Tag: සාගර තරංගා
ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීමේ කාමරය තිබුණේ අඬ අඳුරක ගිලීය. ටික් ටික් හඬින් කටු එහා මෙහා යන ඔරලෝසුවක නාදය හැර වෙන කිසිම නාදයක් නොඇසෙන තරමටම මේධංග උන්නේ ලොකු කල්පනාවක ගිලීය.
දරුවාට ආදරේ හන්දා තරංගා නැට්ට පස්ස පැත්තේ ගහගත්ත බැල්ලියක වගේ තමන් ලඟට ඒවි යැයි තමන් බලාපොරොත්තු වුණත් අලුතෙන් සොයාගත්ත කුමක්...
“ඒ මේධංග” බව අඳුරගන්න සීසීටිවි දර්ශන දැක්ක තරංගාටත් සාගරටත් අපහසු වුනේ නැත. සීසීටිව් දර්ශන දැක්කාට පස්සේත් තරංගා කිහිප වරක්ම දුරකතන ඇමතුම් දුන්නද ඒ කිසිම ඇමතුමකට සම්බන්ධ වුණේ මේධංග නොවේ. තරංගාගේ බය වැඩිවුනේ ඒකත් එක්කය. මේධංග සනුකිට ආදරේට මේ ගමන සනුකිව එක්කරගෙන ගියේ නැති බව තරංගා දනී. මේධංගගේ මේ සියලු...
තරංගා මේධංගගේ දුරකතනයට අරගත්තේ සාගරගේ ඒ ඉල්ලීම මතය.එහෙත් දුරකතන ඇමතුම ගන්න මේධංගගේ අංකය හොයන අතරවාරයෙත් සාගරගෙන් අහන්න දේවල් තරංගාට තිබුණාය.
“මේධංග ඇයි සනුකිව අරගෙන යන්නෙ? එයා ආදරේ නෑනෙ සනුකිට. අනික අනික සනුකිට පුරුදුත් නෑ මේධංගව. අනෙ මගෙ දරුවා දෙයියනේ”
“තරංගා තරංගා කලබල වෙන්න එපා. මේ අහන්න මේ අහන්න. ඔයා මේධංගට කෝල්...
“හෙලෝ තරංගා, ඔයා ඇවිත් බබාව එක්කරගෙන ගියාද?” කියා දුරකතන ඇමතුම ආවේ කින්ඩර්ගාට්න් එකේ සනුකි භාර පංතියේ ගුරුතුමියගෙනි. තමන්ම උදේ ගෙනගොස් කින්ඩර්ගාට්න් එකට, ගුරුතුමියගේ අතටම ඇරලවා ආ දරුවා ගැන මෙහෙම දෙයක් අහන්න නම් යම් කිසි ව්‍යසනයක් සිදු වී ඇති බව තේරුම්ගන්න තරංගාට ගියේ තප්පර ගාණකි. ඇස්වලට කඳුලු ආවේ නැති එක...
තරංගා සනුකිව කින්ඩර්ගාට්න් එකේ දා ආවේ හිතකින් නම් නොවේ. සනුකි මුල් දවසේ නම් ඇඬූ එක ඇත්තකි. මුල් දවස් ටිකේම ඒ හන්දා තරංගා ලැප්ටොප් එකත් උස්සගෙන ගොස් කින්ඩර්ගාට්න් එකේ පැත්තක තබාගෙන සනුකිගේ වැඩ ඉවර වෙන තුරු එතන ඉඳන් වැඩ ටිකේ කරන්න පුලුවන් කමකට නොවේ. වෙන කරන්න දෙයක් නැති හන්දාය. සනුකි...
කින්ඩර්ගාට්න් යන්න පටන් ගත්තයින් පස්සේ සනුකි උන්නේ වෙනදාට වඩා සන්තෝසයෙනි. ඉස්සර පොඩි දෙයක් දිහා උනත් ලොකු දෙයක් දිහා උනත් එකම විදියට එක එල්ලේ බලාගෙන පැය ගාණක් වුණත් ඉන්න කෙල්ල චුට්ට චුට්ට තමන් එක්ක කතා කරන්න, තමන් කියන දේට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත එක ගැන තරංගා උන්නේ පුදුමාකාර සන්තෝසයෙනි.
“අම්ම්ම්ම්ම්ම්ම්…ම්ම්ම්ම්ම්ම්ම්…ම්ම්ම්ම්” කියමින්...
මේධංග සාගරව හම්බෙන්න ආවේ තරංගාව බය කරන්න බැරිවෙච්ච එකේ සාගරව හරි බයකර මේ දික්කසාද වෙන්න ගත්ත තීරණේ වෙනස් කරනවා කියා සිතමිනි.එදා සාගරවත් තරංගාවත් ෆලෝ කරගෙන ආ දවසේම මේධංග තරංගාගේ නවාතැන සොයාගත්තා වගේම සාගරගේ නවාතැනත් සොයාගත්තේය. අද මේ ගමන යන්න මේධංග යොදාගත්තේ ඒ අනුවය.
මේධංග කිසිසේත්ම තමාව හමුවන්න ඒවි කියා සාගර...
“මේධංග එහෙම ඔයා ඉන්න තැනට ඇවිල්ලා ඒ වගේ කතාවක් කිව්ව එකෙන් මිනිහගෙ ඊලඟ ස්ටෙප් එක මොකක් වෙන්න පුලුවන්ද කියන එක හිතාගන්න බැරි උනත් මිනිහා ගේම් එක ලේසියෙන් අතාරිවි කියල හිතන්නත් බෑ නේද තරංගා?” කියා සාගර ඇහුවේ එදා රැයේ තරංගාට දුන් දුරකතන ඇමතුමකදිය.
තරංගා එදා දරුවාව යවන්නට ස්පෙශල් කිඩ්ස් ලා වෙනුවෙන්ම...
“මෙහෙමයි ඔයා මොන කතාව කියං ආවත් මම බය නෑ මේධංග. අපි දෙන්න අතරෙ වුනේ මොනවද, ඔයා මට කිව්වෙ කරේ මොනවද කියන එක මට තරම්ම ඔයාටත් හොඳටම මතක ඇතිනෙ. දවසක් දෙකක් වෙච්ච දේවල් නෙවෙයිනෙ. අවුරුදු දෙකක්, දරුවට අවුරුදු දෙකක් වෙනකම් මම ඔයයි ඔයාගෙ අම්මයි කියන කතන්දර අහගෙන හිටියා. මං දරුවා...
තරංගා මේධංග ගැන විස්තරේ සාගරට කියන්නට හිතුවේ කාරණා දෙකක් හන්දාය. එකක් මේධංග ඔය විදියට තමන් දෙදෙනා පස්සෙන් ආවා වගේ ඉස්සරහට මොනවා කරන්න කියන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නැති හන්දාය. අනෙක් කාරණාව මේධංග තමන් සග සාගර අතර සම්බන්දයක් තියෙනවා යැයි හිතීම නිසා සාගරට මොන විදියේ අකරතැබ්බයකට මුහුණ දෙන්න වේද යන හිතුවිල්ල...