Tag: මේ ඒ වසන්තයයි

වත්සලා ඉසිනි පිළිබඳව වන වෛරයෙන් තමා පිච්චෙන්නට ඉඩ නොදී සිහියේ සිටින්නට උත්සාහ කලාය.  ඉසිනිට කිනම්  නපුරක්  සිදු කලද, නුරාන් ඇය ඉදිරියෙන් මතු වන බව පෙනේ. ඇය තනි කිරීමට නුරාන් ඉඩ නොදෙන සෙයක් දැනේ. වත්සලා  සිතේ වූ සැලසුම් සඳහා ඇමතුම් කිහිපයක් ලබා ගත්තාය. මෙතරම් කාලයක් නුරාන් තමා සතු ප්‍රේමයේ ගොදුර බවට...
හඬ නොනැගෙන්නට කාමරයේ දොර අඟුලු ලූ නුරාන් අඩි පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉසිනිගේ කාමරය අසලට ආවේය. සීරුවෙන් අඟුල කරකවාගෙන කාමරය තුළට වැඳුණේය. දොර යතුරු ලූවේය. ඉසිනි නිවී නොතිබුණු ජඟම  දුරකතන තිරයේ එළියෙන් නුරාන්ගේ සෙවනැල්ල සොයා ගත්තාය. නුරාන් විදුලි පහන දැල්වූවේය. ඉසිනි සැනින් යහන  මත හිඳගත්තාය." ලයිට් එක ඕෆ් කරන්න ..."" ...
වත්සලා නිවසට ගොස් නාන කාමරය තුලට රිංගා ගන්නා තෙක් උන්නේ ගත දැවෙමිනි. සියල්ල එතරම් වේගයෙන් සිදු වූයේ කෙලෙසින්දැයි ඇයට වැටහුනේ නැත. ඒ දික්කසාද ගැහැණිය නුරාන් ගේ නිවසටම රිංගාගෙන , ඔහුට එතරම් සමීපව සිටින්නේ කෙලෙසින්දැයි තමාගෙන්ම විමසමින් ඕ නාන කාමරය තුල කෑ ගැසුවාය. අම්මාට ඒ හඬ ඇසේතැයි බියෙන් ශවරය උපරිමයෙන්...
පැහැසරා ඉසිනිව අස්වැසුවාය. සවස් වනතුරුම ඉසිනි උන්නේ යහනේ ගුලිවීගෙනය. නුරාන් ද කාමරය තුළට රිංගාගෙනම උන්නේය. දෙදෙනාම ආහාර ගත්තේ නැත. පැහැසරා වදෙන් පොරෙන් ඉසිනිට බත් කටක් කවා බෙහෙත් ලබා දුන්නායම් වත්සලා නුරාන් ට ඇමතුමක් දී නිවෙසට පැමිණෙන විට සවස හතරයි තිහ වී තිබුණි. සාලයේ කෑම මේසය අසල හිඳගෙන දෙදෙනා ගිණුම පිළිබඳව...
සේලයින් ලබා දී ඉසිනිව නිවසට එවීමට වෛද්‍යවරයා කටයුතු කලේය. ඇය යම් කම්පනයක සිටීම නිසාවෙන් ඇතිවූ ශාරිරික දුර්වලතාවයක් මිසෙක, ඇයට රෝගී තත්වයක් නොමැති බව වෛද්‍යවරයා සනාථ කරනතුරු නුරාන් උන්නේ කලබලයෙනි. පැහැසරා  යළි ඉසිනිට ගත දොවා ගන්නට උපකාර කලාය. අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයක් යොදාගෙන තිබුණු නිසා නුරාන් කාර්‍යාලය සහ කර්මාන්තශාලාව වෙත ගියේ...
ඉසිනි ඇහැරුනේ පසුදිනදින උදෑසන නවයත් පසු වූ පසුය.  නුරාන් ඒ වෙද්දීද උන්නේ ඔහුගේ කාමරයේ නින්දේය. එක්වරම සිදුවුයේ කුමක්දැයි සිහි එලවා ගන්නට නොහැකි වූ ඉසිනි යහනේ කෙළින් වී හිඳගෙන වටපිට බැලුවාය. ඊයේ දහවලේ සිට සිදුවූ සියල්ල සැනින් ඇගේ සිත තුළ ඇඳී ගියේය. නෙත් කෙවෙනි උණුසුමක නංවමින් ගලා  ආ කඳුලි රාත්‍රී...
ඉසිනිගේ ගත දොවා ඇයට තම රාත්‍රී ඇඳුමක් අන්දවා  ඇයට යහනේ වැතිරෙන්නට උදවු කලේ පැහැසරාය. ඉසිනි මෙතරම් දුර්වලව සිටින්නේ ඇයිදැයි පැහැසරාටද වැටහුනේ නැත. ඇතැම්විට ඕ මානසිකව දරාගන්නට නොහැකි වෙහෙසකින් සිටිනවා විය යුතුය. පැහැසරා ඇගේ හිස පිරිමැද්දාය. ඉසිනි දෑස් යන්තමින් විවර කර ඕ දෙස බැලුවාය. " රස්නෙන් මුකුත් බීලා ඉමු පැටියෝ ......
නුරාන්ගේ කැබ් රිය නිවසේ මිදුලේ නැවතෙන හඬින් සිව් දෙනාම මිදුලට බැස්සෝය. දිගින් දිගටම පිළිතුරු නොදුන් ජංගම දුරකතනය නිසා ධනුක සූදානමින් සිටියේ නුරාන්ගේ මිතුරන් හමුවන්නට යෑමටය. පැහැසරා ඕ දැන උන් මිතුරන් ඇමතුවාය. රණවීර සිදුවීම  සකෙවින් පැවසු පසු සියලු දෙනා කලේ බලා හිඳීමය. පලමු වරන නුරාන්ගේ පියා අනෙක් තිදෙනාටම ඇසෙන්නට කතා කලේ...
ධනුකගේ සහ නුරාන්ගේ කියවාගැනීම අවසන් වූයේ පැහැසරා බලෙන්ම ධනුක කාමරයට ඇදගෙන ගියාට පසුවය. නුරාන් බිඳකුදු ප්‍රමාද නොවී නිවසින් පිටතට ගියේ කිසිවෙකුට පිළිතුරුන් නොදීය. ඉන් එපිටට කිසිඳු  සිදුවීමක් සඟවන්නට පැහැසරාට හෝ ධනුකට ඉඩක් ලැබුනේ නැත. අම්මා සහ තාත්තාට සියලු සිදුවීම් පවසා අවසාන වෙද්දී අම්මා හැඬූකඳුලෙන්ම පසෙකට වූවාය. " මගේ කොල්ලා යන්තම්...
සිකුරාදා දිනයේ ඉසිනි  ඇරඹුවේ සැහැල්ලුවෙනි. සති අන්තය නුරාන් සමඟින් කොළඹ ගෙවා දමන බලාපොරොත්තුව එක්කය.  එහෙත් උදෑසන එකොළහ පමණ වන විට ආයතනය තුළ යම් කලබලයක් ඇති වන්නට පටන් ගත්තේය. ඉසිනි කැබිනයේ වීදුරු තුලින් ඒ දෙස බලමින් උන්නේ එකිනෙකා වෙත එබෙමින්, විමතිය දනවමින් කුමක් කතා බහ කරන්නේද සිතා ගන්නට නොහැකිවය. මද...