දර මංගල ගවුමකින් සැරසී සුදු සහ රෝස පැහැ මල් කළඹක් දෝත දරා උන්නාය.බ්‍රයන් සිය මනාලිය ආදරයෙන් සිප ගත්තේය.ඔහු ඇයට බෙහෙවින් ආදරය බව දන්නා මුත් ස්ටීව් අන් අයට නෑසෙන සේ ඔහුට ඉඳහිට විහිලු කළේය. "චී...බ්‍රයන්...කොල්ලෙක් වගෙ ඉන්නවකො......
"ජීවිතේ කියන්නෙ හරි පොඩිම දේකින් පවා සතුටක් ලබන්න පුලුවන් දෙයක් කියලා මට හිතෙන්නෙ ඔයා දිහා බලන් ඉන්නකොට.ඔයා හරිම වෙනස් කෙනෙක් නෙලී.මට එහෙම ජීවිතේ සතුටින් ඉන්න බැරි ඇයි කියල මම හැමදාම හිතනවා. සල්ලි මොන තරම් තිබුණත් , සතුටින් විනෝදයෙන් ඉන්න ඕනතරම් සල්ලි වියදම් කරලා යන්න තැන් තිබුණත්..මට ඒවායෙන් කිසිම සතුටක්...
ගමන යන්නට පැමිණෙන මොහොතේ හිතේ තිබූ සතුට හොරු අරන් ගියාක් බඳුය.ස්ටීව් කල්පනාවේ ගැලෙමින්ම රිය පැදවූවේය.ගමන අවලංගු කළ හැකිව තිබුණේ නම් එයද තමා කරන්නට නොපැකිලෙන තරමට ස්ටීව් නොසන්සුන්ව උන්නේය. "ස්ටීව්, ඔයා හොඳින්ද? ඔයාට අපහසු නම් අපි වෙන දවසක මේ ගමන යමු..."නිලංගා අසුනේ අඩක් ඔහුවෙත හැරෙමින් විමසුවේ ඒ මොහොතේය.ස්ටීව් ඇය දෙස නොබලාම...
"එයා කොච්චර අනුන් ගැන හිතුවත් එයා මාව රිජෙක්ට් කරනවා...අනෙක් ඔක්කොටම එයා සලකන්නේ හරිම සොෆ්ට් ඇටිටියුඩ් එකකින්.හැබැයි මා එක්ක විතරක් එයා ලොකු ගැප් එකක් මේන්ටේන් කරනවා..." "ඒකට හේතුව අර එයා එහෙ ආව ෆස්ට් ඩේ එකේම මං එයාගෙ ඔලුවේ මගෙ ගැන ඇති කළ ඉම්ප්‍රෙශන් එක වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මෙහෙම...
සිය දුරකතනය සිහින් කම්පනයක් දනවනු දැනෙන විට ස්ටීව් ක්ලිෆර්ඩ් සිටියේ සිය මහල් නිවාසයේ බැල්කනියට වී අහස දෙස බලාගෙනමය.ජීවිතයේ මේ දැනෙන හුදෙකලාව සහ නොසන්සුන් කම වෙනදා මෙන් අතිශය කාර්‍යබහුල වුවද පාලනය කරගන්නට නොහැක.දිනගණනාවක් තිස්සේ කල්පනා කළද කියාගන්නට සිතාගන්නට නොහැකි හිස් බවක් ජීවිතය පුරා ඉතිර ගොසිනි.අඳුරු නිල් අහස පිරෙන්නට සඳ පායා...
සති දෙක තුනක කාලයේදී මේරි මර්ෆි නිවස තුළ ඇවිදින ආධාරක රාමුවකින් නිලංගාගේ සහය ද ඇතිව ඇවිදින්නට පටන් ගත්තාය.සති දෙකකට වතාවක් ඩැනියෙල් පැමිණ අවශ්‍ය උපදෙස් සහ ගුරු හරුකම් දී නික්ම ගියේය.ඩැනියෙල් පැමිණෙන හැම මොහොතකදීම ස්ටීව් කෙසේ හෝ ආච්චී අසල රැඳෙන්නට කුමක් හෝ හේතුවක් සොයාගෙන පැමිණියේය. තුරුණු වියේ යෞවනයකු සේ ස්ටීව්ගේ මේ...
ගතව ගිය කාලය තුළ මේරි මර්ෆි චිකිත්සක ප්‍රතිකාර සඳහා කැමති කරවා ගන්නට නිලංගා සමත්වූවාය.මුලදී මුලදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කලද නිලංගා වක්‍ර මාර්ගයෙන් ඇය ඊට කැමති කරවා ගත්තාය.පෝලා, සිල්වියා හෝ ස්ටීව්, නිලංගා මේ හපන්කම කරනු ඇතැයි විශ්වාස නොකළෝය.ඕනෑම දෙයකට නම්මාගන්නට සමත් වුවද ව්‍යායාම ප්‍රතිකාර සහ ඇවිදීම සඳහා කීයටවත් මේරි මර්ෆී...
කලබලයෙන් ආපසු හැරී ආවද ස්ටීව් උන්නේ අනවශ්‍ය අතීත මතකයක් ඇවිස්සීමේ තරහද කළකිරීමද ඇතිවය. අවසානයේ ඒ තරහා පාව ගියේද ආච්චී අසළ උන් ඇය මතිනි. පසුගිය දින කිහිපයේ ඇය හා ඇතිව තිබූ සමීප බව එක මොහොතින් ස්ටීව් අමතක කොට හැරී ආවේය. පෙර කළක සේම යළිත් පාලනය කරගන්නට බැරිතරම් තරහක් මතුව ඒම...