Tag: මල්සර හී සර
සීනිගමයි කන්දෙ විහාරෙයි අතන මෙතන කොතන ගියත් අන්තිමේ කියවුනේ එකම වගේ දේවල්.
“දරුවා පරිස්සමෙන් ඉන්නවා. ඉක්මනට බලලා යන්න ඒවි. එහෙම නැත්තම් පණිවිඩයක් දේවි” කියලා සමහරු කියද්දි තව සමහරු කිව්වේ “හාර මාසයක් යන්න කලින් දරුවා ගෙදර ඒවි” කියලා. “හාර මාසයක් යන්න කලින් එනවා කියන්නෙ ගියේ මොකද කියලා දැනගන්න විදියක් නැද්ද?” කියල...
“තමුසෙට හැබෑවටම ඔල්මාදෙද?” කියලා ජයබාහු මහත්තයා නන්දාගෙන් ඇහුවෙ නන්දා අංජනමක් බලලා ඇවිල්ලා ඒ මනුස්සයා දේවාරූඪෙන් කිව්ව ළඟම කෙනා සමුද්ර වෙන්න පුලුවන් නේද කියල ඇහුවම.
“ඔව් ඔව් මට තමය් දැන් ඔල්මාදේ, ඔයාලා ඔක්කොම හිතාගෙන ඉන්නෙ ඉතින් ඔයාලා හැමෝම හැමදේම දන්නවා කියලනෙ. මෙච්චර කල් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බද? නෑනෙ. ඔය ඔක්කොම වින්නැහි...
ගෙදර යන්න ලෑස්තිවෙලා නන්දා සප්තමීව හෙව්වට මොකෝ සප්තමීගේ හෙවණැල්ලක්වත් මූණට වැටිච්ච නැති කොට තමයි නන්දා මාලවීගෙන් වසන්තගෙන් එහෙම ගිහිල්ලා සප්තමී එයාලා ඉන්න තැනක ඉන්නවද කියන එකවත් බලන්න ආවෙ.
“නෑනෙ මිසිස් ජයබාහු අපි අර කෑම කකා ඉද්දි සප්තමී කෝල් එකක් ඇවිල්ලා ඒක අරගන්න එලියට ගියාට පස්සෙ මම ඇත්තටම එයාව දැක්කෙ නෑ”...
වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හිතුවට වඩා ඉක්මනට ආයෙම ශූටින් යන්න පුලුවන් වෙච්ච එක ගැන සප්තමී උන්නෙ සන්තෝසෙන්. වැඩක් භාරගත්තට පස්සෙ මොකක් හරි හේතුවක් හන්දා ඒ වැඩේ කල් දාන කාරණාව තමන් වෙන එක තමන්ගෙ හිතට හරි නැති හන්දම සප්තමී සනීප වෙලා තනියම වැඩක් පළක් කරගන්න පුලුවන් වෙච්ච් ගමන්ම වගේ ආයෙම...
“ඒ කියන්නෙ කෙල්ල එදා හොස්පිටල් එකේදි එකපාර මං අහපු ප්‍රශ්නෙ ලඟදි නිරුත්තර වෙච්ච එක ගැන මං හිතුව දේ හරි නේද?” කියල අරවින්ද කියද්දි සමුද්‍ර කලේ අරවින්ද දිහාව කෙලින් බලන ගමන් ඔව් කියන්න ඔලුව වනන එක.
“දැන් සප්තමීට ඇයි එකපාර ඔය කේස් එකට ඔය කියන මාලවි කියන ගර්ල්ගෙ සම්බන්ධයක් ඇති කියල...
සප්තමී ගෙදර ආවට මොකෝ කිසිම වැඩක් කරගන්න බැරි හන්දා අම්මටයි දුවටයි දෙන්නටම ඇඳටම වෙලා ඉන්න වෙච්ච හන්දා මාරුවෙන් මාරුවට කැම බීම වලට සපෝර්ට් එක දුන්නෙ කාන්තිලතයි සමුද්‍රයි. වැඩ ඉවර වෙලා ගෙදර යන්න කලින් සප්තමීව බලන්න සමුද්‍ර ඇවිත් ගියා. ශූටින් වලට සප්තමීට එන්න ටික දවසක් යනවා කියල තේරිච්ච හන්දම වසන්ත...
පොලිසියෙ කට්ටිය ඉන්ක්වයරි එකට එද්දි තමයි මාලවී සප්තමීව බලන්න ඉස්පිරිතාලෙට ආවෙ. තනියෙන් නෙවෙයි අම්මත් එක්කම.
“අප්පේ නන්දා අක්කා කිව්ව හැටියට මං හිතුවා දූ අත පය එල්ලගෙන ඇත්තෙ” කියාගෙනම මාලවීලගෙ අම්මා එද්දි සප්තමී කිව්වෙ නැතුවට මොකෝ හිතෙන් ඒත් හිතුවා නෙදකින් කියල. මං අහන්නෙ ලෙඩෙක් බලන්න එද්දි කියන කතන්දරද නේද ඕවා?
“අනේ මට...
සමුද්‍ර ආපහු වතාවක් තමන්ව බලන්න ඉස්පිරිතාලෙට එද්දි සප්තමී උන්නේ ඇඳ උඩ වාඩිවෙලා තමන්ගෙ ඉස්සරහ තියෙන කොට තාප්පෙන් එහා පේන බිල්ඩින් එක දිහා බලාගෙන කල්පනා කරන ගමන්. හැප්පිච්ච, රිදිච්ච, තැලිච්ච තැන්වල වේදනාව දැනෙන එක නතර කරන්න බැරි බව දන්නව උනත් ඒක ගැනම හිතද්දි ඒ වේදනාව තව තව වැඩිපුර දැනෙන හන්ද...
“දැන් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා අරගෙන ආව පේශන්ට්ගෙ භාරකාරයන්ට ඩොක්ටර් කතාකරනවා” කියල නර්ස් ඇවිල්ලා කියනකම්ම සමුද්‍රයි, සප්තමිගෙ තාත්තයි උන්නෙ සප්තමී උන්න තැනින් එලියෙ ඉස්පිරිතාලෙ කොරිඩෝවට වෙලා කඳුලු හලන ගමන්. කකුලෙ ආබාධෙ හන්දා ඉස්පිරිතාලෙට එන්න විදියක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් නිරත්තරයෙන් සප්තමීගෙ සැප දුක අහන්න ෆෝන් කෝල් දෙන් අම්මගෙ...
“ටෙලි ඩ්‍රාමා එකේ ලොකුම කොටසක් දැන් අපි කරගෙන ඉවරයි නේද?” කියල කට්ටිය කතා උනේ උදේ වරුවෙ ශූටින් ඉවර වෙලා දවල්ට කන අතරවාරෙ. සමහර ටෙලි නාට්‍ය කණ්ඩායම් වල නම් සීනියර් අයට එක විදියකටයි ඔය පොඩි චරිත කරන අයට එක විදියකටයි සැලකුවට මොකෝ සමුද්‍ර වියදම් කල හන්දා මිනිහා කලින්ම වසන්තට කියල...