Tag: රන් මල් දම්

ජිනේන්ද්‍ර සහ අම්මාගේ ගැටලුවම් ඉක්මවා යමින් සෙත් නිරාවරණය විය. එදින  මන්දාරම් නින්දට ගියේ දිලුම්ගේ කාමරයේය. ඔහු කොහොමටත් මැදියමේ වාහනය ගෙන යන මානසිකත්වයක උන්නේ නැත. නිම්නාවී පිළිබඳව දැනෙන හැඟීම ඔහුට කිසිලෙසකින්වත් විස්තර කර දක්වන්නට හැකි තරමක වූයේ නැත. ඕ සැබැවින්ම යමෙකු පතන ප්‍රේමයක් තරමට සිටිනවා නොවේද ?. මේ පිළිබඳව චානකට...
" ඔයා ඉස්සෙල්ලම වොශ් එකක් දාගෙන ඉන්නකෝ සෙත් .. අපි කාලා ඉමු .. තාත්තාගේ ඇඳුමක් මේ ...ඔයා දැනට මේක ඇඳගන්න ... මම  අපිට රෑට කන්න මුකුත් හදන්නම් ...යන්න මගේ රූම් එකට ....මුකුත් නොහිතා හොඳ හොට් වෝටර් වොශ් එකක් දාගන්න ...." නිම්නාවී සෙත්ව තම කාමරය තුලට තල්ලු කර දමා එලෙස කීවාය....
කාව්‍යා එකඟ කරවා ගැනීම පහසු නොවූවද, අවසානයේ ජිනේන්ද්‍ර ගාලු අයස යටින් නික්මුනේ ඊළඟ දිනයේ ඇය දැකීමට පැමිණෙන්නයැයි කාව්‍යාගේම මුවින් පවසාගෙන. මන්දාරම් ඔහු කාව්‍යාට සමුදී පැමිණියාට පසු ඔහු වැළඳගත්තේය. " කලබල නොවී හිටහං අයියේ ... එකපාරටම ඔක්කොම හරි යන්නේ නෑ .. ඒ වගේම එක රැයෙන් එලි වෙන්නේත් නෑනේ ... කෙල්ල උඹ...
මන්දාරම්ද නිම්නාවී සමඟින් කාව්‍යා මුණ ගැසීමට යෑම පළමු රාජකාරිය කරගත්තේය. ප්‍රියලාල් අමතා ඔහු හමුවීම ඊළඟ දවසට කල් දමා ගත්තේය. නිවාඩු දින කිහිපයක් ඉතිරිව තිබූ නිසාම, ඔහු සියලු කටයුතු වෙනුවෙන්  ඉඩ වෙන් කරවා ගත්තේය. මන්දාරම් කාව්‍යා මුණ ගැසෙන්නට යන පුවතත්, ඇය මේ වනවිට සිටින තත්වයත් ජිනේන්ද්‍රට පැවසූවේ ඒ පිළිබඳව චානක...
නිම්නාවීගේ හැඬුමසෙත්ට නවතා ගන්නට නොහැකි  වූ තැන, ඔහු මදක් ඉදිරියට නැමී ඇගේ හිස් මුදුන සිම්බේය. තත්පර කිහිපයක්ම හාදුවේම උන්නේය. නිම්නාවීගේ කඳුලු වියැකුණි. ඕ එක්වරම ඔහු අසලින් නැගිට අසල අසුනේ හිඳගත්තාය. සෙත් ඇය දෙස බලා උන්නේ වික්ෂිප්ත බැල්මකිනි. ඇය තමා වෙත දක්වන බැඳීම විටෙක දරා ගැනීමට අපහසු තරමේ බව ඔහු කල්පනා...
  රාජිකා නිවසට කැටුව ගියේ ඩයස් ය. නිම්නාවී සෙත් සමඟ ඔහුගේ මෝටර් රියේ පැමිණියේය. රාජිකා උන්නේ කම්පනයට පත් වී සේය. සැබැවින්ම  මුලදී ඇයට කුමක් සිදුවීදැයි සිතා ගන්නට හැකි වූයේ නැත.  එහෙත් ඕ පසුව සිහියට එලැඹ කල්පනා කර බලද්දී සියල්ල වටහා ගත්තාය. පසන් තමා බිලිදී ඔහුට අවැසි සියල්ල සිදු කර ගැනීමට සැලසුම් කර...
මන්දාරම් බිල්පත ගෙවා එන තෙක් නිම්නාවී උන් අසුනේම හිඳ උන්නාය. මන්දාරම් පැමිණ ඕ ඉදිරියේ හිඳ ගත්තේ ඇය වෙත නිල්වන් නෙත් බැල්මක් පාමිනි. නිම්නාවී එහි ගිලී නොසෙල්වී බලා උන්නාය. " තාත්තා එහෙ වැඩ ඉවර කරගන්නකල් මෙහෙම ඉමු ... මම කෝපි දෙකකුයි, ලාවා කේක් එකකුයි ඕර්ඩර් කලා ... ඔන්න ඔහේ බඩටනේ කියලා...
රාජිකා අලහකෝන් අත් අඩංගුවට ගැනීම  නවතා ගන්නට තරම් මඟක් ඩයස් අලහකෝන් ට එක්වරම ලැබුනේ නැත.   තමා බිරිඳ ව් කැටුව එන්නම් යැයි පවසන සිහියක්ද ඔහුට වූයේ නැත . හිතටත්, හිසටත් එක්වරම අකුණක් කඩා වැටුණු බව ඔහුට දැනෙන්නේය. රාජිකා තමා කැටුව යන්නට ඉඩ නොදෙන ලෙස පවසමින් හඬද්දී වුවද, ඩයස් උන්නේ ගල්...
ඩයස්ගේ විරෝධය නොතකාම මන්දාරම් නිවෙස බලා පිටත් වූයේය. නිම්නාවී කිසිත් නොපවසා ගල් ගැසී මෙන් උන්නාය. " හෙට මේ පැත්තේ එන්න පුතා එහෙනම් …ලොකේශන් ශෙයාර් කරගෙනම යන්න නිම්නාවීට …" " හරි අංකල් …" මන්දාරම් නිම්නාවි දෙස යන්තමින් බලා හිස සැලුවේය. නිම්නාවී එය පිළිගත්තේය. ඩයස් කිසිවක් නොදැක්කා සෙයින් නිම්නාවී සමඟ නිවසට ඇතුලු වූයේය. සිදුව...
 රාජිකා පසන්ට ඇමතුමක් ගෙන තම දියණියට හෝ සැමියාට කරදරයක් නොවිය යුතු බව අවධාරනය කලාය. පසන් සහ නිම්නාවී විවාහ කරවීමේ අරමුණින් ද රාත්‍රියේ ඔවුන් යන සාදයේ විස්තර කීවද, දැන් ඇගේ සිතට බියක් දැනෙන්නේය.  ඩයස් නිම්නාවීව පසන්ට රැගෙන යෑමට නොදී යම් කලබලයක් කලහොත්, පසන් ගේ හෙංචයියන් අතින් ඩයස්ට යම් අනතුරක් විය...