Tag: කෙටිකතා තරගය

රතු රෝස මතක

0
" රතු රෝස මල් හැමදාම පිපෙනවා චේතිය. ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒවා වටින්නෙ පෙබරවාරි මාසෙදි විතරයි." මේ පෙබරවාරියත් පටන් ගත්තෙ පුරුදු විදියටම සචිනිගෙ වචන මතක් කරන ගමන්. දැන් අවුරුදු පහක් ගෙවිලා. ඒත් සමහර දේවල් ලේසියෙන් අමතක නොවෙන හැටි. පැත්තක නිදන් හිටපු මේඝනා දිහා මං බැලුවෙ හූල්ලන ගමන්. සචිනි මගෙ ජීවිතෙන් ගියෙ කොච්චර...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල් බොකියකුත් අතේ තියාන, මම වත්ත පල්ලෙහ පොකුණ පැත්තට වැටිච්ච පඩිපෙළ උඩ වාඩිවෙලා උන්නා. උන්නෙ තනියම උනාට එකපාරටම පිටිපස්සෙන් ඇහිච්චි කටහඬට මන් තිගැස්සුනේ නැත්තෙ, ඒ කටහඬ මට...

මුහුදු සුළඟ

0
මුහුදු හුළං එක්ක යාලු වෙලා හිතෙන හිතෙන අතට දුවන කෙහෙරැලි එකට එකතු කරලා බැඳලා දාන්න ඕනෑකමක් මට තිබුණේ නෑ. අගක් මුලක් හොයාගන්න බැරි තරමට ම පැටලුන නූල් බෝලයක් වගේ හිතක් එක්ක ඉන්න මට නිදහස කියන දේ උවමනාවටත් වඩා ඕනේ වෙලා ඉන්න වෙලාවක් මේක.. ඉතිං එහෙව් මම මගේ කොණ්ඩෙට නිදහස...

මධුපානි

0
"තාත්තා,අම්මාට මගෙ ඉෂ්කෝලට එන්න බැරි වෙයි නේද?අම්මාට මල්ලිව බලාගන්න ඕනි නෙ" දුවගෙ සිගිති කතා සද්දෙ සාලේ දිහාවෙන් ඇහෙනකොට කාමරෙ පුතාට කිරි දිදි හිටපු මම අකුණක් ගැහුවා වගෙ තෘෂ්ණිම්භූත වුණා.හිත අස්සෙන් ආපු මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් ක්ෂණිකව ඇස් දෙකට දැනිලා ඇස් තෙත්වුණා. ඒත් එක්කම මට මැවිලා පෙනුනෙ මදුපානීව,රතු වුණ ඇස් දෙකෙන්...

ගමන් මළු

0
අපි දෙන්නටම තිබුණා ලොකු ගමන් මළු දෙකක්..! ඈට තිබුණේ මහා පීඩාකාරී ළමා කාලයක්. රට ගියපු අම්මෙක්, උප්පැන්නෙටවත් නම දුන්නැති තාත්තෙක්, අසනීප වුණු ආච්චියෙක් සහ නිතර බීගෙන හිටපු අසමජ්ජාති බාප්පෙක් එක්ක එයාගෙ ජීවිතේ කවදාවත් ලස්සනට තිබුණේ නෑ. අම්මගේ රූපෙවත් මතක නැති අවුරුදු නමයක දරුවෙක්, ගොරහැඬි අත්වලට පොඩි වෙන බව කන් දෙකවත්...

පිච්ච මල්

0
ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම ඇමරිකාවෙ හිටියට අව්‍යාට කසාද බඳින්න ඕනි වුණේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් ඇඳලා මාල හත දාලා. කොණ්ඩෙට, පෝරුවට, ඩෙකරේෂන් ඔක්කොටම පිච්ච මල් විතරයි. පිච්ච මල් සුවඳට පුළුවන් වෛද්‍ය සමන්ති දිසානායකව අවුරුදු ගාණක් ආපස්සට අරන් යන්න. කැප්ටන් නුවන් දිසානායකට රස්සාව හින්දා උතුරට යන්න සිද්ධ වුණාම සමන්ති දෙපාරක් නොහිතා එහෙ යන්න...