Tag: ඔබෙ ආදරෙන් මා දැවේ
“එදා ඇයි ඔයා එහෙම මැසේජ් එකක් එව්වෙ?” කියා අහන්න පණක් ජාන්විගෙ හිතට තිබ්බේ නැත.
“වට් එවර් හැපන්ස්, ඔයාට එහා පැත්තෙන් මම හිටගෙන ඉන්නවා” යැයි කියා චිත්‍රා ගෙදර ඇවිත් උන් වෙලාවේ තුරුණු විසින් එවන්නට යෙදුණ පණිවිඩය මලිත් ගැන දෙමව්පියන්ට මූණටම කියන්න ඕන දේ කියන්න තමන්ට රුකුල් දුන් බව ජාන්වි මුලු හදවතින්ම...
ඒ ගිනි බෝම්බය ධර්මවර්ධන නිවසට කඩා වැටුණේ සියල්ලන්ම නිවසේ උන් සති අන්තයේ දවසකය. අම්මා හදන කෑම කන්නට ආසාවෙන් ආන්‍යාව ගෙදරට එක්කරගෙන ඇවිත් උන් නිසල් උන්නේ ඉස්සරහා සෙටියෙ හාන්සි වී අනිල් ධර්මවර්ධන එක්ක පරණ සිංහල චිත්‍රපටයක් බලන ගමන් ය.
හිටි හැටියේ කිසිත් පෙර දැනුම් දීමක් නැතිව ගේ මැද්දට කඩං පැන්න ඒ...
ආදරයට අවසානයක් නැත.
එය අවසාන ස්වරයෙන් පසු මැකී යන ගීතයක් හෝ ගිම්හානය පැමිණි විට සිඳී යන ගංගාවක් වැනි හැඟීමක් නොවන බව අප තේරුම්ගන්නේ ආදරය කරන්නට ගත්තායින් පසුවය. ආදරය යනු මොහොතකින් ඔබ්බට, වැරදීම්වලින් ඔබ්බට, මිනිසුන්ගෙන් පවා ඔබ්බට ජීවත් වන දෙයක් බව අප තේරුම්ගන්නේ ආදරය හිමි වූ තැනදීත්, අහිමි වූ තැනදීත් ය....
“මං කවදහරි දවසක ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නේ?” කියා ඇසුවේ අතීතයේ උන් ජාන්විය. ඒ වචන අයිති වී තිබුනේ ආදරය ඇරඹූ කාලයේ ආදරය ඉස්සරහා ලඳ බොළඳ වන පාසල් වියේ යෞවනයෙකුටත්, යෞවනියකටත්ය.
“ඔයා මාව දාලා ගියොත් නේද? මං ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ කවදාවත් හිතලා නෑ” කියා කිව්වේ මනහාරය.
“ඇයි ඒ?” කියා ඇසුවේ...
තුරුණු කිසිදාක තමන්ව එහෙම තැනකට එක්කරගේන ඒවියැයි ජාන්වි බලාපොරොත්තු නොවුන බව ඇත්තකි. එහෙත් ජිවීතය අපේ අතට, අපේ ළඟට ගෙනවිත් දෙන්නේ හැමවිටම අපි බලාපොරොත්තු වන දේවල්ම නොවන බව ජාන්වි දැනගත්තේ අද නොවේ. මෙයට බොහෝ දිනකට පෙර ය.
ජීවිතය සෑම විටම අප ඉල්ලන දේ ලබා නොදේ. එය ජීවිතයේ ඇති අතිශය දුෂ්කර සත්‍යයන්ගෙන්...
“මං ඔයාට රිද්දුව බව ඇත්ත. මං ඔයාව දාලා ගිය එකත් ඇත්ත. සමහරවිට මට මේ ඇත්තටම පල දෙන්නෙ මං ඔයාට දුන්න ගින්දර වෙන්නැති මනහාර. මම එහෙම කල පලවෙනි කෙනා ඔයා නොවුනට ඔයාට එහෙම කර පලවෙනි කෙනත් අන්තිමයත් මම බව මම නොදන්නව නෙවෙයි. සමහරවිට සහගහන අපරාද කියන්නෙ ඒවට වෙන්නැති. මට මේ...
“මිනිහා ඔය ප්ලේ කරන්න හදන කාඩ් එක ගැන නම් බයවෙන්න එපා. ද්වේශ සහගත ලෙස අත හැර ගියා කියලා මිනිහා නිකන් කිව්ව පළියටම මේ එහෙම නඩු දාන්න බෑ. ඒක අපිව බය කරන්න කියල හිතන් මිනිහා කිව්ව එකක් වෙන්නැති. අනික ඉතින් කාගෙ පැත්තෙන් නඩුව දැම්මත් උසාවියෙදි වෙච්ච දේවල් ඔක්කොම අපිට ඔප්පු...
“ආයෙ කවදාවත් මං ඔයාගෙ මූණ බලන්නෙ නෑ කියලා හිතුවට මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ තුරුණූ. මං දන්නෙ නෑ ඇයි මම ආයෙ ආයෙ කැරකි කැරකි එකම තැනකට වැටෙන්නෙ කියලා. මං දන්නෙ නෑ ඇයි මලිත් මට ඒ වගේ දෙයක් කරේ කියලා” ජාන්වි අඬද්දි තුරුණු කරේ සුපුරුදු විදියට ජාන්වි ඉස්සරහින් විනිවිද...
“මම විවාහ වුණේ ප්‍රේම සබඳතාවයකින්. මම ගායකයෙක් විදියට ජනප්‍රිය වීගෙන එන කාලෙම විවාහ වෙච්ච එක ගැන ගොඩක් අය එක එක දේවල් කිව්වා. ඒත් මම හැමදාම හිතපු දෙයක් තමයි ආදරේ කියන දේ, ආදරේ කරන කෙනාව ළඟින් තියාගන්නවා කියන එක අපි කවදාවත් පස්සට දාන්න ඕන නෑ කියන එක.
මගේ ගීත ජනප්‍රිය වෙලා,...
මිනිසුන් වැරදි කරන බව සැබෑවකි.
එහෙත්, සමහර වැරදි තිබේ, ඒවාට සමාව දීම අපහසු පමණක් නොව, සමහරවිට කළ නොහැක්කක් විය හැකිය. ජීවිතයට තදින්ම කාවදින, සුව කළ නොහැකි තුවාල ඉතිරි කරන එවැනි වැරදි, සමාව දීමට ඇති හැකියාව ප්‍රශ්න කරයි. කෙනෙකුට සමාව දීමට උත්සාහ කළත්, එම සිදුවීම මතකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි නිසා,...