Tag: මියුරු පෙම් වසන්තේ

තේජානිට ඕන උනේ පපුව මැද්දෙන් ටැටූ එකක් කොටාගන්නය. මිලින්ද උන්නේ තේජානිගේ නම තමන්ගේ පපුව අස්සේ කොටාගන්න විදියක් හිතන ගමන් ය.  “මම දවසක එන්නද ඔයාට කියල ටැටූ එකක් කරගන්න?” කියා තේජානි මිලින්දගෙන් ඇහුවේ අහන්න පුලුවන් උපරිම සරාගික හඬකිනි. මිලින්ද අහුවුනේ ආන් ඒ කටහඬටය. නදීගේ බැණුම් වලින් මෙච්චර දවසක් පිරී තිබිච්ච කන්...
මිලින්දට තේජානිව හම්බුනේ ඕන් ඔය අස්සේය. තේජානි ජීවත්වුනේ ගල්කිස්සේය. තේජානි යාලුවෙලා උන්නු කස්තුරි කියන්නේ මිලින්දට එහා ගිය ටැටූ පිස්සෙකි. කස්තුරිට මිලින්දව සෙට් උනේ මිලින්දගේ ටැටූ ශොප් එකේ හිඳ ගායකයෙක් දැමූ ටික්ටොක් එකක් වයිරල් ගිය එකත් එක්කය. කස්තුරිගේ ඇඟේ තව ටැටූ එකක් කොටන්න ඉඩක් තිබුණ තැනක් නැති උනත් කොහොමහරි ඉඩක්...
ධම්මිකා එදා මියුරුගේ කාර්‍යාලයට ආවේ මියුරු ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ යම් කිසි අපනයන කටයුත්තක් සඳහා එලියට ගොස් සිටි මොහොතක ය. මියුරු යාලුවෙලා ඉන්න කෙල්ල ලස්සන බව හැරෙන්න, වෙන කිසිවක් ගැන නොදන්න හන්දා තමන් මේ සර්ච් කිරීම පටන් ගත යුත්තේ කොතනින්ද කියන දෙගිඩියාව ධම්මිකාගේ හිතේ තිබුණි. මියුරුගේ ඔෆිස් එකෙන් මේ සර්ච්...
ක්ලීටස් උන්නේ මියුරුගෙන් මේ කිසිවක් ගැන අහන්න බැරුවය. ඒ කෙල්ල කාගෙ කවුද කින්ද මන්ද කියා හොයන්නටවත් ක්ලීටස්ට බැරි උනේ ඇය ගැන කිසිම දෙයක් තමන් දන්නේ නැති හන්දාය. දන්නෙ නැති කෙනෙක් ගැන හොයන්නේ කොහොමද කියා හිත පෙලූ ඒ ප්‍රශ්නය දින ගණනාවක් පුරාවට ක්ලීටස්ව මත් බවෙන් පුරවාලන්න හේතු වෙච්ච එකකි.  ක්ලීටස් එසේ...
මිලින්දගේ ටැටූ ශොප් එකට නොහිතපු විදියේ ප්‍රසිද්ධියක් ලැබුනේ කාලෙකට කලින් වත්තෙන්ම බිහිවෙච්ච බස් සිංදු ගායකයෙන් වෙච්ච කොල්ලෙකු මිලින්දට කියා ටැටූ එකක් කරගත්ත හන්දාය. මිලින්ද වගේම කෙස්ස පාට කර, එක පැත්තකින් කෙස්ස හෙනම දිගට වවාගෙන උන් ගායකයා මිලින්දගේ ටැටූ ශොප් එක ඇතුලේ, මිලින්ද ටැටූ එක කොටන අතරවාරයේ කියා ටික්ටොක් අප්ලෝඩ්...
නදීව ගෙදරින් බස්සා මියුරු ආපහු තමන්ගේ ගෙදර බලා ආවේ පුදුමාකාර සන්තෝසෙනි. මෙච්චර ලස්සනට ගෙවිච්ච වෙන සති අන්තයක් ගැන මෑත කාලීන මතකයක් මියුරුට තිබ්බේම නැත.  තමන් ඉන්නේ සතුටෙන් බව මියුරු දනී. මියුරුට ඕන නදීවත් සදාකලික ආදරයකිනුත් සදාකාලික සතුටකිනුත් පුරවා තබන්නටය. ආදරේ කරන කෙල්ලව හැමදාම සතුටෙන් තියන්න පුලුවන් ඒක තමයි තමන් ලබන...
එදා නදී උන්නේ මියුරු එක්ක සති අන්තයේ මියුරුගේ අයියාගේ මගුල් ගෙදරට අඳින්න ඕන ඇඳුමක් තෝරගන්න යන්න ය. මියුරු අයියගේ වෙඩින් එකට අඳින්නට ඕඩර් කල ඇඳුම භාරගන්න තිබුනේ වන් ගෝල් ෆේස් එකේ ටක්ස් සිලෝන් ආයතනයෙන් ය. මියුරු එදා නදීට එන්නට කතා කලේ “උදේ අපි ගිහින් ඇඳුම බලලා, ෆිල්ම් එකක් බලලා...
“උඹටත් ලැජ්ජ නෑ, ඒකිගෙන් ගුටිකෑව මදිවට තව ඒකිට පේන්න ගේ ඉස්සරහට වෙලා ඉන්නවා” කියා මාග්‍රට් මිලින්දට බැන්නේ වැඩට යන නදීව ඇහැට මුලිච්චි වෙනතුරු ගේ ඉස්සරට වෙලා ඉද්දීය. “අනේ අම්මෙ මේ යන්නකො කෑගහන්නෙ නැතුව” “යන්න නෙවෙයි උඹේ මේ වලත්ත වැඩ හන්ද තව ටික දවසකින් අපිට මේ වත්තෙන් තමා යන්න වෙන්නෙ, යකෝ ලැජ්ජ...
“ඔයා කොහෙන්ද ආවෙ, ඔයා කාගෙ කවුද කියන එක ඔයාට ආදරේ කරන්න මට ප්‍රශ්නයක් නෙවෙයි නදී” කියා මියුරු කිව්වේ ඊටපස්සෙන්දා සෙනසුරාදා දවසේ නදී එක්ක කතාකරන්නත් රවුමක් දාන්නත් හිතාගෙන කාර් එකේ හයි වේ එකේ ගාල්ලට යන අතරවාරයේය. කලින්දා රැයේ නදී විසින් කියන්නට යෙදුන කතාව තමන්ට දිනන්නට අපහසු ගේම් එකක් බව දැන උන්නත්...
“මං ඔයාට බොරු කිව්ව කියල හිතන්න එපා. මම බොරුවක්වත් ඇත්තක්වත් කිව්වේ නෑ. මම මුකුත් නොකිය උන්නු එකයි කරේ. මට සමාවෙන්න ඒකට” කියා නදී කියා යැව්වේ මියුරුගෙන් දැන් මැසේජ් එකක් ඒවි කියල බල බල ඉඳ බැරිම තැනය. ඒ මැසේජ් එක ගිය බවත් මියුරු එය දැක්ක බවත් වට්සැප් තිරය මත වැටී...