Tag: පිනි සේල

ඊෂා පෙන්වන්නේ කුමක්දැයි බලන්නට මට ඇති වූයේ බියකි.සියල්ල සුන්දරව සහ සන්සුන් ව සිදු වීම ඇරඹූ මොහොතේම තිවංකි යළි සියල්ල අවුල් කරන්නට සැරසෙනවාවත් දැයි සසැලුණු මා හදවතේ ඇති සියලුම ධෛර්යය යොදවා එදෙස බැලීමි. එය වීඩියෝවකි.ටෙලි නාට්‍යයක් රූගත කරන තැනක සිදුවූවක් ලයිව් ෆේස්බුක් වීඩියෝවක් ලෙස මුදා හැර ඇත. ඉමහත් ජනප්‍රියත්වයක් අත් කරගනිමින්...
"හතරදෙනා ලොකු ප්ලෑන් එකක් වගේ.." ඔහු පැමිණියේ එහෙම කියාගෙන ය.නයනා ආන්ටි අමෝද අයියාට පුළුල් සිනාවක් හෙළුවා ය. "ප්ලෑන්ස් මොකුත් නෑ කියලා හිතාගෙන හිටිය කාලේ ඉවරයි.මට දැන් හරියට ප්ලෑන්ස් තියනවා. කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි බලාගන්නවා කියන්නේ අම්මා කෙනෙක්ට ලේසි වැඩක් නෙවෙයිනෙ.." ඇය එසේ කියන්නේ ඊෂාගේ කෙස් වැටිය පිරිමදින අතර ය.මම ඇය දෙස නොබලා...
ප්‍රමුදි කලබලකාරියක නොවේ. ඇය විස්තරය කියන්නට ගත්තේ නැවතිල්ලේ ය. එහෙත් සෑම මොහොතකම අන් අයට ගරහන, ඕපාදූප හොයන, කෙනෙක් මානසිකව පහත හෙළීම පිණිස ඕනෑම දෙයක් කරන නෙත්මි සහ මලීෂා ප්‍රමුඛ කෙලි රෑන බොහෝ අය පිළිකුල් කරන බව ප්‍රමුදිගේ කතාව අසා හිඳිද්දී පැහැදිලි ය. "ඒ කතා කරපු විදිය හරි කැතයි තමයි.ඒත් මෙච්චර...
මට ඇය ගැන තැකීමට ඕනෑ වූයේ නැත. නෑසුණු ලෙස පඩිපෙළ නගින්නට ගිය මගේ මාර්ගය ඈ අහුරා ගත්තා ය.මලීෂා ද ලක්මි ද නෙත්මිට සහය දෙන්නට මෙන් පසෙක සිටිය හ. මා කෝපයෙන් දැවෙමින් හුන් බව සහතික ය. "මොනවා අහන්නද?" මගේ හඬ නොසැලකිලිමත් විය. ඊෂා සමඟ හිඳින කඳුකර දැරිය තනිව අල්ලාගෙන බියට පත් කරන...
මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත් පාඩම් වැඩ එතරම් පහසු වූයේ නැත.ඊෂා කම්මැලිකම පොරවාගත් කුසීත කෙල්ලකි. ඉතින් අපට අසීරු පාඩම් කියා දෙමින් දිනුක නිතරම අප සමඟ හුන්නේ ය. අමෝද අයියාගෙන් පාඩම්...
හිමල්ක එනතුරු මට ඉස්පාසුවක් වූයේ නැත.ඔහු පැමිණෙන තුරු කාලය ගෙවා ගන්නට සිතමින් මම ගෙඋයනේ වූ ඔංචිල්ලාවට වී ඔහේ බලාසිටියෙමි. මට තනි වෙන්නට උවමනාවක් ඇති බව දැනී හෝ යම් කරුණක් නිසා ඊෂා මවෙත ආවේ නැත. මලිඳු වරින්වර මොනමොනවා හෝ මැසේන්ජරය හරහා එවන බව දුටු නිසා මගේ දුරකථනය ද ක්‍රියා විරහිත...
"ඊෂා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෑ." මට තවත් ප්‍රමාද වන්නට සිතුණේ නැත.වහා ඊෂාගේ අතින් අල්ලා ගත් මම ඇයට සියල්ල කියන්නට සිතුවෙමි. "පොඩ්ඩක් ඉඳපං ඉතිං.. ඔය කියන්න යන දේ මම දන්නවා.. ඊට කලින් මොනව හරි කාලා ඉමු. දවසම හාමතේ ඔයා." ඊෂා මට නාන කාමරයට යන්නට උදව් කළ අතර ඈ සමඟ මලිඳු ගැන...
බොහෝ දේ සිදු වන්නට ඇත. අපහසුවෙන් දෑස් විවර කළ මට මගේ අතට කැනියුලාවක් සවි කර ඇති බවක් දැනිණි. පියවි සිහියට එළඹෙන්නට තැත් දරමින් මම දෙනෙත් ඒ මේ අත යැවීමි. මා හිඳින්නේ රෝහලක ය. පෞද්ගලික රෝහලක සුවපහසු යහනක ය.නොපැහැදිලි දසුන් අතර ඊෂා දිස් වෙද්දී මම සිහින් හඬින් ඈ ඇමතුවෙමි. "මට මොකද වුණේ?" ඊෂා...
ඉතා දීප්තිමත් ව හිරු පායා එමින් තිබිණ.සරසවියට නොගොස් අවන්හලක හමු වීමේ තීරණය සහිත මලිඳුගේ කෙටි පණිවිඩය මගේ ගමන් මාර්ගය වෙනස් කළ අතර ඔහු නිසා මා බොහෝ වෙනස් වෙමින් පැවති මොහොතක ත්‍රීරෝද රථයට ගමනාන්තය වෙනස් කරන්නට මතක් කිරීම මට සුළු කාරණාවක් විණි. මලිඳු ඇණවුම් කළේ ය. මා ඒවාට ප්‍රිය නොකරන බව...
"ඔයා මොනවා ගැනද කියන්නේ?" මා සැබෑවටම සිටියේ වියවුල් ව ය. ඊෂාට මා සමඟ හදිසියේ අමනාප වෙන්නට ද හේතුවක් තිබිය නොහැක. අප ඊයේ රාත්‍රිය ද ගෙවූයේ සිනාබර විහිළු තහළුවෙනි. "පිනී.. මං දන්නවා ඔයා මලිඳුට ආදරෙයි කියලා. ඒ ආදරේ මොන විදියේ වුණත් ඔයාට මං කියපුවා එයා එක්ක ශෙයාර් කර ගත්තේ ඇයි?" ඊෂාගේ ආවේගය කදුළු...