Tag: ඔබට ඇහෙනව නම්

මගේ ඇස් ඇරුණේ මගේ ම හිතිවිලි පරම්පරාවෙන් සිදු කරන ලද පෙළඹීමකට ය. මම ඉක්මනින් නෙතු හැර බැලුවෙමි. කුලාන් ද පුතු ද තද නින්දක පසු වෙති. අප සිටින්නේ මහල් විසි ගණනක් ඉහළින් වන සුඛෝපභෝගී හෝටල් කාමරයක බව මට සිහි වූයේ දැනුණ සීතලත් එක්ක ය. මම වහා දුරස්ථ පාලකය ගෙන වායු...
ශ්‍රීනාත් ගල්හේන මහතා ගේ ඇස් වල වූ කේන්තිය මා දුටුවේ දුරට පමණකි. ඔහු ලං ව එත්දී මම බිම බලා ගතිමි. සත්තකට එතැන බිම වළක් හාරා ගෙන හැංගෙන්නට පුළුවන් කමක් වී නම් මම එහෙම කරමි. කොහොම ඔහු ගේ මූණ බලන්න ද? මම ඔහු තැබූ විශ්වාසය කඩා බිඳ දමා ඇත්තෙමි. "මොකද මේ..." ගල්හේන...
 මම යහනේ වැතිර අතීතය දිග සක්මන් කරමින් සිටියෙමි. ඉතා සුන්දර වූ ළමා හා යොවුන් වියක් මා ගෙවා විත් තිබිණි. තාත්තා ගේ රැකවල ඒ කාලයේ දී හිරිහැරයක් සේ දැනුණ අවස්ථා තිබුණත්, ඒ රැකවරණය තුළ මගේ නොතේරුම් වියේ ආරක්ෂාව මැනවින් සැකසී තිබිණි. දරුවන් දෙදෙනෙකු සිටින ඒ හැටි ආර්ථික දුෂ්කරතා නැති  පවුලක...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ මෙතෙක් ගෙවූ ලස්සන ම කාලය කියා මම හිතමි. නව යොවුන් විය ගෙවා විත් තිබුණත්, ඊට පස්සේ අපට මුණ ගැහෙන්නට හෝ කතා බහ කරන්නට වූයේ උසස් පෙළ පෙම්වතුන් ට සේ රහසින් හා බියෙනි. ශ්‍රීනාත් ගල්හේන මහතා මා තුළ ඇති කරවූයේ ත් තාත්තා නිසා ඇති වූ බිය...
ශ්‍රීනාත් ගල්හේන ගේ මුහුණේ හොඳක් නොවූ බව මට දැනිණි. වෙනදා හැම මොහොතක ම ඒ මුහුණේ වන සිනහව කොහේදෝ පලා ගොස් තිබිණි. ඉඳ හිට මට විහිළුවක් කර හඬ නගා හිනැහුණ බවක් හෝ ඔහු ට අමතක ව ගොස් තිබුණා සේ ය. කුලාන් සමග වුව ඔහු කතා කළේ ඒ තරම් හිත හොඳකින්...
ආදරය කියන්නේ මට දුරින් වූ දෙයක් බව මම ඔබ ට කියා ඇත්තෙමි. විරල වූ ද ගැඹුරු වූ ද සොඳුරු වූ ද ආදරයකින් හදවත පුරවා ගෙන බලා උන්නා ට ඒ ආදරය නිදහසේ පුද දිය හැකි කෙනෙකු එතෙක් මට හමු වී තිබුණේ නැත. එවන් ආදරයක් දැනුණ කෙනෙකු ට ලං විය නො...
කුෂ්ලානි මා ඉදිරියේ හිඳ ගත්තේ කෙළින් ම මගේ මූණ දෙස බලා ගෙන ය. ඒ වෙලාවේ මම ඇගේ ඇස් පත්ලේ නිදන්ගත ව තිබී ගැඹුරු දුකක් හඳුනා ගතිමි. එදුකින් මගේ හිත සසල ව ගියේ ය. "කුලාන් ඔයාට ආදරෙයි නේද..." ඇගේ මුල් ම ප්‍රශ්නය වූ කලී කල් යල් බලා එල්ල කරන ලද කාල බෝම්බයකි....
නින්දේ දී දකින බොහොමයක් සිහින අවදි වෙන කොටත් අපට අමතක ය. ඇතැම් ඒවායින් යම් යම් කුඩා කොටස් පමණක් මතක ය. ඒ නිසා ද මන්දා සොබා දහම අපට නින්දේ දී නොව ඉඳහිටෙක හැබැහින් සිහින පෙන්වන්නේ ය. ඒවා අමතක කරන්න ට බැරි ව ජීවිත කාලයක් විඳවන්න ට බොහෝ විට අපට සිදු...
මගේ දකුණු අත පැත්තෙන් අශිකා ය. වම් අත පැත්තෙන් කුලාන් ය. ඉදිරියෙන් තෙරක් නැති සයුර ය. ඉහළින් අපරිමිත අහස ය. ඒ සියල්ල අතරින් මා හුස්ම ගත්තේ ඉතා ම හෙමිහිට, වැරදීමක් වේ යයි බියෙන් සැකෙන් මෙනි. නමුත් මගේ තුන් සිත ප්‍රීති සයුරක දිය බුං ගසන්නට වූයේ ය. ඔවුන් දෙදෙනා නොයෙකුත්  දේවල්...
ඒ විනෝද ගමන මට තනිකර ම සිහිනයකි. විදුලි කොටන පිරිමි ඇස් දෙකක්  මෑතක පායා තිබියදී ඒ තරම් දිගු ගමනක් මා ඒ ගියා ම ය. අධිවේගී මාර්ගය ඔස්සේ ඉක්මනින් ගමනාන්තයට එළඹුන ද මුහුදු තීරය අපට දිගු දවසකට ඇරයුම් කළේ ය. රිදී පැහැ හිරු කිරණ සයුරත් වෙරළත් සිඹ සිඹ හාදු දෙමින්...