Tag: සාගර තරංගා
තරංගා ආපසු එතැයි බලාගෙන උන්නු මේධංගට තරු පෙනුනේ නොසිතූ වෙලාවක තරංගාගේ නීතිඥවරියගෙන් දුරකතන ඇමතුමක් ආ තැනදීය. තරංගා ආපසු අඬාගෙන එනු මිසක කිසිසේත්ම මෙවන් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු නොවිච්ච මේධංග වඩාත් කිපුණේ එහෙම පියවරක් ගන්නට පවා තරංගාට මෙච්චර දේවක් උනාට පස්සෙත් තිබිච්ච හිතේ හයිය ගැනය.
“මිස්ටර් මේධංගගෙ ලෝයර් එක්කත් කතාකරන්න තිබුණා...
තරංගා නොදැන උන්නාට මේධංග උන්නේ තරංගා කුමක් කරනවාද, ඉන්නේ කාත් එක්කද කියා අවදානයෙනි. “ඩිවෝස් වෙන්න ලෑස්‍තිවෙන්න” කියා මහ ලොකුවට කිව්වාට තමන්ට ඇත්තටම තරංගාව ඩිවෝස් කරන්න උවමනාද කියන කුකුස මේධංගට තිබුණේය. මේධංගට ජීවිතයෙන් ඉවත් කර දමන්න උවමනාව තිබුනේ සනුකිව මිසක් තරංගාව නොවේ. තරංගා වනාහී තමන්ගේ සියලු අවශ්‍යතාවයන් තමා බලාපොරොත්තු වූ...
“සච් අ නයිස් කපල්” කියමින් විදෙස් යුවලක් සනුකිව වඩාගෙන උන් සාගරවත් තරංගාවත් පසුකර ගියේ ඔවුන් ගාලු මුවදොර අද්දර තනා තිබූ සිමෙන්ති බංකුවක වාඩි වී මුහුද දෙස බලාගෙන කල්පනා කරමින් ඉද්දීය.
විදෙස් යුවල දෙස බලා සිනාමුසු මුහුණින් ස්තුති කරන්නට සාගර පෙළඹුණත් තරංගා වහා වචන ගොනු කරන්න උත්සහ කලේ “වී ආර් නොට්...
සාගර ඇවිත් තරංගා අතට වී අඬමින් උන් සනුකිව වඩාගත්තේ හදවත අස්සේ හිඳ එලියට පැන ආ මහත් දයාර්ද හැඟීමකිනි. මෙපමණ වෙලාවක් තිස්සේ තමන් අතට වී කොපමණ නැලවිලි බස් කිව්වද නැලවුනේ හෝ අබමල් රේණුවක තරමින්වත් හැඬිල්ල අඩු කරගත්තේ නැති කෙල්ල සාගරගේ තුරුලට වූ ගමන් හැඬුම ඉකිබිඳුමක් කරගත්තේ කොහොමද කියා කියන්න තරංගා...
ඒ දුරකතන ඇමතුම එද්දී සාගර උන්නේ නවාතැනට ඇවිත් වොශ් එකක් දාගෙන, බැල්කනියෙ අරලිය සෙවණ යට තිබ්බ පුටුවේ වාඩි වී මින්ට් ටී කෝප්පයක් රස විඳිමිනි.
අරලිය සෙවණ යට, රෑ අඳුර මැද ලා සඳ එළිය අස්සේ අමතක කරන්නට වගේම ආයෙ ආයෙ මතක් කරන්න බොහෝ දේ සාගරට තිබුණෙය.මේ වගේම සඳ එලිය වැටුණු සුන්දර...
“දැකල පුරුදු මූණක් කියල කල්පනා කරද්දි තමා මට මතක් වුණේ” කියමින් වෛද්‍ය වීරබාහු මද සිනාවක් පාද්දී තරංගා ඒ සිනාවටම එක්වුණාය.
එදා වන් ගෝල් ෆේස් මෝල් එකේදි සනුකි මහ හඬින් හඬද්දී, තමන්ට ඇයව නලවගන්නට බැරුව ඉද්දී, වට පිටේ මිනිසුන් බල බල යද්දී, මේධංග තමන්වත් සනුකිවත් අමතක කර දමා තනිවම ගෙදර ගොස්...
සාගර ප්‍රසාද් වීරබාහු ලංකාවට ආවේ අවුරුදු ගණනාවකට පස්සේය. ඒ ඇත්තටම එංගලන්තයේ ජීවිතය එපා වෙච්ච හන්දාය.
“වෙන උන් මේ වගේ රටවල්වලට එන්න මැරෙන වෙලේ උඹ ආපහු ලංකාවට යන්න හදනවා. පිස්සුනෙ බං උඹට” කියා එංගලන්තයේ පදිංචිව උන් මිතුරන් කීවද සාගර ඒ සියල්ලටම උත්තර දුන්නේ සුපුරුදු උපේක්ශාවෙන් ය.
“රට කොච්චර පෝසත් ද, ඩිවලොප් වෙලාද...
“ඩොක්ටර් ශ්‍යාමනී රට ගියයින් පස්සෙ සනූව පෙන්නන්න වෙන හොඳ ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්න වෙයි නේද නංගි?” කියා තරංගා විමසන ගමන් නර්මදා අතේ තිබ්බ තේ කෝප්පයෙන් උගුරක් රස බැලුවාය.
කොහොමත් සති දෙකකට වතාවක්වත් තරංගාවත් සනුකිවත් බලා යන්න ගෙදර වත්තේ වැවෙන එලවලු, පොල්, පලතුරු ආදිය අරගෙන දෙණියායෙ හිඳ කොළඹ එන්න භානුකත් නර්මදාත් අමතක...
තරංගා සනුකිත් එක්ක දෙණියායේ අයියලාගේ ගෙදර ගොස් සති දෙක තුනක් යන්නට කලියෙන් වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න පුලුවන් රස්සාවක් හොයාගන්න සමත් වුණාය. නර්මදා ඒක ගැන කිව්වේ “මේධංග පිටුපෑවට නංගි දිහා දෙයියො බලනවා” කියාය.
“දෙයියො නොබැලුවට කමක් නෑ අක්කෙ, මං දන්නවා මගෙ කෙල්ලට මගෙයි අයියගෙයි අක්කගෙයි බැල්ම වැටෙන බව මොනවා උනත්” කියා...
“මේධංගට දරුවව විතරක් නෙවෙයි අක්කෙ බලද්දි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. මාවත් ප්‍රශ්නයක් වෙලා තියෙනවනෙ. තව කල් ගන්නෙ නැතුව ඕක ඔහොම වෙච්ච එක හොඳයි ඇත්තටම.
දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම හිටියනං හොඳයි. හැබැයි මට පුලුවන් ඒ චරිත දෙකම මගෙ දරුවා වෙනුවෙන් කරන්න. දාහක් කතා අවලාද අහගෙන උනත් මං උන්නෙ දරුවට තාත්තා කෙනෙක් ඕන...