Tag: සඳක් තනියම

සචින් බිනාර කාරියවසම් අඩි දෙක තුනක් තබා  ඇවිදින්නට උත්සාහ දරමින් සිටියේය.වරෙක තා ...තා යනුවෙන් පවසන ඔහු තවත් වරෙක අ...ම්... යනුවෙන් පවසමින් බහ තෝරන්නට විය.දිනාරාත් ප්‍රියංකාත් ඔහුගේ මේ සුරතලය දෙස බලා සිටියේ මහත් වූ සතුටකින් යුතුවය.කුඩා පුතු වටා සැරිසරූ ගැහැණු ජීවිත දෙකම වර්ණවත් කරන්නට ඔහු සමත් විය.පුතු වෙනුවෙන් දවසම වෙහෙස...
බාප්පාගේ වැඩිමල් දියණිය විවාහ වීමට අපේක්ෂාවෙන් උන් තරුණයාගේ පවුලේ අය  චාරිත්‍රානුකූලව මනාලිය බලන්නට පැමිණ ගිය බව පැවසූයේ අත්තම්මාය.තමාගේ විස්තර සියල්ල පැවසූවත් දිනාරා  කිසිවිටකත් වලව්වේ විස්තර අසන්නට උත්සාහ දරන්නේ නැත.එහෙත් අත්තම්මා සිත රිදෙන කාරණා මඟ හැර වලව්වේ වන අන් සියල්ලම දිනාරා  හා පවසන්නීය.දැන් මිලීනාට විශ්වාසයෙන් යමක් කතාකල හැක්කේ දිනාරා හා...
" ප්‍රියංකා ටීචර්ට ලන්ච් එකකටවත් එන්න කියන්න ඕනෙ දුව.අපේ ඉලන්දාරියත් ටීචර් කියන දේවල් අහනවා." තේජා එසේ පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව ගෙවී ගියාට පසුවය. " ඒකනම් ඇත්ත අම්මා.අනිත් ගුරුවරු ගැන කියන්න මොනවා හරි දෙයක් තියෙනවා.මූණ ගැන කියයි.සාරිය ගැන කියයි.ඇවිදින විදිහ ගැන කියයි...කන ඒවා ගැන කියයි..ඒ උනාට ප්‍රියංක ටීච ගැන නම් වචනයක්වත් කියන්නෙ...
හිමාෂා දුන් ලිපියත් රැගෙන කොරිඩෝව  දිගේ ඇවිද ගිය යුවතිය අකලංකගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ වීදුරු දොරට දෙවරක් තට්ටු කළ පසුය.ඔහු උන්නේ දෙකකුල් කාර්යාලීය මේසය මත  තබාගෙන ජංගම දුරකථනයේ යමක් නරඹමින්ය. වරෙක  සිනහසෙමින්,තවත් වරෙක ' ශිට්.. 'යයි පවසමින්, තවත් වරෙක ' ඕ මයි ගෝඩ්..' යනුවෙන් පවසමින් දුරකථන තිරය දෙස බලා...
සෞම්‍යාත්,  සුනේත්‍රාත් වූයේ ජයසුන්දර වලව්වේ උඩුමහලේ ය. කිසිවෙකුටත් නොඇසෙන්නට කරන  මෙම කතාබහ මින් විනාඩි කිහිපයකට ඉහතදී ඇරඹූ එකකි.වරින් වර පහත මාලයට යන පඩිපෙළ දෙස බැලුවේ සෞම්‍යාය.සුනේත්‍රා වූයේ පඩිපෙළට පිටුපා ගෙනය. " අනේ පිස්සුනේ අක්කේ ඔහොම කරනවද මිනිස්සු..ඒ ගෑනිට මොළේ අමාරුවක් තියෙන්න ඕනේ  රස්සාවට යන්නේ නැතුව මේ ළමයෙක් බලාගන්න.තමන්ගේ ළමයෙක් නෙමෙයිනේ..එහෙම...
