Tag: මන්දාරම් හැන්දෑවක

දුරුතු මාසයේ සඳ පායා එන්නට අහස් තලයම පැහැදිලි වූ හැන්දෑවකදිනිඳු නිවසට පැමිණියේ සවස හයේ කණිසම ද ඉක්මවද්දී ය.මෝටර් රථය මිදුලේ නැවතෙද්දී ම හිනා කටක් පුරවාගෙන දිව එන ඉනුලි පෙනෙන්නට නැත.දිවා කාලය මුළුල්ලේ වෙද ගෙදර විසීමේ පිළිවෙල කඩින් කඩ නැවතී යාමෙන් ඈ ශෝකයෙන් දැයි ඔහුට හදිසි සිතුවිල්ලක් පහළ විණි.ඔහු නිවස...
"සාමාන්‍ය බ්‍රේකප් එකකට වඩා ජනිඳු එක්ක සිද්ධ වුණු ප්‍රශ්නෙ සම්පූර්ණ අවුලක් මචං..ඒ වගේ දෙයක් කරපු මිනිහෙක්ගෙ මුළු පවුලම එක්ක තරහ වෙන්න මේඝාට හිතෙන එක සාධාරණයි..මං වැරැද්දක් හිතන් නෑ.." මේඝාට කතා කරන්නට උත්සාහ කළ වරුණව වළකමින් දිනිඳු පැවසී ය. සිනාව සහ ප්‍රීතිය උතුරා ගිය උදෑසනක් මූසල ස්වරූපයක් ගන්නට ගත වූයේ කොපමණ...
"මේඝා.." ඒ හඬින් තමන්ගේ නම ඇසුණේ සය මසකටත් පසු බව මේඝාට සිහි විණි.වසරකටත් පෙර දිනයක මුල්ම හමුවේ දී ඇසුණු තරමටම ප්‍රේමණීය හඬකින් ඔහු තමන් අමතනු ඇසෙද්දී මේඝා සය මසක් දරා ගත් ආවේගය ද වේදනාව ද පිටාර ගලා යන්නට විය. "ලැජ්ජා නැතුව මාව බලන්න ආවද මිනිහෝ.." හොරා කන්නට පැමිණෙන පූසෙකුට පවා යසා...
උඳුවප් සීතල වඩා තදින් දැනෙන්නේ නත්තල ළං ළං ව එද්දී ය.නත්තලට දින තුනක් ඉතිරිව තිබෙන උදෑසනක මේඝා අවදි වූයේ සොම්නසිනි.ඉතා ශෝකය පිරී ගිය දිනයක් ගෙවනවා වෙනුවට අද දවස ප්‍රීතිමත් ව ගෙවිය හැකි බව ඈ දැන සිටියා ය.අද දිනය පොඩි අක්කාට ද අමතකව තිබීම ඇයට දුකක් වූයේ නැත.සාමාන්‍ය දවස් පවා...
මද්දහනේ හිරු දීප්තිමත් ව පායා තිබිණ.එහෙත් හිරු රැස් චණ්ඩ ලෙස නොදැනෙන්නේ වැව් දිය මුසු සුළඟ නිසා ද නැතිනම් හදවතට දැනෙන සිසිලස නිසාදැයි දිනිඳුට නොවැටහිණ.මේඝා ජනිඳු ගැන දැන ගත් පසු කුමක් වේදැයි සිතද්දී හදවත බියෙන් හිරි වැටී යන බව ඇත්තකි.එහෙත් ඔහුගේ ඇතුළාන්තය සොම්නසකින් පිරී යමින් තිබිණ.බොහෝ කාලයකට පසු හිනැහෙන්නට කාලය...
මේඝා මැදියම් රැය ද පසු වී යහනට වැටුණේ කුඩා ඉනුලි තුරුලේ හොවාගෙන ය.මව අහිමි දැරියක වීමේ කම්පනයෙන් දැවෙමින් තිබූ ඇගේ හදවත කුඩා ඉනුලිට අම්මා වීමට යත්න දැරීමෙන් පසු වඩා සුවපත් වෙමින් පැවතිණ. "ඔයා අම්ම කෙනෙක් නොවී ඉන් නෑනෙ මේඝා.එහෙම වෙච්ච දාකටත් ඉනූට ඔය දෙන ආදරේ නම් දසමෙකින් අඩු කරන්න එපා..එතකොට...
රාත්‍රී සුළඟ හමා ගියේ නිසංසලව ය.සඳපහන යට සැනසිලිදායක රාත්‍රි මිදුලක මේඝා සක්මන් කරමින් හුන්නා ය.නිවසට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති වෙද කුටියේ කටයුතු කාර්යබහුල ය.අද වෙද මහතා ඖෂධ සකසන දිනයක් බැවින් බිනර ද එහි කඩියෙකු මෙන් මෙහෙයක ය.බිනර සැකසූ ෆේස්බුක් ෆෙල්ට් ආට්ස් පිටුවට ආ නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරන්නට තිබුණ ද...
ජනිඳු නිවසට ඇතුළු වූයේම කෝපයෙනි.තාත්තා මුදල් උපයන ආකාරය ඔහුට ගැටලුවක් වූයේ නැත.පිහිනිය හැකි තරමට මූල්‍ය වත්කම් පමණක් පැතූ ඔහු ඒවා පැමිණෙන මාර්ගය ගැටළුවක් කර ගන්නට නොසිතුවේ ය.ඔහු කෝප වන්නේ කාරණා දෙකකට ය.එකක් මේවාට උදව් දී ඒවා ලෝකයෙන් සැඟවිය යුතු මාමා මෙහෙයුමේ ප්‍රධාන නිලධාරියෙකු වීම ය.අනිත් කාරණාව වීරසේකර පවුලේ පුතුන්...
දිනිඳු කොළඹ එන්නට පිටත් වූයේ උදෑසන පළමු හිරැරැස් පෙරිමියන්කුලමට එබෙන්නටත් හෝරාවක් තිබියදී ය.පහව නොගිය නිදිමත සහිත කුඩා ඉනුලි වෙද ගෙදරට රැගෙන ගිය වහා මේඝාගේ කර මත නිදා ගත්තේ තාත්තාට සමු දෙන්නටවත් වගක් නැතිව ය. "අයියා ඇත්තටම ඇයි කොළඹ යන්නේ? ජොබ් එක සම්බන්ධ දේකට ද?" මේඝා ඇසුවේ දෙගිඩියාවෙනි.ඉනුලිගේ අයිතිය ඉල්ලන්නට යා යුතු...
බිනර දෑත් මත හිස ගසාගෙන වැළපෙන දිනිඳු ලෙස බලා සිටියේ හද කකියවන ශෝකයෙනි.සහෝදර බැඳීම් හට ගන්නට ලේ බැම්ම නුවුමනා වග ඔහු උගත්තේ දිනිඳුගෙනි.හදවතින් බැඳුණු සහෝදරයා මේ දිය කර හරින්නේ සය වසරක වේදනාව වග බිනර දැන සිටියේ ය.ඇතැම් විට ඒ සය වසරක වේදනාවම නොව ජීවිත කාලය පුරා දරා ගත් වේදනාවකැයි...