Tag: මල්සර හී සර
සමුද්ර දිහාවට අත දික්කරපු ජයබාහු සමුද්රගෙ කර වටේට අත දාගන්න ගමන් “මෙමෙච්චර දෙයක් කතා කරපු එකේ හදිසියේ යන්නෙ මොකටද? රෑට කාලම” යන් කියල නන්දා දිහාවට ආපහු බැල්මක් දාලා “නේද නෝනේ?” කියලා අහද්දි නන්දා කලෙත් හිනාවෙලා ඔලුව වනලා ඔව් කිව්ව එක.
“අනේ කරදර වෙන්න එපා අංකල්. අනික දැන් ආන්ටිත් බැරි එකේ...
ශවර් එකෙන් වැටෙන සීතල වතුර බිංදු ඇඟ දිගේ ගලාගෙන යද්දිත් සප්තමී කලේ ඇස් දෙක වහගෙන ආයෙ ආයෙම විහාරමහාදේවි පාක් එකේ පාකින් එකේදි කාරෙක ඇතුලෙ මැවිච්ච උණුසුම් ආදරණීය මොහොත ආය ආය මතක් කරන එක. ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක්ගෙ පපුවට තුරුල් වෙලා, තමන්ගෙ දෙතොල් පෙති තමන්ටත් අහිමි කරගත්ත ඒ මොහොත සප්තමීට...
සුමල් ව සප්තමීගෙ බඩු ලිස්ට් එකෙ තියෙන බඩු ටික අරගන්න යවල සමුද්‍ර සප්තමීවත් වාහනේ ඉස්සරහ සීට් එකේ දාගෙන සුරුස් ගාලා කොළඹ පැත්තට ගියේ යන ගමන් මොන මොනව හරි කතාකරන්න කියලා හිතාගෙන. ෆෝන් එකෙන් කොච්චර ඒව කතා කරල තිබ්බත් මෙහෙම ඇත්තටම හම්බුනාට පස්සෙ ඕනම කෙල්ලෙක්ගෙ හිතට එන ලැජ්ජාව ඒ විදියටම...
“මට නම් හරි ලැජ්ජයි ඒ දරුවා මාව මේ තට්ටු ගාණක් උඩට උස්සන් ආව එකට”කියල නන්දා කියද්දි ජයබාහු මහත්තය නෝනා දිහා බැලුවෙ පොඩි කිණ්ඩියකුත් එක්ක.
“මං ඉස්සර ඔයාව උස්සද්දි එහෙම ඔයාට එච්චර ලැජ්ජාවක් තිබ්බෙ නෑනෙ. ඉතින් ඔය අපේ දරුවෙක්ගෙ වයසෙ දරුවෙක් ඔයාව මේ උඩට අරගෙන ආව එකට මොකද වෙන්නෙ?”
“අනේ මේ විකාර...
“ආන්ටි දැන් බෙහෙත් අරගත්ත එකේ පොඩ්ඩක් නිදාගන්න, ආන්ටිට කකුලෙ අමාරුවටත් වඩා ඇත්තෙ බිම වැටිච්ච වෙලේ ඇඟ පත වැදිච්ච අමාරුව” කියලා සමුද්‍ර තමන්ගෙ වාහනේ ඉස්සරහ සීට් එක හොඳටම පල්ලෙහට දාලා නන්දා නැන්දම්මට කකුල දික්කරගෙන පහසුවෙන් යන්න වැඩේ හදලා දුන්නා. හරිනම් ඩ්‍රයිවින් සීට් එකට ඇවිල්ලා වාහනේ දක්කගෙන යන්න ඕන තමන් වුණාට...
“කවුද බං හිතුවෙ එහෙම සීන් එකක් වෙයි කියල. මං සප්තමී විතරක් ඉන්නව කියල හිතල තමයි පිටිපස්සෙන් ගිහින් පිටට තට්ටුවක් දැම්මෙ. මාත් පස්සෙ දැක්කෙ ආන්ටි ඉන්නව, ආන්ටි වෙනදා ආවෙ නෑනෙ ශූටින්. කවුද හිතන්නෙ මෙහෙම දෙයක් වෙයි කියල. සප්තමී දාපු මැසේජ් එක ආවෙ පස්සෙ. සිග්නල් මොකක් හරි ඩ්‍රොප් එකක් හන්ද මැසේජ්...
“මට හිතාගන්න බැරිවුණා අනේ අපේ අම්මා එහෙම කිව්වම. මම කීයටව්ටහ් හිතුවෙ නෑ අම්මට ඇහෙන්න ඇති කියල ඔයා එදා වාහනේ එද්දි හිමින් සැරේ කිව්ව ඒවට” කියල සප්තමී කියද්දි සමුද්රට කියන්න ඉතුරුවෙලා තිබ්බෙ එකම එක දෙයක් විතරයි.
“මාර කන් දෙකක්නෙ අප්පා ඔයාගෙ අම්මට තියෙන්නෙ? මං හෙනම හිමින් නෙ කතා කරේ.කවුද හිතුවෙ අම්මා...
මාලවී සප්තමී එක්ක කතා කරන්න ලං උනේ සමුද්‍රයි, සුමලුයි, තාත්තයි, තුන්දෙනා සාලෙ සෙටියට වෙලයි අම්මල දෙන්න කුස්සියට වෙලයි කතා කර කර ඉද්දි. අම්මා කුස්සියෙදි අරහෙම දෙයක් කිව්වයින් පස්සෙ සප්තමීට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ දැන් සමුද්‍රලා රෑට කෑම කාලා ගියාට පස්සෙ අම්මගෙ මූන බලන්නෙ හරි අම්මයි තාත්තයි අහන ඒවට...
“ඒත් මේ අපේ සංගමේ විතරක් පුතාට මදිවෙයි කියල හිතල මම තව යාලුවෙක්ටත් එන්න කිව්වා” කියල තාත්ත කියද්දි තමන්වත් දන්නෙ නැති ඒ යාලුව කවුද කියන එක සප්තමීටත් ලොකුවටම ප්‍රශ්නයක් වුණා. අම්මගෙන් “ඒ කවුද?” කියලා ඇස් දෙකෙන් අහන්න පුලුවන්කම තිබ්බට මේ සුමල් අයියයි සමුද්‍රයි දෙන්නම ඇවිල්ලා ඉන්න වෙලේ ඒ මිනිස්සු දෙන්න...
“කීයටද ඒ ළමයි එනවා කිව්වෙ?” කියා අම්මා තාත්තගෙන් අහනවා සප්තමීට කාමරේට ඇහෙනවා. සමුද්ර එනවා කිව්වෙ හවස හතට විතර කියන එක ඉතින් අම්මට කියන්න බෑනෙ. එහෙම කිව්වොත් අම්මා අනිවාර්යෙන්ම “ඔයා කොහොමද ඒක දන්නෙ? ඔයාලා දෙන්න කතාකරනවද?” කියලා අහන බව දන්න හන්දම තමයි සප්තමී සද්ද නැතුව උන්නෙ.
“මං ඒත් කතාකරා, හය හමාර...