Tag: සෙනෙහස් අවාරේ
"ඔය කියන විදියට ලෙඩෙක්ව බලන්න නේද ඔයාට යන්න තියෙන්නෙ? අනේ මන්ද ඔයා කොහොමද මධූ ඔහොම දේකට කැමති උනේ?" කෝසල ඇසුවේ ගෙදරින් පිටවන්නට සූදානම් වෙමින් උන් සිසිමාධවී දෙස බලාගෙනය.
"අනේ කමක් නෑ කෝසල,මෙහෙම හරි දෙයක් හම්බුවෙච්ච එක කොච්චර දෙයක්ද මේ වෙලාවෙ හැටියට. ලැබෙන හැටියටනෙ අපි භාරගන්නෝන"
"අනේ මන්දා මධූ, ඔය මේ යන්නම...
"කෝසල වැටුණයින් හරි ප්‍රශ්නෙ නේද උනේ?" කියා මොන්ටිසෝරියේ ලොකු නෝනා අහද්දීත් සිසිමාධවී කලේ යාන්තමට හිනාවෙච්ච එකය. දැන් ඉතින් මේ ප්‍රස්නෙට ජීවිතයේ බොහෝ කාලයක් යනතුරු උත්තර දෙන්නටත්, මෙලෙසින්ම යාන්තමට හිනවෙන්නටත් වන බව සිසිමාධවී දනී. ඉතින් කරන්නට දෙයක් නැත. මේ තමන් පෙර ආත්ම වල කල දේවල් වන්නට හැකිය.
"මං ඒකමයි මේ ආවෙත්...
"ඉඳල ඉඳල කෝසලටත් හරි ප්‍රශ්නයක්නෙ උනේ නේද?"
කෝසලගේ ගරාජයේ හිමිකරු ආවේ දහවල් වරුවේය. ඒ එද්දීත් කෝසල උන්නේ උදේ වරුවේම කැස්ස නිසා ආ ඇඟේ පතේ අමාරු නිවාගන්නට මෙන් නින්දකට වැටීය. ඇඟට හයියක් ගෙන දෙන කෑමක් උයා පිහා දෙන්නට තිබුණා නම් අපූරු බව සිසිමාධවී සිතුවද හොඳ තෝර මාලු ටිකක්, මස් ටිකක් අරගන්නට...
"දැන් ඔය කියන විදියට කෝසලට රස්සාවට යන්න වෙන්නෙත් නෑ නේද ළමයො?"
පුෂ්පලතා ඇසුවේ උදේ පාන්දරම සිසිමාධවී දරුවන්ට පාසල් ගෙනයන්නට කෑම සකසමින් ඉද්දීය. ජීවන මාර්ගයමතට නොසිතූ නොපැතූ අයුරින් කෝසල ලෙඩ වීම ටෝර්නාඩෝවක් ලෙස ආවද දරුවන් වෙනුවෙන් හෝ ජීවිතය සාමාන්‍ය පරිදි ගෙවාගෙන යා යුතු බව සිසිමාධවී දැන උන්නාය. අනෙක් අතට දුකය කියා...
දොස්තර ළඟට ගොස් සිසිමාධවීත් කෝසලත් ගෙදර ආවේ රැගෙන ගියාට වඩා වැඩි බරක් හිසේ තියාගෙනය. ළය රෝහලෙන් පපුව ස්කෑන් කරගෙන එන්න යැයි කියන්නට තරම් කෝසලගේ කැස්ස දරුණු වූයේ කෙසේද කියා සිසිමාධවීට හිතාගන්නට අපහසුය.දොස්තර මහතා ළඟ කෝපරේටිව් එකට වඩා සෙනගය කියා සිසිමාධවීට සිතුනේ වාඩිවෙන්නටවත් බංකුවක ඉඩක් නොතිබ්බ හන්දාත් ලැබිච්ච අංකය 12...
“අර ළමයලහින් කියල එවල තියෙනව කැමතියි කියල”
නැන්දම්මා උදේම ඒ පණිවිඩය ඇවිත් කිව්වේ මූනේ හිනාකටක් පුරෝගෙනය. සිසිමාධවී එය භාරගත්තේ පාරම්බාන්න ආ ගමනක් ලෙසින් නොව කසාදයක් කරගන්න වයස පහුවුන දුවෙක් උන් අම්මා කෙනෙක් ඒ වේදනාවෙන් මිදුණ සතුට ලෙසය. අම්මා කෙනෙකු ලෙස තමන්ට මොන මොන දේට අනාගතයේ මුහුන දෙන්න වේද? මොන වේදනාවන්...
“අම්මා මෙයාගෙ ෆෝන් එක අරගන්න. නැත්‍තන් කීයටවත් ඔය සම්බන්දෙ මෙයා නතර කරන්නෙ නෑ” කියා මුල්ම තහංචිය දැම්මේ අයියාය. තාත්තාත් නැති ගෙදර මුල් තැනක් කොහොමත් අයියාට හිමිව තිබුණේ නිරායාසයෙනි. අම්මා අයියාගේ බස් අනුව සිසිමාධවීගේ පෞද්ගලික ජංගම දුරකතනය තමා භාරයට ගත්‍තාය.
“ඔහොම මානසික හිරිහැර කරාට ඔය ළමය ඕක නවත්තයි කියල ඔයා හිතනවද...
රෑට කන්නට හැදුවේ රතු බතුත් කිරි හොදිත් ගොටුකොල සම්බෝලෙකුත් හුරුල්ලො මිරිසටත් ය. කිරි හොදි එක්ක රතු බත් කන්න ආස හන්දාම සිසිමාධවී දරු දෙදෙනාට වේලපහින්ම බත් කවා කෝසල එන්න කිට්ටුව කිරි හොද්ද ආය රත්කරේ දවල්ටත් නිවිච්ච බත් කන මනුස්සයට රෑට හෝ උණුවෙන් බත් කටක් කන්න දෙන්නටය.
“අම්මේ සිකුරුයි කියන්නෙ මොකද්ද?” ලොක්කා...
සූර්‍යයා තිබුනේ දිවා කල අහසේ මුදුනටම වීය. ඒ ඉර අව්ව කෙතරම් තදින් මුහුණත් ගතත් නහවමින් තිබුනද සිසිමාධවී උන්නේ ළිඳ ලඟට වී දරුවන්ගේත් කෝසලගේත් රෙදි පෙරෙදි ටික සෝදා දමමිනි. කෝසලත්, දරුවනුත් උදේ රැයින්ම ගෙදරින් පිටව යන හන්දා උදෑසනට මොනවා හෝ සුලු දෙයක් හදා, දහවල් වෙද්දී ගෙවල් දොරවල් අස් කර, ඉස්කෝලෙ...