Tag: මේ ඒ වසන්තයයි

සෝමා ඉසිනිවද කැටුව පන්සල් භූමියෙන් පිටත්ව යන්නට සූදානම් වෙද්දී නුරාන් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් සිට ගත්තේ ගම මඟ අහුරමිනි. " අනේ අපේ මහත්තයෝ.. නෝනාට කෑ ගහන්න එපා... හිතලා කරපු දෙයක් නෙවෙයි නේ..." "සෝමා නැන්දාගේ දුවට ඔය වගේ දෙයක් වෙලා, මම ඔය කතාවම කිව්වොත් සෝමා නැන්දා මොකද කරන්නේ ?" නුරාන් සන්සුන් හඬකින් විමසද්දී සෝමා නිහඬ වූවාය. ඉසිනිට...
පැහැසරා ඉසිනි සොයා ආවේ නුරාධ්‍යාගේ හැඬුම් එක්කමය. " අනේ... ඒඩී මිස් මෙහෙ බව මම දන්නේ නෑනේ.. මෙයා මේ ඉවරයක් නැතුව මිස් ආන්ටි, මිස් ආන්ටි කිය කිය අඬනකොට මම බලන්න ආවේ අනේ ." පැහැසරා ඉසිනි සමීපයට විත් එලෙස පවසද්දී ඉසිනි නුරාධ්‍යා සමඟ සිනාසුණාය. " සෝමා නැන්දා එක්ක ආවේ පැහැසරා මිස් ... කාලෙකින් පන්සලකට...
ආපසු හැරී යෑමට නොහැකි නිසාම ඉසිනි සෝමාද සමඟින් පන්සල් භූමියට ඇතුළු වූවාය. ඉතා කාර්‍යබහුල මිනිසුන් රැසක් මැද ඉසිනිට දැනුනේ තමා අතරමංව ඇති බවය. තම උගත්කම්, වත්පොහොසත් කම් සියල්ල ක්ශය්ව ගොස්  ඇති බවය. තමා තුළ මේ සිටින ගැහැණිය මේ ගම්මුන් දේවත්වයෙන් සලකන මිනිසාගේ ජීවිතය අපායක් කෙරූ තැනැත්තිය වග ඔවුන් දැනගත්තහොත් ඔවුන්...
සුදු පැහැස ස්ලැක් කලිසමකට සුදු පැහැ  දිගු ටොප් එකක් හැඳගත් ඉසිනි, කොණ්ඩය ගෙතුවාය. " කොමලී .. ඔන්න ඔහොම කොණ්ඩේ ගොතනවා හලෝ.. හෙනම හැඩයි..." ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට පෙර කාලයේ නුරාන් එලෙස පැවසූ ස්වරයක් හිටි හැටියේම මතුව ඇයව ඒ හැසිරීමට ඇද දැමුවා මිසෙක, අසිනි කොණ්ඩය ගොතා දමා නිවෙසිn එළියට ගිය කාලයක් ඇයට මතකවත්...
 ඉසිනි ඉරිදා ඇහැරුනේ නිවෙස් අස් පස් කිරීමට පැමිණෙන කාන්තාව ගේට්ටුවට ගසන හඬිනි. ඕ අඩ නින්දෙන්ම ඇවිද ගොස් ගේට්ටුව විවෘත කලාය. ගෙවුණ රැයේ නොවූ නින්ද ඇය සොයා ආවේ පාන්දරට වෙන්නය. තවමත් ඇස් නිදිබරව ඇත්තේය. නින්දක් අවැසිවාට නිදාගත්තා නොව, ඉසිනිට අවැසිව තිබුණේ සියල්ල අමතකව යන්නට නිදන්නය.. " මං හතට විතරත් ඇවිල්ලා කතා...
අරුණෝද  හා වූ මතකයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය බව සිතා කොළඹට ස්ථාන මාරුවක් බලාපොරොත්තුවෙන් උන් නිළධාරිනියක හා සුහද මාරුවකට එකඟ වී අම්පාරට පැමිණියේ, අම්පාරේ කාෂ්ඨක බවට යටත්ව සිත හදාගන්නටය. එහෙත්, පැමිණි දිනයේ සිට සති දෙකක් ඉක්මවන තෙක්ම මහා වැසි විය. කුඹුරු ඉඩම් යට වන තරමේ වැසි විය. සිතට පාලුව සහ තනිකමම...
ඉසිනි කේක් කැබැල්ලක් ගෙන මිදුලේ කොනකටම ඇවිද ගියාය. උපන්දින සාදයට පැමිණ වුන් අයවලුන්ගේ මෝටර් රථ කිහිපය අතරින් ඕ ඇවිද ගියේ ඉතා ඉක්මනිනි. ඒ කිසිවෙකු තමා පසුපස හඹා එනවායැයි යන දැනීම සමඟින් ය. මිදුලේ කොනේම නැවතුනු ඕ තත්පර කිහිපයකට පසු වහා ආපසු හැරුණාය. සුදු පැහැ තීන්ත  පිරියම් කල දෙමහල් නිවසත්,...