Tag: වියෝ ගී ගැයෙනා හදේ

මේධා එදා ගෙදර විත් අම්මාටත් තාත්තාටත් සියලුම විස්තර කිව්වේ චිරත් කිව්ව ආකාරයෙන්ම තවදුරටත් මේ දේවල් හංගගෙන ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් වාසියක් වලාකුලුට හැර වෙන කාටවත් ලැබෙන්නෙ නැති බව දන්න හන්දාමය.  “අනේ මන්දා ළමයො අපි කාට මොන වරද කරාටද මෙහෙම කරදර වලට මූණ දෙන්න වෙන්නෙ කියලා. කීයක් කියල පහුගිය කාලෙ අපිට...
“ඒ ප්‍රඩක්ශන් හවුස් එක වලාකුලුගෙ කියල මිනිහා කිව්වට ඒක ඇත්තටම මිනිහගෙ නෙවෙයි. මිනිහා එතන වැඩ කරන කෙනෙක් විතරයි. ප්‍රඩක්ශන් එක අයිති මනුස්සය පිටරට ඉන්න කෙනෙක්. ඒ මනුස්සයා ලංකාවෙ නැති දවස්වලට මෙතන වැඩ ටික බලාගන්න එක සෙට් කරලා තියෙන්නෙ වලාකුලුට. කොහොමහරි ඒ ඕනර් මේ වතාවෙ ලංකාවට ඇවිත් තියෙන්නෙ වලාකුලුට වෙන...
“උඹ ඇයි චිරත්ට එන්න කිව්වේ?” කියා පිටිපස්සෙ සීට් එකේ වාඩි වී ඉදිරිපස රියදුරු අසුනට එහා පැත්තේ වාඩි වී බර කල්පනාවක ගිලී ඉන්න චිරත් දෙස බලමින් මේධා ඇසුවේ ආලෝකාගෙනි. ඒ වදන්වල තරහක්, අමනාපයක් තැවරී නොතිබුන වග මේධාට ස්ථිරය. හිතට තිබුන එකම බර විවාහයෙන් වෙන් වීමෙන් පසුවවත් චිරත්ට තමන්ගේ කරදර වලින්...
“ඔයාට අරයා කතාකරාද?” කියා අම්මා ඇවිත් ඇහුවේ මේධා දිවා හෝ රාත්‍රී ආහාරය වෙනුවෙන්වත් පෙත්මලීගේ ඇඳ ලඟින් හෙල්ලෙන්නේ නැතැයි තීරණය කර තිබුණ හන්දාය.රෑ කෑම සඳහා පුච්චපු පොල් රොටිත් ලුණු මිරිසුත් බටර් ටිකකුත් පිඟානක තබාගෙන ආ අම්මා එය මේසය මතින් තබා ඇසුවේ කුමක්ද කියන එක ගැන හිතාගන්න බැරි තැනම මේධා අම්මා...
පෙත්මලීට අනතුරෙන් සිදු වූ කම්පනය නිසාවෙන් සිහි නැති වී ඇති බව දැනගන්න එක හිත රිදවන දෙයක් උනත් “බයවෙන්න එපා, ඉන්ටර්නලි ඩැමේජ් එකක් නැහැ. තව දවස් කීපෙකින් බබාව ගෙදර අරගෙන යන්න පුලුවන් වේවි” කියා වෛද්‍යවරයා කියද්දී මේධාත් චිරතුත් එය භාරගත්තේ වඩා සැනසුම් සහගත හැඟීමකිනි. “ඔයාට දරුව බලාගන්න අමාරුයි නම් මම බලාගන්නම්”...
“අනේ චිරත් බබා වැටිලා එයාට හොඳටම සිහිය නෑ” කියා මේධාගේ දුරකතන ඇමතුම එද්දී චිරත් උන්නේ නවාතැනේ සිට රෙස්ටුරන්ට් එක දක්වා යන්නට සූදානම් වෙන ගමන් ය. මේධා අඬමින් කිව්ව දේ ඇත්තටම චිරත්ට මුලින් පැහැදිලි උනේ නැත. එහෙත් ඒ ඇඬුම්බර වදන් අස්සෙන් බබා කියා කියවෙනු ඇසෙද්දී මේධා හඬන්නෙ පෙත්මලීට කුමක් හෝ...
පෙත්මලීගේ කවුන්සලින් සෙශන්ස් අවසන් වීමත් එක්ක මේධාටත් චිරත්ටත් දැනුනේ වෙනදාටත් වඩා තමන්ගේ දෙමව්පිය භූමිකාව දැන් භාරදූර වී ඇති බවකි. පෙත්මලී දැන් සතුටෙන් ඉන්නවා උනත් පෙත්මලී වනාහී සිතෙන් ලෙඩ වී බොහොමයක් දුක් විඳ පරිස්සමෙන් ආයෙම හොඳ තැනකට අරගෙන ආ දරුවෙකු බව අමතක කරන්නට චිරත්ටත් මේධාටත් පුලුවන් උනේ නැත. ඒ නිසාම...
48 “හෙලෝ මිස් මම කතාකරන්නෙ මේ බෑන්ක් එකෙන්. මිස් අර ගත්ත ටූ මිලියන් ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට්ස් දෙකක් පෙන්ඩින් තියෙනවා. කොහොමද මිස්ට පුලුවන්ද ඇවිත් ඒක පේ කරන්න? එහෙම නැත්තම් අපි මිස්ගෙ අකවුන්ට් එකකින් ඒක හෝල්ඩ් කරගන්නද?” කියා කාර්‍යාලයේ වැඩ දාහක් අස්සේ හිර වී ඉද්දී බැංකුවෙන් ආ ඒ දුරකතන ඇමතුම මේධාව තිගස්සවන්නට...
“මං දන්නෙ නෑ බං. මට ඇත්තටම කියන්න තේරෙන්නෙ නෑ. මං වලාකුලුට කැමැතියි. කැමතියි නෙවෙයි ඇත්තටම මම මාරම කැමැත්තකින් හිටියා. ඒ උනාට මේ පෙත්මලීගේ ප්‍රශ්නෙ වෙච්ච වෙලාවෙ මට හිතිච්ච දෙයක් තමයි වලාකුලුව මගෙ ජීවිතේට ලීගල් විදියට සම්බන්ධ කරගන්නවා කියන්නෙ දැන් අපේ ජීවිත ඇතුලෙ චිරත්ට තියෙන ඉඩ තව සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙනවා...
“උඹ ඉතින් හැමදාම මං ළඟට අඬාගෙන එන්නෙ වෙන්න ඕන ඔක්කොම වුණයින් පස්සෙනෙ” කියා ආලෝකා කියද්දිත් මේධා උන්නේ ආලෝකාගේ ගෙදර සාලයේ මේසයක් මත හිස තබාගෙන කල්පනා කරන ගමන් ය. කියන්න වෙන හිතවත් යැයි කියන්නට හැකි යාලුවෙක් නැති හන්දාම ආලෝකා හොයා එනවා ඇර වෙන කරන්න දෙයක් මේධාට එවෙලේ මතක් උනේ නැත....