Tag: සාගර තරංගා

“මේ ඉන්නෙ දුල්මිණී. දුල්මිණී දූ මේ ඉන්නෙ මගේ හොඳම යාලුවෙක් වෙච්ච මේ ආන්ටිගෙ එකම පුතා” කියා අම්මාගේ යාලුවෙක් වෙච්ච ශ්‍රියානි මිස් තමන් සමග ආ තවත් පිරිස් කිහිපදෙනෙකු අතර උන් යුවතියක්ව හඳුන්වා දෙද්දි සාගර කලේ මුවඟට සිනාවක් නගාගෙන ඒ දුල්මිණී යැයි කිව් යුවතියට හෙලෝ කිව්ව එකය. “සාගර පුතා ඉතින් මේ දූව...
එදා මේධංග ගෙදර ආවේ මත් වෙන්න ඕන කරන බඩු ටිකකුත් අරගෙනය. “තරංගා තමාව කසාද බැඳ ඉන්න අතරවාරයේම වෙන මිනිහෙක් එක්ක පැටලී තමන්ව රවට්ටා ඇති බවට” මේධංග හිත ඇතුලෙන් කේස් එකක් බිල්ඩ් කරගත්තේය. ඒ අනුව දැන් කරන්න තියෙන එකම දේ තරංගා තමන්ව රවට්ටා තියෙන බවට ඔප්පු කර දික්කසාදය දී ඇයට...
“අනුමිත ද්වේශ සහගත ලෙස අත හැර යාම කියන කාරණාව යටතේ මට දිස්ත්‍රික් කෝට්ස් වන නඩුවක් දාන්න කියලා තමයි අයියෙ ලෝයර් නම් කිව්වෙ” තරංගා කිව්වේ සනුකිව නින්දට යවා එදා රැයේ අක්කා බත් කෑමෙන් පස්සෙ අතට දුන්න මී කිරි කෝප්පයත් සීනිත්, රතු බතුත් දමා අනාගෙන එකට කන අතරවාරයේය. මී කිරි වලට සීනියි...
මේධංගට මුලින් උවමනා වුණේ තරංගාගේ දුරකතන අංකය හෝ වෙන යම් ඇය සමාජය සමග සම්බන්ද වන කුමක් හෝ ගිණුමක් වෙත තමන්ගේ දෙනෙත රඳවාගන්නය. එහෙත් තරංගා ඉන්න තැනක්වත් හරියාකාරව දන්නෙ නැති එකේ ඒ වැඩේ කරන එක අපහසු බව මේධංග නොදන්නවා නොවේ. ඒ අනුව කරන්න තිබුණ එකම දෙය තරංගා දරුවාව අරගෙන සෑම...
“ලංකාවෙ නීතිය අනුව මහත්තය ඩිවෝස් එක ඉල්ලන වෙලාවක නම් වයිෆ්ට පැති කීපයක් ඔස්සේ පුලුවන්කම ලැබෙනව ඩිවෝස් එකකට යන්න.  ඒ වගේම ඔයාලා දෙන්නට දරුවෙක් ඉන්න හන්දා කස්ටඩි එක විතරක් නෙවෙයි වෙල්ෆෙයා එකකට උනත් යන්න.අපේ මේ කේස් එක අනුව අපිට ඩිවෝස් එකකට යන්න පුලුවන් හොඳම විදිය තමයි මැලිශස් ඩිසර්ශන් එහෙම නැත්තම්...
සනුකිවත් වඩාගෙන දුරකතනය කනේ රඳවාගෙන තරංගා ඉස්පිරිතාලේ පඩිපෙලෙන් එලියට බහිනවා මේධංග දුටුවේය. ඔය කතා කරන්නේ ගාමිණී කිව්ව මිනිසාට වෙන්න හැකි බව මේධංගට නිකමට මෙන් සිතුණේය. මේධංග හෙල්මට් එක දාගත්තේ තරංගාට තමන්ව නොපෙනෙන්නය. මේධංග ඉන්න බවක් හෝ මෙහෙම දෙයක් කරන්නට ඉඩක් ඇති බවක් නිකමටවත් හිතුවෙ නැති තරංගා සාගර කිව්ව විදියටම...
“මේධංග මල්ලි දික්කසාදෙ දෙන්න බෑ කියලා කිව්වෙ මොනව හිතේ තියාගෙනද දන්නෙ නෑ නේද නංගි?”  නර්මදා තරංගා එක්ක කතාව පටන් ගන්න හිතුවෙ පස්සෙන්දා උදේ පාන්දර උයමන් කරන්න අවදි වෙච්ච වෙලාවේය. දෙණියායේ හීතලට දවාල වෙනකම් නිදාගන්න පුලුවන්කම තිබ්බත් හිතේ කිසි සැනසීමක් නැති හන්දා තරංගාට ඇඳට වී ඉන්න නිස්කාංසුවක් තිබ්බේ නැත. උදේ පාන්දර...
“මං ඊයේ තරංගාව දැක්කා ආසිරි එක ලඟදි” කියා මේධංගට කිව්වේ ගාමිණීය. තමනුත් තරංගාත් ඉන්නේ සෙපරේට් වී බව ඔෆිස් එකේ කවුරුවත් දන්නේ නැති හන්දා මේධංග ඒ කතාව පස්සේ එච්චර පන්නන්න හිතුවේ නැත. අනෙක කොහොමටත් ඉරිඳා ට තරංගා ළමයාව ඔක්කෙ ගහගෙන ඉස්පිරිතාලෙ මොකක්ද එකකට යන බව දන්න හන්දා මේධංගට ඒක ගැන...
තරංගාට ආයෙම දවසක සාගරව හම්බුණේ සනුකිව එක්කරගෙන රෝහලේ පැවැත්වෙන අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට ගිය දවසකය. එදා හවස ඒ වැඩේ අවසන් කර සනුකිවත් වඩාගෙන තරංගා පාර එහා පැත්තට පැන්නේ පික් මී එකක් ඕඩර් කරන්න බලාගෙනය. තමන්ටම කියා මේ වගේ ගමන් බිමන් යන්න පුංචි හෝ වාහනයක් තිබුණනම් හොඳයි කියා හිතුණත් දැනටමත් දේවල්...
“ඉතින් තරංගා එදයින් පස්සෙ අල්ලපු ගෙදර අය සද්ද බද්ද දැම්මෙ නැද්ද?” කියා සාගර ඇසුවේ තරංගා සනුකිත් එක්ක ආයෙම වතාවක් ඩොක්ටර් විසිට් එකකට ගිය දවසෙමය. වෙනදාටනම් අම්මාගේ උකුලේ වාඩි වී මේසෙ උඩ තබා තිබෙන සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරමින් ඉන්න කෙල්ල දැන් දැන් සාගරව දකින හැම වෙලාවක කුණු කුණු ගා...