Tag: මුතු බෙලි හදවත

ආදිත්‍යා බෝනික්කියක සේ පෙනුණා ය. දම් පැහැති දිගු උත්සව ගවුමකින් සැරසී සිටි ඕ, සිය ප්‍රථම විවාහය දා සුදු ඔසරියකින් සැරසී තැලි පිළි පළඳා සිටි මොහොතේ වත් මේ තරම් සුන්දරව නොසිටි බව, පවුලේ සිව් දෙනා සේ ම ඇය වෙනුවෙන් ආරාධනා ලැබ පැමිණි සඳසීලී පවා සිතුවා ය. සියල්ලට හේතුව හිතයි. එදා...
ආදිත්‍යා දුමාල් ගේ අතින් මින්දුල ව ගන්නට ගිය ය. නමුත් ඔහු ඊට ඉඩ දුන්නේ නැත. සිටින්නේ හොඳ සිහියෙන් බව ආදිත්‍යා ට හඟවන්නට දුමාල් ට ඕනෑ වන්නට ඇත. කෙසේ වෙතත් ආදිත්‍යා දුටුවේ කෝපයකින් ඇවිලෙමින් හිඳිනා දුමාල් ව ය. ඈ සිය දෑතින් ම ඔහු ව අල්ලා ගත්තා ය. ආදිත්‍යා ගේ උගුර...
දුමාල් දෙස බලා සිටියදී ජයලත් ගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට වූයේ සිය තරුණ විය ය. ඒ කාලේ ඔහු ගේ ඇස් වල වූ බලාපොරොත්තුවේ දීප්තිය වෙනසක් නැතිව දුමාල් ගේ ඇස් වල ද දකිත හැකි ය. නමුත් ඉරණම ජීවිත එක්ක කරන්නේත් සුළු පටු විහිළු නොවන බව ජයලත් දනී. හිත රැඳෙන හැම...
ලලිතා ට සිහිපත් වන්නේ සිය තරුණ කාලය ය. ඒ කාලේ ජයලත් කඩවසම් තරුණයෙකි. ඔහු කාර්යාලයට යන එන දුම්රිය ගමනේ දී කාර්යාල තරුණියක සමග සමීප හිතවත්කමක් පැවැත්වූ අයුරු, අමතක වුණා සේ හිටියා ට ඇය ට කිසි දා අමතක නොවේ. ජයලත් තරුණියක සමග ඇසුරක් පවත්වන බව මුලින් ම ඇය ට කීවේ,...
ශිරෝෂි විවාහ වෙන්නට යන බවක් ගැන හාංකවිසියක් හෝ විකුම් දැන සිටියේ නැත. ඉදිරියට එමින් තිබි මැතිවරණයේ කටයුතුත් එක්ක කාර්ය බහුල වූයෙන් විකුම් ට දින කිහිපයක් ශිරෝෂි හමු විය නො හැකි විණි. ඒ අතරේ මේ තරම් ලොකු දෙයක් වෙන්නට පුළුවන් යයි විකුම් නම් සිහිනයෙනුදු නො සිතුවේ ය. කෙසේ වෙතත් පුවත...
සේනක ට සිය හෘදය සාක්ෂියෙන් ගැලවිය හැකි වූයේ නැත. ඔහු තදින් පසු තැවුණේ ය. විඳවූයේ ය. අත දරුවෙකු දෙස නො බලා ම ඔහු ව ප්‍රතික්ෂේප කොට පලා යා හැකි වූවා ට, උස් මහත් වූ පුත්‍රයෙකු යනු එසේ ඉවත බලා ගත හැකි කෙනෙකු නොවේ. තාත්තා කෙනෙකු හට උස් මහත් වූ...
 දික්කසාද තීන්දුව ලැබිණි. කිසිදු උපද්‍රවයක් සේනකලා ගේ පැත්තෙන් නොවී කඩිනමින් එසේ වීම ගැන ආදිත්‍යා සැනසුම් සහගත වූවා ය. කරදරය සිදු වූයේ තීන්දුව ලැබුණාට පසු දිනයේ ය. බැංකුව වෙත යමින් යමින් සිටියදී දුමාල් ට මැර ප්‍රහාරයක් එල්ල වූයේ ය. ඔහු ගේ මෝටර් රථයට ද බරපතල හානි සිදු කර තිබිණි. දුමාල් වූ...
"මේ තියෙන්නෙ හරි හදිස්සියෙ දික්කසාදෙ ඉල්ලන්න හේතු වෙච්ච කාරණා" දරුවා දෑතින් අල්ලා ගත් යුවළ ඉදිරියේ ඔවුන් ගේ මග හරස් කරමින් සිට ගත් සේනක සමච්චල් ස්වරයකින් කීවේ ය. විකුම් ගේ මුහුණ මත වූයේ තාත්තා ගේ ඒ කතාව ඒ හැටි විශ්වාසයට ගත් බවක් නොවේ. ආමන්තා දිනක් සඳැල්ලට වී අසල්වැසියා සමග හස්ත මුද්‍රාවෙන්...
ගීතා ඒ වෙලාවේ කිසිත් නො කියා මුණිවත රැක්කා ය. නමුත් ඇගේ හිත සුළි සුළඟක් සේ චණ්ඩ ප්‍රචණ්ඩ ස්වභාවයක පැවතිණ. ඇතුළතින් ඇය නො කඩවා දොඩමළු වූවා ය. විලාප තබා හැඬුවා ය. නමුත් පිටතින් ඒ කිසිත් නැතිව පුටුව මත වැතිර සිටියා ය. ඇගේ වත මැළවී ද ඇය තෝන්තුවාවට පත් ව සිටියා...