Tag: මල් පිපුණිද හිම කැළයේ

උදෑසන සම්මුඛ පරික්ෂණය සඳහා තෝරාගෙන තිබුනේ සිල්වියා ක්ලිෆර්ඩ්ගේ නිවහනය. මාලිකා උදෑසනින්ම නිලංගා ඇයගේ නවාතැනින් රැගෙන ආවාය. සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගා වෙතින් ප්‍රශ්න රැසක් ඇසුවාය.පළපුරුද්ද, භාෂා ප්‍රවීණතාවය, හැසිරීම, ආකල්ප සියල්ලම ඇයගේ දැඩි පරීක්ෂාවට ලක්විය.නිලංගා යනු මවාගත් ස්වරූපයකින් පරීක්ෂණයට මුහුණ දෙන්නියක් නොවන බව ඇය අවබෝධ කරගත්තාය.අම්මා බලා ගැනීමේ අභියෝගය ඇය අත තබන්නට...
සිල්වියා ක්ලිෆර්ඩ් උඩුමහලේ ආලින්දයට වී ඈත නොපෙනී යන මෝටර් රථය දෙස බලා උන්නාය. වසර තිස්තුනක් ගතවීත් තමාගේ වදනකට කන් නොදෙනා එකම පුතුගේ මුරණ්ඩුකම ඇය බෙහෙවින් රිදවාලයි. ස්ටීවන් ක්ලිෆර්ඩ්...ස්ටීව් දන්නා කාලයේ පටන් තමා නොසලකා හැරියේය. එය එකට එක කිරීමක්ද පළිගැනීමක්ද කියාවත් සිල්වියා නොදත්තාය.කුඩා වියෙහිදී තමාගෙන් සහ සැමියා ඩැරන් ක්ලිෆර්ඩ්ගෙන් අතහැරුණ...
සමහරක් හමුවීම් ජීවිතයට එක්කකරන්නේ අනපේක්ෂිත වරප්‍රසාදයන්‍ ය.මාලිකා සිරිනන්ද ගේ හමුවීමද එවැන්නක් විය.එහෙත්මාලිකා කෙසේ කීවද තවකෙකු මත එසේ යැපීම නිලංගාගේ ප්‍රතිපත්ති තුළ වූ දෙයක් නොවීය. ඇය හිස දෙපසට සලා මාලිකාගේ සුරත අල්ලාගත්තාය. "නෑ..මාලිකා...මට ජොබ් එකක් හම්බ වෙනවා නම් ශෙයාර්ඩ් රූම් එකක් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් .මට එහෙම ඔයාට කරදර කරන්න...
රාත්‍රිය පුරාම නිසියාකාර නින්දක් නොලද හෙයින් නිලංගා තරමක් දවල් වනතුරුම නිදාගත්තාය. ඇසැරගත්තද හිස බරය.නලල දෙපසින් දැඩි වේදනාවක් මතුව එයි.රාත්‍රියේ නිදාගත්තේද නිරාහාරව හෙයින් යටපත්ව තිබූ ගැස්ට්‍රයිටිස් තත්වයද මතුවෙමින් එයි.නිලංගා ආයාසයෙන් ඇඳෙන් බැස්සාය.මේසය මතවූ වතුර වීදුරුව එකහුස්මට බී බිස්කට් පැකට්ටුවක් මේසය මතින් අතට ගත්තාය.මුලුතැන් ගෙයට යන්නටවත් ගතට පණක් නැතිසේය.තමාටම දොස් පවරාගනිමින්...
කලුගල් බැම්මට එහා පසින් ඇත්තේ කුඩා allotment එකකි.මිදුල් ඉඩකඩ සීමා සහිත පුද්ගලයන් වගාකරන්නට බද්දට ගන්නා වගා බිම් කොටස් මෙහි ඇත.මේ පෙබරවාරියේ ඔවුන් පස පෙරළා වගාවට සකස් කරමින් ඇත.අතීතයේ අත්තම්මාගේ ගමේ ගෙදර එළවලු කොරටුව නිලංගාට සිහිවිය.අත්තම්මාගේ එළවලු කොරටුව ,ගමේ නිවස සිහිවීමම සිතට සුවයක් ගෙනාවද එතනින් එහා සිතුවිලි අප්‍රසන්න කටුක හැඟීම්...
පෙබරවාරියේ අග හෙයින් දිවා එළිය හවස හතරහමාරටත් මැකී නොයා තිබේ. දරාගන්නට අපහසු සීතල දවස් ගෙවී ගොස් අවසානය.දුරකතනයේ කාලගුණ දත්ත වලට අනුව පිටත උෂ්ණත්වය තවමත් සෙල්සියස් අංශක එකොළහක මට්ටමේ ඇති බව නිලංගා තහවුරු කරගත්තේ කාමරයෙන් පිටතට බසින්නට පෙරාතුවය.උණුසුම් ඇඟලුම් තට්ටු ගණන මඳක් හෝ අඩුවීම එක් අතකට මහා පහසුවකි. කාමරයේ දොර අගුළු...