Tag: පළිඟු මන්දිර

උපාධි නිබන්ධනය අවසන් කිරීමෙන් පසු නිවර්තනා යළිත් ප්‍රංශය බලා නික්ම ගියා ය. ඈ සමු ගන්නා මොහොතේ පළිඟු ඒ තරම් හැඬුවේ මන්දැයි ඇය ම වුව නො දැන හිටියා ය. "ගියාට මට ඔයාව අමතක වෙන්නෑ. දැං මට මෙහේ නංගි කෙනෙක් ඉන්නව. ආයෙ මං ලංකාවට එන්නෙ ඔයාව බලල යන බලාපොරොත්තුවෙං. නංගිලගෙ ගෙදර යනව...
සියලු දෙනා ඉදිරියේ කිසල් කී කතාව නිසා වත්සලා මඳ අපහසු තාවකට පත් වූවා ය. ඇගේ වත ට ලේ පුරා රතු වෙන හැටි පළිඟු මැනවින් දුටුවා ය. තරුණ ගැහැනියක ලෙස පුංචා ලෝකයට මුහුණ දුන් ආකාරය ගැන පළිඟු  තරම් හොඳින් දන්නා වෙන කෙනෙකු නැත. මිනිසුන් කවරාකාර දැයි නිවැරදි ව වටහා ගන්නට...
සැන්දෑ අහස තඹ පාටින් රටා මවා තිබුණේ ය. සුළඟ ඉතාමත් සිහිළැල් ව හමා යන්නට විය. ඒ මඳ පවනට පවා අඹ පතක් නටුවෙන් ගිලිහී පොළොව බලා මඳ වේගී ගමනක් ආවේ ය. අඹ පත්‍රය බිම පතිත වන විට නැගුණ මුදු හඬින් පවා වත්සලා ගේ සිත්හි ගැස්මක් ඇති විය. තණ පත් පොඩි වෙමින්...
සනත් කෙළින් ම රිය පැදවූයේ චමල් ගේ නිවස්නය වෙත ය. මොරීන් ගේ සොයුරා වූවාට, චමල් ගේ ලාබාල වියේ සිට ම සනත් ඔහු ට ළෙංගතු ව සිටියේ ය. ගෙදර ඇවිල යන ගින්න ගැන පොඩි මස්සිනා සමග කතා බහ කිරීමෙන් හිතට සැහැල්ලුවක් උදා කර ගත හැකි බව ඔහු දනී. චමල් ගේ...
හැමදාමත් වසන්තය පවත්නේ නැත. හැමදා ම ගිම්හානය පවතින්නේ ද නැත. ඍතු ඇවිත් යයි. ඊළඟට වෙන එකක් එයි. සොබා දහමේ හැටි එහෙම ය. සොබා දහම කිසි ලෙසකින් හෝ එක තැන නතර වී නො පවතියි. ජීවිතයත් එහෙම ය. ජීවිතයට ද ඍතු විපර්යාස තිබේ. සෞම්‍ය මිටියාවත් සේ ම ශුෂ්ක හා කටුක කඳු හෙල්...
ඉක්මනින් සන්සුන් වන්නට නිවර්තනා ට අවැසි විය. මුළුමනින් කිසල් හා පළිඟු වෙනුවෙන් ආශිර්වාද කළ හැකි මොහොතක් වෙනුවෙන් ඕ බලා උන්නා ය. ඔවුන් දෙදෙනා ට තරු පන්තියේ බොජුන් හලක දී කෑම වේලක් පිරිනැමීමෙන් ඒ අවස්ථාව උදා කර කර ගන්නට ඕ සැලසුම් කළා ය. "එහෙම කොහොමද ඒ දෙන්නට විතරක් ට්‍රීට් එකක් දෙන්නෙ...ඕවට...
සිදු වෙන්නට යන්නේ කුමක් දැයි පළිඟු නො දැන සිටියා ය. පණිවිඩයක් තබා නිවර්තනා ඈ අවන්හල වෙත ගෙන්වා ගන්නට හේතුවත්, දැන් මේ විදිහට කිසල් මෙහි පැමිණීමත් අතර සම්බන්ධයක් ගැන හිතා ගන්නට හැකි දැයි ඇය ට දැනී නො දැනී ගිය අතර, ඒ සිතිවිල්ල සිය දෙපා පණ නැති කරවූ බවක් යුවතිය අත්වින්දා...
කිසල්, ඔහු කියා යැව් අවන්හල වෙත ආවේ දැනුම් දුන් වෙලාවටත් වඩා අඩ හෝරාවකට කලිනි. ඒ තරම් නො ඉවසිල්ලක්, නිවර්තනා හමු වී සියල්ල ඈ ඉදිරියේ හෙළි දරවු කිරීම නිමිත්තෙන් ඔහු ගේ පිරිමි හිතේ ඇති ව තිබිණි. නමුත් නියමිත වෙලාවට වඩා විනාඩි පහළොවකට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබිණි ද නිවර්තනා තවමත්...
බොහෝ දැරියන් ජීවිතය ඉගෙන ගන්නේ සිය මවුවරුන් දෙස බලා ගෙන ය. ආදරය පිළිබඳව ඔවුන් මත වැටෙන සෙවනැල්ලත් අම්මාගේ යයි නො කියන්නට බැරි ය. නමුත් පළිඟු සම්බන්ධයෙන් එය එසේ නොවේ. පළිඟු දුටු මවුවත් ඡායාව වූ කලී වත්සලා ය. ඇගේ ආදරයේ පරමාදර්ශය වත්සලා ය. ඒ නිසා චමල් සම්බන්ධයෙන් දැන් ඈ දරන...
මොරීන් සියල්ල කදිමට සැලසුම් කළා ය. නිවර්තනා ව අහිමි කර ගන්නට ඇය ට කොහෙත් ම ඕනෑ වූයේ නැත. කිසල් ට පෙම්වතියක හිඳින බව නිවර්තනා ගෙන් වසංගා, ඉක්මනින් විවාහ ගිවිස ගැනීම සිදු කිරීම ඇගේ අරමුණ විය. මුලින් ම ඕ ඒ ගැන නිවර්තනා ගේ මව හා ඇගේ පැරණි මිතුරිය වන ප්‍රියානි...