නර්මදා අකලංකගේ කාමරයට එබුණේ ඔහු කණ්නාඩිය ඉදිරිපසට වී ටයිපටිය පළඳමින් සිටියදීය.විශ්වට සේම ඔහුටත් වූයේ තේජවන්ත කඩවසම් රුවකි.සොහොයුරෙකු හෝ සොයුරියක නොමැති වීමේ හිතේ අඩුව පිරවූයේ ඔහුය.එනිසාවෙන්ම නර්මදා ඇගේ සිතෙහි අකලංකට දී තිබුණේ විසල් ඉඩකඩකි. " මොකෝ නිකං මූණ ඇඹුල් වෙලා ගිහිල්ලා.." නර්මදා  අකලංක අසලට ගියේ එසේ අසාගෙනය.උදේ කෑම මේසයේදී වගකීම් පැහැර හරින...
ප්‍රියංකත් දිනාරාත් සාප්පු  සවාරියක යෙදුණේ සවසය.සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇඳගෙන යාමට  සුදුසු යැයි සිතෙන ඇඳුම් කිහිපයක් දිනාරාට  වුවත් ප්‍රියංකාට ඕනෑ වූයේ යුවතියට අලුත්ම ඇඳුමක් රැගෙන දෙන්නටය. වරෙක සිනහසෙන වරෙක කල්පනාකාරී වන වරෙක දෑස් තුළ කඳුළු පුරවාගෙන බලා සිටින යුවතියට අලුත් ජීවිතයක් දිය හැක්කේ ඇගේ ඒ  සිතෙහි  සිදුවන පුංචි පුංචි වෙනස්කම්...
මේ කොන්ක්‍රීට් පුරවරයට හුරුවීම සිතූ තරම් ලෙහෙසි  පහසු නොවූවත් දිනාරා ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය.ඉවසන්නට බැරි වූ⁣යේම දහවල ගත දවාලන දාහයය.නුවරිනුත් කිලෝ මීටර් කිහිපයක් එහා කදුකර පෙදෙසක වූ ජයසුන්දර වලව්වේ මේසා රස්නයක් නොවේ.සමහර දිනක දිනාරා පවා නින්දට යන්නේ ලොම් කබායක් ඇදගෙනය.. වසර දෙකක නිවාඩුවක් දමා තමාත් සොයුරාත් වෙනුවෙන් ප්‍රියංකා ආන්ටි...
කොළඹ ගමනට දිනාරා වලව්වේ  සියල්ලන්ගෙන්ම සමුගත්තේ රාත්‍රියේමය. කිසිවෙක් ඇගෙන් යන්නේ කොහිදැයි , ඉන්නේ කොහිදැයි ඇසුවේ නැත.බාප්පා  මුදල් නෝට්ටු දෙකක් අත මිට මෙලවූයේ කිසිවක්ම නොකියමින්ය.  " උඹලා මේ තනියෙන් භුක්ති විඳින්නේ ඒකිටත් අයිති දේවල්..." අත්තම්මා එසේ පවසනු දිනාරා ඕනෑතරම් අසා තිබේ.එහෙත් ඒ අයිතිවාසිකම්ගැන ඈ කිසිදිනක  කිසිවක් නොඇසුවාය. "අම්මේ මට අර උවමනාව මේ උවමනාව...
එතැන් පටන් මිලීනා තම ලේලියට සැලකූයේ දියණිය තනතුරෙහි තබාගෙනය.එපමණක් නොව කේතකීටත්  කුඩා දියණියටත්  අසාධාරණයක් කළ තම පුත්‍රයා පුත්‍ර තනතුරෙන් ඉවත් කරන්නට පවා ඈ පසුබට නොවුණාය.ඔහු තමාට මියගිය දරුවෙකු හා සමානයැයි මිලීනා පසු කලෙක කිහිප දෙනෙකු හා පවසා තිබිණ.ඉදහිට දිනක කසුන් වලව්වට දුරකතන ඇමතුමක් ලබා ගත්තත් මිලීනා දුරකතනයට නාවාය..අන් දරු...