Tag: පාට සේදුනු වත්සුනු

සුබ පතන්නන් සේ ම සුබ පැතුම් ගෙන එන්නට අකමැති පුද්ගලයන් ද සුබ මොහොතවල් වල දී අපට හමු වන්නට පුළුවන. මේ සුබ හෝරාවේ කේන්තියෙන් පුපුරමින් එහි පැමිණ සිටියේ ලොකු මාමා හා නැන්දා ය. ඔවුන් දුටු අත්තම්මා කට කොනකට සිනහවක් නගා ගත්තා ය. "ආයෙ මෙහෙ පස් පාගන්නෑ කියල ගිය ඈයො මේ ඇවිත්...
ඇතැම් විට අම්මා අසංක සමගින් කතා බහ කරන්නට ඇත. මට කී දේ, ඔහු ඇය ව විවාහ කර ගත්තේ ව්‍යාජ විවාහ සහතිකයක් මත බව අම්මා ටත් ඔහු පවසන්නට ඇත. ලජ්ජාව නිසා හෝ දරා ගැනීමට අසීරු වේදනාව නිසා ඕ තනිව හා නිහඬව ඒ ආරංචිය විඳ දරා ගන්නට ඇතැයි මම සිතමි. අනාගතයට...
අම්මා සතු ව ඇති විවාහ සහතිකය ව්‍යාජයක් බව, මම යුගාන්තටත් ගෙදර අයටත් කීවෙමි. මෙහෙම වෙලාවක අම්මා ට එහෙම දෙයක් කියන්නේ කොහොමද?  "මේ ගොං හරකි ආයෙත් රැවටුණා" අත්තම්මා සුසුමක් හෙළමින් පුටුවක් මතට වැටුණා ය. නමුත් මා හිතු තරම් කම්පනයක් මට ඇගෙන් දකිත හැකි නො විණ. අත්තම්මා කියන්නේ ජීවිතය දිගේ හුඟක් දුර ගිය...
අම්මා පුතෙකු බිහි කළා ය. මේ වෙලාවේ අසංක ඇය ළඟ නො සිටීම ගැන අම්මා තුළ සංවේගයක්, සන්තාපයක් වන්නට ඇත. ඇගේ ඇස් අලුත් දීප්තියකින් දැල්වුණ අතර, ඒ දීප්තියට යටින් වේදනාවක හෝ භීතියක අඳුරු සෙවනැලි මම දුටිමි.  අලුත් සාමාජිකයෙකු ගේ ආගමනය කියන්නේ පවුලක වැදගත් සන්ධිස්ථානයකි. මේ සාමාජිකයා අනාගතයේ දී පවුලට කවරාකාරයෙන් බලපෑම්...
ඇඳුම් කිහිපයක් බෑගයක ඔබා ගත් අසංක ගෙදරින් එළියට බැස ගියේ 'මං මේක ලේසියෙන් අතාරින්නෑ' යි අප වෙතට තර්ජනාංගුලිය දිගු කරමිනි. අම්මා වැලහින්නක සේ වැලපෙමින් සිටියා ය. මම ඇගේ හිස පිරිමදිමින් ඇය සනසන්නට වූයෙමි. "දරුවෙක් බඩේ තියං ඔහොම වැළපෙන්න හොඳ නෑ කෝසලා. දෙමව්පියො මුලිංම හිතන්න ඕනෙ දරුවො ගැනයි. බඩේ ඉන්දැද්දි වුණත්…" අත්තම්මා...
අරමුණක් එකතු වූ විට ජීවිතය වඩාත් ජව සම්පන්න වේ. මම ඒ උද්‍යෝගයේ රසය සජීවී ව විඳින්නට පටන් ගතිමි. ඒ ප්‍රවාහයට හසු වීමෙන් පස්සේ කෙනෙක් හුස්ම ගන්නේත් ප්‍රීතිමත් බලාපොරොත්තුවකිනි. මම අපේ අනාගතයේ සැලසුම් මගේ ම හද තුළ අඳිමින් ද සංස්කරණයන් කරමින් ද එහි සැරිසරන්නට වීමි. "දැං තමයි ඔයා ඇත්තටම ජීවත් වෙන්නෙ" කුඩා...
"සමහර වෙලාවට අපිට අවදානමක් ගන්න සිද්ද වෙන්න පුළුවන් ගයා" යුගාන්ත මට අවධාරණය කරවන්නට උත්සාහ දරමින් සිටියේ ය. නත්තසූරිය මල් සිප ගෙන මඳ පවනක් හමාන ගියේ ය. මම කොංක්‍රීට් බංකුව මතට වී අකර්මන්‍ය ජීවියෙකු ලෙස බලා සිටියෙමි. "අවදානමක් ගන්න සූදානම් මිනිස්සු තමයි ඒ අයගෙ හීන දවසක හැබෑ කර ගන්නෙ. ඒ හීන හැබෑ...
පැළ කිහිපයක් බඳුන් ගත කරමින් උන් නිසා ඒ වෙලාවේ මගේ දෑත් හි මඩ තැවරී තිබිණ. අත්තම්මා පෙන්වූ කළබලය මගේ තිගැස්ම උත්සන්න කළ නිසාවෙන් දෑතින් දෑත් ගසමින් පමණක් මම අත්තම්මා වෙත යොමු වීමි. "මොකද්ද අත්තම්මා කිව්වෙ…" මඩ රැඳි අතක් අත්තම්මා ගේ උරහිස මත තබන්නට තරම් මගේ නොසන්සුන් බව දැඩි වී ය. "මේ සම්බන්ධෙ...
යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන සැකසුම් හා ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පය යන පාඨමාලා දෙක ම එක වර හදාරන්නට පටන් ගතිමි. ඒ වෙලාවට තුෂී පැළ තවාන බලා ගත්තා ය. ඇගේ උදව්වට...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම මගේ අම්මා ටත් මැදිහත් වන්නට වූ එක ගැන ය. අසංක එන පොට හොඳ නැති බව කොහොමත් මගේ ගැහැනු ඉවට දැනී තිබුණේ ය. නමුත් මම නිහඬව...