Tag: රන් මල් දම්
නිම්නාවී හිස එසෙව්වේම නැත. මන්දාරම් මෝටර් රිය නැවැත්වූ පසු ඕ වහා ඉන් බැස ගත්තාය. රිදුම් දෙන පාදය ගැන නොසිතාම නිවෙස තුලට ගියේය. දැනෙන්නේ මන්දාරම් සීමා කඩාගෙන තමා අතික්‍රමණය කර ආ බවය. ඒ මදිවාට, පොත් කාමරයේ විදුලි බල්බය අසල ලියූ සටහන අල්වා දෙපැත්ත කැපෙන සේ වන වදන් කිහිපයක්ද කිව්වේය." දැල්වූවානම්...
මන්දාරම් කාමරය පිසදා වීදුරු කටු අස් කලේය. සියල්ල සිදු කර අවසන් වනතුරු නිම්නාවී උන්නේ යහන මතට වීගෙනය.
" ඔහොම ඉන්නවා ... අම්මාට කන්න දීලා එන්නම් මම ... බෙහෙත් විදලා, මැහුම් දාගෙන එන්න වෙයි ...."
මන්දාරම් නිම්නාවීට එලෙස පවසමින් කාමරයෙන් පිටතට යන්නට සූදානම් වෙද්දීම, නිම්නාවී වහා යහනෙන් බසින්නට උත්සාහ කලාය. මන්දාරම් වෙතින්...
පහලොස් වෙනි රන්දම
නිම්නාවී ට සෙනසුරාදාද පැමිනෙන මෙන් මන්දාරම් පවසා තිබුනි. නිම්නාවී ගැන එහෙමට හෝ සොයා බලන්නට ඉදිරිපත් වන පසන් උන්නේ ඉරිදා දින විදෙස්ගත වීම සඳහා සූදානම් වෙමිනි. සෙනසුරාදා ඔහුට මඟ හැරිය නොහැකි හමුවක් යෙදී තිබූ නිසා ඔහු නිම්නාවී ඇමතුවේද නැත. එනිසාම නිම්නාවී කිසිඳු ගැටලුවක් නැතිව උදෑසන පිටත් වූවාය. නිම්නාවී...
දා හතර වැනි රන්දම
මන්දාරම් නිවෙසට එනවිට හතරහමාර වී තිබුණි. නිම්නාවී ඉතා ඉක්මනින් සූදානම් වී, ස්වර්ණාටද වැඳ නිවසින් පිට වූවාය.
" ශෝක් කෙල්ල ..."
මන්දාරම් කාමරයට පැමිණි පසු ස්වර්ණා කීවේ මන්දාරම් තරහ අවුස්සවන්නටත් එක්කමය.
" දැන් අපි අවුල් ?..."
සිතූ ලෙසින්ම ඔහු ස්වර්ණා අසලින් හිඳ ගත්තේ එලෙස විමසමිනි. ඉන් පසුවද ස්වර්ණා දිනය පුරා නිම්නාවී...
දහ තුන් වැනි මල්දමනිම්නාවී උදෑසන වැඩ කටයුතු අවසන් කරගත්තාය. ස්වර්ණාව නෑවීම සිතූ තරම් අපහසු නොවූවද , ඇයට එය නුහුරු වූ නිසා වැඩි කාලයක් ගත විය. ස්වර්ණා ඒ ගැන අවධානයෙන් සිටීදැයි බිය වූ නිසාම , ඕ ඒ බව දැනගන්නට මෙන් ස්වර්ණා සමඟ කතා බස් කරමින් අවධානය බිඳ දමන්නටද උත්සාහ කලාය.උදෑසන...
දොලොස්වෙනි මල් දම
නිම්නාවී දිනය අවසන් කලේ වෙහෙසකිනි. බතක් රයිස් කුකරයේ තබා ඕ වම්බටු තෙල් දැම්මාය. ශීතකරණයේ වූ චිකන් බොරයට සිටින සේ පිසුවාය. ගොටුකොල සම්බෝලයක් සකසා පපඩම් බැද්දාය. ඊලඟ දිනය රාතිය වෙනුවෙන් ආහාර වට්ටෝරුවක් ගලපා ගැනීම අද රැයේ කරමියැයි සිතුවේ ශීතකරණයේ වූ එලවලු දෙස හොඳින් බලා උන් අතරේමය. මන්දාරම් වේලාසන...
එකොලොස්වෙනි මල් දම
නිම්නාවී ස්වර්ණාගේ කාමරයට ඇතුලු වූයේ අවසර ගැනීමකින්ද තොරවමය. ඇමතුමක උන් ස්වර්ණා ඉන් තිගැස්සී යනු නිම්නාවී හොඳින්ම දුටුවාය. ඇයද ඉන් යම් කලබලයකට පත් වූ නමුත්, ඉතා ක්ෂණිකව ස්වරූපය නොවෙනස් වන සේ සකසා ගත්තාය. අනතුරුව තමා කාමරයෙන් පිටත සිටින බවත්, අවශ්‍ය වුවහොත් කතා කරන ලෙසත් ඉඟියෙන් කීවාය. ස්වර්ණා එය...
දහවෙනි රන්දම
චානක සහ මන්දාරම් නිවෙසින් පිටව යන තුරු නිම්නාවී උන්නේ අපහසුවෙනි. චානක පලමුව සමු දුන්නේය. එදින මන්දාරම් පිටව ගියේ එදින වෙනුවෙන් කැඳවා තිබූ අනෙක් හෙදියද පැමිණීමෙන් පසුවය. නිම්නාවීව හඳුන්වා දී ඇයට දිනයේ හෙදකම් පිළිබඳව අවබෝධයක් ලබා දීමෙන් පසුව හෙදියට පෙරලා පිටව යා හැකියැයි මන්දාරම් කීවේය. නිම්නාවීද එයට එකඟ වූවාය....
නම වෙනි රන්දම
අවසානයේදී අම්මා සහ තාත්තාව එකඟ කරවාගන්නට දිලුම්ගේ දීර්ඝ පැහැදිලි කිරීම් සහ පසන්ගේ එක් ඇමතුමකට හැකි විය. නිම්නාවී නිවෙසටම වී හුදෙකලා වී සිටීම නිසා ඇය යම් ඕලාරික ස්වරූපයකින් සිටිනවා යැයි යන සැකය නිසාම පසන් එම තීරණයට එකඟ වූයේය.
" දැන් ආන්ටි නෙක්ස්ට් වීක් මම මැලේශියා ගියාම සික්ස් මන්ත්ස් වගේ...
අට වැනි මල් දම
ගාලු මුවදොර පිටියේ වූ කලබලය අතරේ වුවද නිම්නාවී යම් සැහල්ලුවක් සොයාගෙන උන්නාය. පවුල් පිටින් විත් නේක විධ කඩ කෑම අහුරු පිටින් ගිලින මිනිසුන් දෙස බලමින් ඕ සතුටු වූවාය. එකිනෙකා හා පැටලෙමින් ඇවිද යන, විටෙක පඩියක හිඳගන්නා, තවත් විටෙක තණකොළ බිස්සේ මැදක සිට චායාරූප ගන්නා ප්‍රේමවන්තයන් දෙස...