Tag: මේ ඒ වසන්තයයි
ඉසිනි අම්මාට ඇමතුමක් ගෙන ඉක්මනින් සමුදුන්නේ අවසන් කල යුතු වැඩ කිහිපයක් ඇති බව පවසමිනි. රාත්රී හත පසුවෙද්දීත් නුරාන්ගේ ජංගම දුරකතනය විසන්ධිව තිබීම ඉසිනිගේ සිතට ඇති කලේ බියකි. එහෙත්, ඔහු එවන් හදිසි තීරණ් ගන්නා අයෙකු විය නොහැකි බව වහා සිතමි ඕ ඒ බියෙන් මිදුණාය.
වචන නම් වන කඩු තුඩු වලින් කල...
නුරාන් අවධාරණය කරන්නට උත්සාහ කලේ කුමක් වුවද ඉසිනි එවෙලෙහි තමා සමඟම උන් සටන නිසා ඕ වටහා ගත්තේ අනෙකකි.
“ ඔයා කියන්නේ මාව සල්ලි වලට ගන්න තරම් ඔයාට සල්ලි තියෙන නිසා ඔයා දැන් මාව සල්ලි වලට ගන්න වුනට් ගන්න වුනත් ඔයා ලෑස්තියි කියලද නුරාන් ......”
ඉසිනි එලෙසින් විමසන බව යලි තහවුරු කරගන්නට නුරාන් තවත් විනාඩි කීපයක් ගත්තේය....
ඉසිනි කාර්යාලය වෙත ඇවිද ගියේ හොර පූසියක ලෙසිනි. කල්පයක් තිස්සේ කුසගිනේ හිඳ කුසට යමක් වැටුනාට පසු දැනෙන සැනසීම පිළිබඳව අපට සිතාගන්නටවත් නොහැක. එහෙත් ඉසිනි විඳිමින් උන්නේ ඒ සා සැනසීමකි. සිතද, කුසද දරා ගත නොහැකි ප්රාමාණික බාවයකින් පිරී ගොස් තිබුණි. අද පැහැසරා සහ ධනුක කාර්යාලගත රාජකාරි සඳහා නොපැමිනෙන දවසක් වීම...
අම්මාට මුසා බස් පවසා නුරාන් කිරිබත් පාර්සලයක් ඔතාගත්තේය. ඔහු නිවසින් පිට වෙද්දී නවය පසුවී තිබුණි. ඉසිනිගේ කාර්යාලය වෙත පැමිනෙන්නට තවත් විනාඩි තිහක් පමණ ගත විය. ඔහු ඉසිනිට ඇමතුමක් ගත්තේය. ඉසිනි උන්නේ දිනයේ ලියුම් වෙන් කරමින් අංකනය කරමිනි. ඕ තවමත් නුරාන්ගේ අංකය ජංගම දුරකතනය තුල සුවපහසු ලෙසින් ගබඩා කරගෙන තිබුනේ...
අම්මලාද නිවසට පැමිණීමෙන් පසුව නුරාන්ට දැනුනේ ජීවත් වන්නට අවැසි සියල්ල තමා වට වන බවය. අම්මා සහ තාත්තා ගමනේ තොරතුරු පවසද්දී නුරාන් වෙහෙස නොසිතාම සවන් දුන්නේය. ඔවුන් මින් වසර හත අටකට පෙර ගෙවූ දුක්බර, කටුක ජීවිතය දැන් මතකයන් පමණය. අයියා, අක්කා, දියණිය සහ තමා සමඟින් ඔවුන් දෙදෙනා ජීවිතයේ සැදෑ සමයට...
දෙවන වතාවටද එම අංකයම ජංගම දුරකතන තිරය මත වැටෙද්දී, ඉසිනි ජංගම දුරකතනය අතට ගත්තාය. සන්සුන් වන්නට අවැසි තරමේ හුස්මක් හෙලුවාය. ජීවිතයේ දශක තුනකුත් ඉක්මවා ඇති ගැහැණියක, එක් ජංගම දුරකතන අංකයක් නිසා මෙතරම් තිගැස්මක නතු වීම විශ්වාස කල හැකි යමක්ද නොවේය. එහෙත් ඉසිනි එතරමට වන තිගැස්මක උන්නාය.
" හෙලෝ ....."
" නම්බර්...
සෝමා පැමිණෙන්නට පෙර යා යුතු වග පවසා නුරාන් පිටව යන්නට සූදානම් වූයේ, ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දු වීමෙන් පසුවය.
" නම්බර් එක ඒකමද ?..."
ඕ හිස සැලුවාය. නුරාන් එය පිළිගෙන සිනාසුනේය. ඉසිනි නිවෙස තුළ වූ කලු පැහැ සෙරෙප්පු ජෝඩුවක් රැගෙන විත් නුරාන් ඉදිරියෙන් තැබුවේය. නුරාන් එය පයෙහි ලාගෙන ඉසිනි වෙත හැරුනේය.
" අද...
නුරාන් ඕ අතැර එක්වරම ආපසු හැරෙද්දීම ඉසිනිට යමක් දැනුනේය. ඔහුගේ හිතුවක්කාරකම්ද නිමක් නැත. ඕ වහා පිටුපසින් දිව ගොස් ඔහු ඉදිරියට ආවාය. ඔහුගේ දෑස් වල වූයේ ගින්දරමය.
" නුරාන් .."
" පැත්තකට වෙනවා..."
" නුරාන් වහිනවා තාම.. අනෙක පාරේ අලි ඇති .."
" ඉතින් .. අදාල නෑනේ ඒක ඔයාට ඉසිනි .. මටනේ වෙන්නේ .....
ඊළඟ තත්පරයේ ඉසිනි උන්නේ නුරාන්ගේ දෑත් අතරට ගුලිවීගෙනය. නුරාන් අන් සියල්ල අමතක කලේය. ඔහුගේ සිත තුල වූයේ එක් තහවුරු කර ගැනීමක් වෙනුවෙන් වූ අවශ්යතාවයම පමණි.
" මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්"
ඔහු ඉසිනිව වඩාත් තදින් අල්ලාගත්තේය.
" ඒ කියන්නේ ඔයා දැන් මගේද ඉසිනි ?... ආයෙම ඔයා මගේද ?..."
තමා...
18
නුරාන් ගත උණුසුම් ජලයෙන් දොවාගත්තේය. ඉසිනි දුන් තුවාය හැඳ ගත්තේය. කලිසම සහ කමිසය වියලෙන්නට විදුලි පංකාව අසලට ගෙනැවිත් දැම්මේය. ඉසිනි පෙනෙන්නට උන්නේ නැත. විනාඩි කිහිපයක් යද්දී ඕ පැමිණියේ දනහිස තෙක් කලිසමකට සැහැල්ලු ටී ශර්ට් එකකින් සැරසීගෙනය. ඇගේ එක් අතක ගුලිවූ යමක් විය. ඕ එය නුරාන් වෙත පෑවාය. නුරාන් එය...