Tag: රන් මල් දම්

මන්දාරම් බිල්පත ගෙවා එන තෙක් නිම්නාවී උන් අසුනේම හිඳ උන්නාය. මන්දාරම් පැමිණ ඕ ඉදිරියේ හිඳ ගත්තේ ඇය වෙත නිල්වන් නෙත් බැල්මක් පාමිනි. නිම්නාවී එහි ගිලී නොසෙල්වී බලා උන්නාය. " තාත්තා එහෙ වැඩ ඉවර කරගන්නකල් මෙහෙම ඉමු ... මම කෝපි දෙකකුයි, ලාවා කේක් එකකුයි ඕර්ඩර් කලා ... ඔන්න ඔහේ බඩටනේ කියලා...
රාජිකා අලහකෝන් අත් අඩංගුවට ගැනීම  නවතා ගන්නට තරම් මඟක් ඩයස් අලහකෝන් ට එක්වරම ලැබුනේ නැත.   තමා බිරිඳ ව් කැටුව එන්නම් යැයි පවසන සිහියක්ද ඔහුට වූයේ නැත . හිතටත්, හිසටත් එක්වරම අකුණක් කඩා වැටුණු බව ඔහුට දැනෙන්නේය. රාජිකා තමා කැටුව යන්නට ඉඩ නොදෙන ලෙස පවසමින් හඬද්දී වුවද, ඩයස් උන්නේ ගල්...
ඩයස්ගේ විරෝධය නොතකාම මන්දාරම් නිවෙස බලා පිටත් වූයේය. නිම්නාවී කිසිත් නොපවසා ගල් ගැසී මෙන් උන්නාය. " හෙට මේ පැත්තේ එන්න පුතා එහෙනම් …ලොකේශන් ශෙයාර් කරගෙනම යන්න නිම්නාවීට …" " හරි අංකල් …" මන්දාරම් නිම්නාවි දෙස යන්තමින් බලා හිස සැලුවේය. නිම්නාවී එය පිළිගත්තේය. ඩයස් කිසිවක් නොදැක්කා සෙයින් නිම්නාවී සමඟ නිවසට ඇතුලු වූයේය. සිදුව...
 රාජිකා පසන්ට ඇමතුමක් ගෙන තම දියණියට හෝ සැමියාට කරදරයක් නොවිය යුතු බව අවධාරනය කලාය. පසන් සහ නිම්නාවී විවාහ කරවීමේ අරමුණින් ද රාත්‍රියේ ඔවුන් යන සාදයේ විස්තර කීවද, දැන් ඇගේ සිතට බියක් දැනෙන්නේය.  ඩයස් නිම්නාවීව පසන්ට රැගෙන යෑමට නොදී යම් කලබලයක් කලහොත්, පසන් ගේ හෙංචයියන් අතින් ඩයස්ට යම් අනතුරක් විය...
" සුදු පුතා ඒ දේවල් ගැන හිතන්න උවමනා නෑ .... ඔයා ඔයාගේ ජීවිතේ පිළිවෙලක් වෙන විදියක් බලන්න ඕනි දැන් .. මට මේ උන්න විදියට ඉන්න පුලුවන් ..." ස්වර්ණා තම තීරණය ගැන මන්දාරම්ට යළි ප්‍රශ්න කිරීමටවත් අවැසි නොවන බව ස්වරයෙහිම දවටා දැම්මාය. මන්දාරම් ඉන් මදක් පසුබෑමට ලක්ව අම්මා දෙස බලා උන්නේය. එහෙත්,...
නිම්නාවී ඇහැරුණාට පසු පැය දෙකක්ම නොසන්සුන්ව ගෙවා දැම්මාය. තාත්ත එදින උදෑසන වරුව නිවසේ සිටින බව පවසා තිබූ නිසා ඕ උදෑසන නිවසේ රැඳී සිටින්නට සූදානමින්ද උන්නාය. තාත්තාගේ වදයෙන් ගැලවීමට නොහැකිවූ නිසා  උදෑසන ආහාරයද ගත්තාය. මන්දාරම්ට රැකියාව අහිමි වී ඇතිදැයි ඔහුටම අමතා දැනගැනීමට සිත නොසෑහෙන්න ඉල්ලා සිටියදීත්, නිම්නාවී යළි යලිත් ඉවසීමම ප්‍රගුණ කලාය.  " පසන්...
මන්දාරම් උන්නේ අපහසුවකය. මේ මැදියමේ හඬා වැටෙන යුවතිය අස්වසන්නට තමා කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තත්පර කිහිපයක් කලු කුහරයකට වැටුනේය. නිම්නාවී හුස්ම ඉහළට අල්ලාගෙන ජංගම දුරකතනය ද සවනට තෙරපවාගෙන උන්නේ මන්දාරම්ගෙන් අස්වැසුම් බසක් බලාපොරොත්තුම වීගෙනය. " ........ ඔයා හිතනවා නම්, මම දඬුවම් වින්දා මදි ඒ කරපු දේට කියලා,...
අවසානයේ මන්දාරම් ඇමතුමක් ගැනීම සඳහා සිත හදා ගත්තේය.  ඒ අතරේ ඔහු චානක  සිටින්නේ කොහෙදැයි විමසා බලන්නටද උත්සුක වූයේය. චානක උන්නේ මිදුලෙහි කවුරුන් හෝ සමඟ ඇමතුමකය. ඒ ඇමතුම  අවසන් වන්නේ නැති බව මන්දාරම් චානකගේ ඉරියව්වෙන් වටහා ගත්තේය. ඔහු පුස්තකාල කාමරයට ගොස් එහි වූ සෙටියේ හිඳගත්තේය.  නිම්නාවී  පුස්තකාල කාමරය තුළ එහි මෙහි...
නිම්නාවී  පියා සමගින්ම නිවසෙන් පිටවූවාය. ඒ සෙත් පසුගිය රැයේ පැවසුවේ කුමක්දැයි දැනගන්නටත් එක්කය.  එහෙත් ඒ සඳහා පිවිසුම ගන්නේ  කෙලෙසින් දැයි ඇට දැන උන්නේ නැත. තාත්තා හා මල්ලි සෙත් පැමිණියේ කුමකට ද යන්න දැන උන්නත්, එය තමාට නොපවසා සිටීම තුළ  කුතුහලයක් වේදනාවත් වැඩි වූවා මිසක අඩුවක් වූයේ නැත. පසන් හා සමඟ ...
රාජිකාගෙන් මන්දාරම්ගේ සේයාරුව සහ අදාලා විස්තරය දැනගත් පසන් දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයට පත් වූයේය. "මට තේරුණ විදියට පුතා ඒ කොල්ලා නිම්නාවී ගැන මොකක් හරි අදහසක් තියෙනවා.. ඔය නිම්නාවීගේ ඇක්සිඩන්ට් එකට සම්බන්ධ ගෙදරනේ..නිම්නාවි එහෙ ගිය මාස දෙක තුනේ මොකක් හරි වෙන්න ඇති .." " ශිට් .. ආන්ටිලාත් පුදුම මිනිස්සු ...නිම්නාවී...