Tag: රන් මල් දම්
" නිම්නාවී මෙහෙ ඇවිල්ලා අම්මාව බලා කියාගත්තා කියන එක කොහේවත් කියන්නෙපා මල්ලී .... උන් ඒකිව මරාවි ...."
ජිනේන්ද්‍රගේ හඬ යළි සිහි කරගනිමින් මන්දාරම් මොහොතක් නිහඬව උන්නේය.
" සල්ලි වලින් හැමදේම වැහෙන්නේ නැහැ කියලා දන්නවා පුතා .... ඔයාගේ අම්මට වුන දේ වැරදියි, එතනදී මගේ දුව කරපු දේත් වැරදියි ... මගේ දරුවාව මෙතනදී...
පසන්ගේ සීමාව ඉක්මවන ස්පර්ෂයන් සහ වදන් හමුවේ අතිශය වෙහෙසට පත්ව උන් නිම්නාවී නිවසට ආවේ නින්දට වැටෙන බලාපොරොත්තුවෙනි. එහෙත්, පසන් සමඟ උන් සාදයේ කියැවුණ ව්‍යාපාර නාමය අතර මන්දාරම් සේවය කරතැයි ඇයට මතක තිබූ ව්‍යාපාර ආයතනයේ නමද කියවීම නිසා ඕ උන්නේ යම් තිගැස්මකය. ඒ නම සවන ගැටී නිසි අවබෝධයට පත් මොහොතේ...
මන්දාරම් කාර්යාලයට යෑම වරුවකින් පසු කලේ ජිනේන්ද්‍ර උදෑසනම පැමිණ තිබූ නිසාය. චානකටද පන්ති සඳහා වේලාව වූයේ සවස් වරුවේ නිසා ඔහු උන්නේද නිවසේය.
" මං නම් කියන්නේ උඹ කෝකටත් උදේ ඔෆිස් ගිහින් එන එක හොඳයි .. මෙහෙම සිද්දියක් වෙලා කියලා උඹ ජී එම් ට කියපං .. මෙතන පැහැදිලිවම පේනවා උඹ හරහා...
අවසානයේ මන්දාරම් චානකට එකඟව නිම්නාවී මුණ ගැසෙන්නට ඉඩක් සකසා ගන්නේ නැතිවම වෝටර්ස් ඒජ් පරිශ්‍රයෙන් පිටවූයේය. එදින බලාපොරොත්තු වූ ව්‍යාපාරික කටයුත්ත ද යම් ආකාරයකින් සාර්ථක කරගන්නට ඉඩ ලැබුණු නිසා මන්දාරම්ගේ සිතෙහි ඒ හා අදාළව කිසිදු පීඩනයක් තිබුණේ නැත.
එහෙත් කිසි දිනක ආගන්තුක අහම්බකාරයෙකු නිසා නොදැනුණ තරමේ මහා පීඩනයක් ඔහුගේ හිස මත...
නන්නාදුනන තරුණයෙකු හා සමඟ ඇවිද එන්නේ කවුරුන්දැයි පලමුව හඳුනාගත්තේ චානකය. ඔහු තමා දුටුවේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් අසුනෙන් මදක් එසවී ඒ දෙස බැලුවාය. මන්දාරම් උවමනාවෙන් ඒ දෙස බැලුවේ චානක ඒ දෙස උවමනාවෙන් සහ යම් විමතියකින් බලා හිඳිනු දුටු පසුවය. මන්දාරම් අසුනෙන් නැගිට්ටේය, චානක උන්නේ තමා දකින්නේ කුමක්දැයි වටහා...
නිම්නාවී දිනය පුරාම එහෙට මෙහෙට වෙමින් උන්නාය. අම්මා පස්සෙන් ඇවිද ගියාය. පසන් පසුපසින් ඇවිද ගියාය.ඔවුන් පවසන්නේ කුමක් වුවද, එයට එකඟ වූවාය. කිසිවෙකුට වෙනසක් නොපෙනෙන්නට උන්නාය.
සවස සූදානම් වී පසන් සමඟ පිටත් වූවාය. ඇගේ දෙමාපියන් වෙනම රියක පිටත් වූහ. මෝටර් රියට ගොඩවූ මොහොතේ පටන් නිම්නාවී කල්පනා කලේ, තමා සෙත්ට කෙතරම් ද්‍රෝහී...
පසුදින උදෑසන නිම්නාවී අවදිවුණේ යම් සැහැල්ලුවකිනි. එහෙත් ගෙවුණ රැය කොහොම වීදැයිද, මේ දැනෙන සැහැල්ලුවට හේතුව කුමක්ද කියාවත්ද ඇයට නිනවුවක් වූයේ නැත. නිම්නාවී සූදානම් වී කාමරයෙන් පිටතට ආවාය. අද සඳුදාය. තමා එන තෙක් සෙත් බලා හිඳිනු ඇත. ඕ අහස දෙස බලාගෙන උන්නාය.
" අද මම වේලාසන එනවා …ලෑස්ති වෙන්න ගමනක් යන්න...
" මට තේරෙන්නේ නෑ බං. මොක උනත් මෙවෙලේ මන්දාරම් නිකන්ම නිහඬ වෙන ලෑස්ති නෑ. දවසකට හරි අක්කව මන්දාරම්ට මුණගස්සන්න වෙනවා……."
දිලුම් ජිනේන්ද්රගෙන් හිතවත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් කීවේය.
" ඒත් උඹ මේකත් මතක තියා ගනිං. උඹලාට ඕන විදියට මන්දාරම්ව ආයේ ආයේ රවට්ටන්න මම ඉඩ තියන්නෙ නැහැ…"
නුදුටු, නොදැන උන් ස්වකීය සහෝදරයා වෙනුවෙන්, ජිනේන්ද්‍ර ගේ ...
දිලුම් මන්දාරම්ට සමුදුන්නේ හිත තුළ වූ ප්‍රශ්න කිහිපයක්ම සමගිනි. එහෙත් ඉවසා සිටීම හැරෙන්නට කිසිඳු පිළිතුරක් වූයේ නැත.
" මම කඩවතින් එන්නම්. උඹ එනකොට කියපන්…." .
දිලුම් නිවසෙන් පිට වෙද්දීම ජිනේන්ද්‍ර ට කෙටි පණිවිඩයක්ද තැබුවේය. දිලුම්ට වඩා වසර කිහිපයක්ම වැඩිමහල් වුවත් ජිනේන්ද්‍ර සහ දිලුම් අතර තිබුණේ සම වයස් මිතුරන් දෙදෙනෙකු අතරේ වන...
" එනවා කියලා කලින් කිව්වෙ වත් නැහැනේ?"
"එකපාරටම හිතිලා ආවා…නොකියාපු එකෙන් කරදරයක් උනාද?"
"පිස්සුද බං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. උඹ කියල ආවනම් මං මගට උඹව ගන්න හරි එනවා…"
"මගේ ඔලුව නිදහසේ තිබුණේ නැහැ ….වාහනේ අරන් එළියට බැස්සට දිගටම වාහනය ඩ්‍රයිව් කරන මූඩ් එකක් නොතිබුණ නිසා මම වාහන යාළුවෙක් ගෙදර දාලා කැබ් දාගෙන...