Tag: පිණි මුතු පලසක්
ඒ වෙද්දී නඩු තීන්දුවෙන් සති කිහිපයක් ගත වී තිබුණි.නඩු තීන්දුවෙන් පසුව සත්සරාගේ මෙන්ම සමුධ්‍යාගේ ජීවිතයට යම්කිසි තත්ත්වයක් ලැබී තිබුණත්, ඒ වනාහී සිදු වූ සියල්ලෙන් සහමුලින්ම පාහේ මිදිය හැකි, සම්පූර්ණයෙන්ම හිත සුවපත් වූ තත්ත්වයක් නොවේ. අතීතයේ සෙවණැලි තවමත් මෙන්ම තවත් බොහෝ කාලයක් යන තුරු තමන් පසුපස හඹා එන විත්තිය සත්සරා...
එදින දහවලේ, විශේෂ මහාධිකරණය වෙත දෙවන සැසියේ වාර්තාව ලැබී තිබුණි. එය ලක්ෂිතගේ මානසික තත්ත්වය පිළිබඳව මනෝ වෛද්‍ය විමුක්ති විසින් සකස් කරන ලද වාර්තාවකි. විනිසුරුවරයා එය ඉතා සූක්ෂමව කියවූ අතර, ඇතැම් කොටස්වල යටින් ඉරි ඇඳ තිබූ අයුරු ඔහු හොඳින් විමසුවේය.
“පියාගේ සිය දිවි හානි කර ගැනීමෙන් පසු මානසික පීඩනයට පත්ව සිටින...
“විදුර මන්ත්‍රීතුමා සුයිසයිඩ් කරගෙන” ය යන පුවත ලක්ෂිත සොයා ආවේ වේදනාවේත්, බලාපොරොත්තු බිඳ වැටීමේත් මූණිස්සමක් පරිද්දෙනි. තාත්තා මෙලොව නැති තැන තමන් විසින් මෙපමණ කාලයක් පුරාවට කිසිත් බියක් නොමැතිව කරන්නට යෙදුණ අකටයුතුකම්වල දරුණු ප්‍රතිපලවලින් තමන්ව බේරාගන්නට කෙනෙකු නොමැතිය යන හැඟීම ඒ සීතල සිර කූඩුවේදි ලක්ෂිතව බියෙන් තිගස්සවන්නට හේතු වී තිබුනේය.
ඒ...
“මේ හැමදේම දිහා බලද්දි මට හිතෙනවා පරදිනවා කියන්නේ අනාථ දරුවෙක් වගේ කියලා. කවුරුවත් කැමති නෑනේ පරාද වෙන්න. පරාජෙ භාරගන්න. හැමෝම හැමතිස්සෙම හදන්නෙ පරදින එකෙන් බේරෙන්නනෙ. කවුද කැමති තමන් පරදිනවා කියලා කියන්න තියා පරදින පැත්තෙවත් ඉන්න. මිනිස්සු පරදිනවා කියල තේරිච්ච ගමන් මොකද කරන්නෙ එක්කො පැත්ත මාරු කරන එක එහෙම නැත්තම්...
කිසියම් තැනක් වැරදී ඇති බවට පළමු පෙර නිමිත්ත වූයේ නිහඬතාවයි.
අරුණ සවස් කාලයේ සිටම සමුධ්‍යාගේ පණිවිඩයක් අපේක්ෂාවෙන් සිටිය බව ඇත්තකි. මුලදී, ඔහු සිතුවේ ඇය කොළඹ සිට ආණමඩුව වෙත ගිය ගමනේදී ගමන් මහන්සිය නිසාවෙන්ම සමුධ්‍යා නින්දට වැටෙන්නට ඇතැයි සිතුවද නිවාසයෙන් පිටත අහස වැස්සක් නොමැති කාලයක අඳුරෙන් බර වී යද්දී සමුධ්‍යා ගැන...
"තාත්තා කිව්වා එයාට වැදගත් වැඩක් තියෙනවා කියලා. එයා කිව්වා ටීචට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා. හැබැයි... හැබැයි ටීචර් එයා කියන දේ නොකළොත්..." කියා එතනින් නැවතුණා මිසක සත්සරාට කතාව අවසන් කර ගැනීමට නොහැකි විය. ඇය උන්නේ බියෙන් වෙව්ලමිනි.
"තාත්තා හරිම තරහෙන් හිටියේ ටීච. මට එයා දිහා බලන්නත් බය හිතුණා" කියමින් ඇය...
“ටීචර්” කියා විවර වුන දොරෙන් සත්සරාගේ රුවත් හඬත් ආ තැන සමුධ්‍යා ඇත්තටම ගල් ගැසුණාය. තමන් විසින් බේරාගන්නට කටයුතු කරන ලද සියලුම දෙනා එකට එකතු වී තමන්ව මුලා කරන්නට ඇතිද යන වේදනාබර වූද, බියකරු වූද සැකය හිත වෙලා ගනිද්දී සමුධ්‍යා උන්නෙ තප්පර කිහිපයක් තිස්සේ නිහඬවය.
“සත්සරා? ඔයා මෙතන මොනවද කරන්නේ? ඔයාවත්...
දුරකථනය විසන්ධි උනේත් අරුණ එතන තිබුණ පුටුවක් මතට ඇදගෙන වැටුනේත් එකටමය. අරුණට දැනුණේ මුළු ලෝකයම කඩා වැටුණාක් බඳු හැඟීමකි. ඔහු පුටුවෙන් නැගිට, කාමරය පුරා එහා මෙහා ඇවිදින්නට වූයේත් සිතේ සිතුවිලි දහසක් ගැටෙන්නට වූ නිසාවෙනි
“මොකද්ද දැන් කරන්නෙ? මොකද්ද දැන් කරන්නෙ?” කියා අරුණ තමාටම මුමුණා ගනිමින් කාමරය පුරා එහෙමෙහෙ ඇවිද ගියේ...
“මම දැන් බහින්න ළඟයි” කියා සමුධ්‍යා කිව්වේ බංගදෙණිය හන්දියේ බස් නැවතුමට කොළඹ - ආණමඩුව බසය කිට්ටුවෙද්දීය.
සමුධ්‍යා ඉන්නේ කොහෙද කියා නිරත්තරයෙන්ම හොයන්නට සමුධ්‍යාගේ අම්මා වගේම අරුණද යුහුසුළු වුනේ සමුධ්‍යා “සෑහෙන දවසක් ගෙදර ඉඳලා ආපහු යන්න කම්මැලි අප්පා” කියා ගෙදරින් නැවත සද්ධානන්ද ඉස්කෝලේ මහතාගේ නවාතැන්පලට යන්නට පමා වූ නිසාවෙනි.
“ඔයාට පික් මී...
ගංගාරාමේ කිට්ටුව කැෆේ එක තිබුණේ බොහෝ දුරට හිස්වය. සමුධ්‍යා අසුන් ගෙන උන්නේ අවන්හල ඇතුළත කෙලවරේම, දෙදෙනෙකු වෙනුවෙන් පනවා තිබුණ මේසයකය. සමුධ්‍යාට එහා පසින් වූ අනෙක් මේස අතුරෙන් පිරී තිබුණේ මේස දෙකක් පමණකි. එයින් එකක විශ්ව විද්‍යාල සිසුන් යුවළක් යැයි සමුධ්‍යා සිතු දෙදෙනෙක් තම ලැප්ටොප් පරිගණක දෙස බලමින් රහසින් කතා...